• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පස්ස දොරෙන් ආදරේ පන්නන දස දෝෂ…

October 19, 2021
in Astrology, Exclusive, Kendaraya
Reading Time: 3 mins read
A A
පස්ස දොරෙන් ආදරේ පන්නන දස දෝෂ…
Share on WhatsAppShare on Facebook

වසර ගණනාවක් ආදරේ කරලා ළඟින් ඉඳලා විවාහ වන අයත් සතියෙන් දෙකෙන් වෙන්වෙලා යන අවස්ථා අනන්තවත් අහන්න දකින්න ලැබෙනවා. එනිසා නොගැළපෙන දෙන්නෙක් කොයි තරම් ලොකුවට මංගල උත්සව ගත්තත් කොයි තරම් ලොකු ප්‍රබලයන් සාක්ෂියට අස්සන් කළත් ඒ විවාහයේ නොගැළපීම් යට ගහන්න බැහැ. ඒවා සතියෙන් දෙකෙන් නැත්නම් මාසෙකින් එහෙමත් නැත්නම් වසරකින් දෙකකින් හෝ ඉස්මතු වෙලා එනවා. විශේෂයෙන්ම විවාහයක පැවැත්ම සඳහා බලපාන්නේ පවුල් බලය, ජනප්‍රියත්වය, ධනය, දේපළ නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම දෙදෙනකුගේ ලිංගික ශක්තිය, හැඟීම් හා ඒ සම්බන්ධව පවතින රුචි අරුචිකම් සමානව පවතින්නට අවශ්‍යයි. එවිට තමයි දෙදෙනාට සාර්ථක බැඳීමක් ගොඩනගාගන්නට ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, දෙදෙනාගේ දැනුම බුද්ධිය වගේම අදහස්වලත් සමානකම් ගැළපීම් තියෙන්නම ඕනෙ. ආර්ථික කටයුතු වගේම දෙදෙනාම අරපිරිමැස්ම ගැනත් දැනසිටිය යුතුමයි. මේ සියලු කාරණා ගැන උනන්දු වන අතරේ වඩාත් සැලකිලිමත් විය යුතු විවාහ දෝෂ ගණනාවක්ම ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.

කෙසේ නමුත් මේ දෝෂ දුටු පමණින් කලබලවී තීන්දු වෙනස් කළ යුතුම නැහැ. ඒ ගැන හොඳින් අවධානය යොමුකළ යුතුයි. මොකද මේ දෝෂ භංග වන විදියේ ග්‍රහ පිහිටීම් ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම කෙනකුගේ කේන්දරයක දෝෂ අනෙකාගේ ග්‍රහ පිහිටීම් නිසා භංග වන අවස්ථාත් තිබෙනවා.
වඩාත් සැලකිලිමත් විය යුතු විවාහ දෝෂ
• අඟහරු දෝෂය (මෙය කුජ දෝෂය, භෞම දෝෂය, අංගාර දෝෂය ලෙසද හඳුන්වයි)
• ශනි මංගල දෝෂය
• කඩහන්දි මාරක දෝෂය
• නාශංශක දෝෂය
• විෂ කන්‍යා දෝෂය
• වැන්දඹු දෝෂය
• සරාගී දෝෂය (මෙය අධිධාවන කාම යෝගය ලෙසද හඳුන්වයි)
• බහු විවාහ දෝෂය
• බඳ දෝෂය
• අවිවාහක දෝෂය

මෙම දෝෂ පිළිබඳ මූලික අවධානය යොමු කිරීම සිදුවුවද මෙයට අමතරව තවත් දෝෂ රාශියක් ජ්‍යොතිෂයේ සඳන් වෙයි. ඒවා එතරම් බලවත් නොවන නිසා ඉහත සඳහන් දෝෂ පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා සිටීම වැදගත් වෙයි.

අඟහරු දෝෂය

මෙය නම් කිහිපයකින් හඳුන්වන දෝෂයකි. අඟහරු දෝෂය, අංගාර දෝෂය, මංගල දෝෂය, භෞම දෝෂය යන නම් ඒ අතර ප්‍රධාන වෙයි. මෙම දෝෂය යෙදෙන්නේ අඟහරු ග්‍රහයාගේ පිහිටීම අනුවයි. ඒ අනුව කේන්දරයේ 1,2,4,7,8,12 යන භාවයක අඟහරු ග්‍රහයා තැන්පත් වුණාම මෙම දෝෂය ගෙනදෙයි. කෙසේ නමුත් අඟහරු දෝෂය එකම විදියට හැම කෙනකුටම බලපාන්නේ නැහැ. ඒ වගේම අඟහරු දෝෂය තදින්ම බලපාන්නේ අඟහරු 7 වැනි භාවයේ තැන්පත්ව ඉන්නවා නම් පමණයි. ඒ වගේම අඟහරු 7 පිහිටීම ලග්න දොළහටම බලපාන විදියත් එකිනෙකට වෙනස්. බලවත් වූ ගුරු සමග හෝ චන්ද්‍රයා සමග කුජ සංයෝග වෙලා ඉන්නවා නම් මේ දෝෂය භංග වෙනවා. ඒ වගේම එක කේන්දරයක කුජ දෝෂය යෙදිලා තිබෙන තැන අනිත් කේන්දරයේ බලවත් සඳු හෝ සිකුරු ඉන්නවා නම් අර දෝෂය භංග වෙනවා. ඒ වගේම කුජ 7 ඉන්න කෙනකුට කුජ 7 ඉන්න අය හොයන එකත් මෝඩකමක්. එහෙම අයට ගැළපෙන්නේ සිකුරු හෝ සඳු හතේ ඉන්න කේන්දරයක් පමණයි.

ශනි මංගල දෝෂය

කුජ සෙනසුරු සමග සංයෝග වෙලා ඉන්නවා නම් එයින් ශනි මංගල දෝෂය යෙදෙනවා. මෙයට කුජ ශනි යෝගය කිලයත් කියනවා. කුජ ඉන්න තැනින් හත්වැනි භාවයේ සෙනසුරු ඉන්නකොටත් මේ දෝෂය යෙදෙනවා. කේන්දර දෙකේම කුජ ශනි යෝගය යෙදිලා තියෙනවා නම් දෝෂය භංග වන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඒ වගේම සඳු සිකුරු බලවත්ව 7 වැන්නේ ඉන්නවා නම් මේ දෝෂය භංග වෙනවා.
කෙසේ වුවත් කුජ ශනි යෝගය පුරුෂයන්ට වඩා කාන්තාවන්ට අසුබ වෙනවා. මේ යෝගය යෙදෙන කාන්තාවෝ සැමියාට දෙවැනි වෙන්න අකැමැතියි. ඒත් එම තත්ත්වය පාලනය කරගත හැකි නම් ගැටලුවක් නොවී පවුල් ජීවිතය ගතකරන්න පුළුවන්.

කඩහන්දි මාරක දෝෂය

දෙදෙනාටම වසරක් ඇතුළත එකම ග්‍රහයකුගේ මහ දශාවක් ලබනවා නම් එය කඩහන්දි මාරක දෝෂයයි. මෙය මාරක දෝෂයක් ලෙසත් සැලකෙන නිසා තරමක් අවධානය යොමු කළ යුතු කරුණක් වනවා. දෙදෙනාටම එකවර අසුබ පල ලැබීම යුගදිවියකට හොඳ නැහැ. එක් අයකුට අසුබ වෙද්දී අනෙක් අයට සුබ වෙනවා නම් තමයි සාර්ථක යුගදිවියකට වැදගත් වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් දෙදෙනාටම රාහු මහ දශාව ලැබුවොත් දෙන්නාම ඔළුව නැති වැඩ කරන්න ගන්නවා. එවිට දරු පවුලම අමාරුවේ වැටෙනවා. එනිසයි මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුත්තේ.

නාශාංශක දෝෂය

මෙම දෝෂය යෙදෙන්නේ ගුරු, පුනාවස, විසා, පුවපුටුප යන නැකැත්වල ප්‍රථම පාදයේ ගමන් කරන විට උපත ලැබුවාම සහ සෙනසුරු පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වල දෙවැනි පාදයේ ගමන් කරන විට උපත ලැබුවාමයි. ඒ වගේම සිකුරු, බෙරණ, පුවපල්, පුවසල යන නැකැත්වල තුන්වැනි පාදයේ ගමන් කරද්දි උපත ලැබුවාමයි.
එම අවස්ථාවලට අමතරව රවි, කැති, උත්‍රපල්, උතුරුසල නැකැත්වල ගමන් කරද්දි උපත ලැබුවාමත් මෙම දෝෂය යෙදෙනවා. යම් කේන්දරයක නාශාංශක ග්‍රහයෙක් 7 වැන්න අධිපති වුණාමත් එම ග්‍රහයෙක් 7 ඉන්න විටත් මෙ දෝෂය යෙදෙන බව පැවැසෙනවා. කෙසේ නමුත් කේන්දරයක නාශාංශක දෝෂය යෙදී තිබෙන තැන අනෙක් කේන්දරයේ සඳු බලවත් වෙලා ඉන්නවා නම් මෙම දෝෂය භංග වෙනවා.

විෂ කන්‍යා දෝෂය

මෙම දෝෂය ක්‍රම කිහිපයකට යෙදෙනවා. එනම් දොළොස්වැනි තිථිය යෙදුණු ඉරිදා දිනයක අස්ලිය, කැති, සියාවස යන නැකැත්වලින් ඉපදීම. දිවක තිථිය යෙදුණු අඟහරුවාදා දිනයක සියාවස නැකැතින් ඉපදීම. සතවක තිථිය යෙදුණු අඟහරුවාදා දිනයක සියාවස හෝ විසා නැකැතින් ඉපදීම, සතවක තිථිය යෙදුණු සෙනසුරාදා දිනයක කැති නැකැතින් ඉපදීම, ශනි ලග්නයේ හෙවත් පළමුවැන්නේ රවි, පස්වැන්නේත්, කුජ නවවැන්නේත් සිටින විට මේෂ ලග්නයෙන් ඉපදී ශනි ලග්නයේත්, කුජ කේතු හයවැන්නේත් සිටින විට, මේෂ ලග්නයෙන් ඉපදී කුජ ලග්නයේත්, රවි රාහු හයවැන්නේත් සිටින විට, සිංහ ලග්නයෙන් ඉපදී ශනි ලග්නයේත් රවි කේතු හයවැන්නේත් සිටින විට, සිංහ ලග්නයෙන් ඉපදී කුජ රාහු ලග්නයේත් රවි ශනි දසවැන්නේත් සිටින විට විෂ කන්‍යා යෝගය යෙදෙනවා. මෙය ස්ත්‍රීන්ට පමණක් යෙදෙන දෝෂයක් වන අතරම ලග්නාධිපති ලග්නයේ සිටීම නිසා මෙම දෝෂය භංග වන බවද ජ්‍යොතිෂයේ සඳහන්.

වැන්දඹු දෝෂය

වැන්දඹු දෝෂය සමාජගතවී ඇත්තේ කණවැන්දුම් දෝෂය ලෙසයි. ස්ත්‍රී පුරුෂ කේන්දර දෙකේම වැන්දඹු දෝෂ යෙදෙන්නට පුළුවන්. ස්ත්‍රී කේන්දරවල යෙදෙන වැන්දඹු දෝෂ පුරුෂ මර යෝග ලෙසටත්, පුරුෂ කේන්දරවල යෙදෙන වැන්දඹු දෝෂ ස්ත්‍රී මර යෝග ලෙසටත් හඳුන්වන්න පුළුවන්.

බහු විවාහ දෝෂ

බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ බහු විවාහ දෝෂ කිව්වාම එයින් සිදුවන්නේ එක් විවාහයකට වඩා විවාහ සිදුකර ගැනීම කියලයි. ඒත් නීතියෙන් විවාහ නොවී බොහෝ පිරිසක් සමග කායික සබඳතා පවත්වන අයගේ කේන්දරවල බහු විවාහ දෝෂ පෙන්නුම් කරනවා.

සරාගී දෝෂ

සීමාව ඉක්මවා අසාමාන්‍ය ආකාරයෙන් කාමාශාවන් ඇතිකිරීම සරාගී දෝෂය ලෙස සැලකේ. ඒ වගේම විකෘති කාමාශාවන් ඇතිවීමත් මෙම දෝෂයට අයත්. යම් ලෙසකට විවාහ වන කෙනකුගේ කේන්දරයේ මෙම යෝගය තිබුණොත් එම විවාහය වැඩි කල් පවතින එකක් නොවන්න පුළුවන්.

වඳ දෝෂ

දරු පල අහිමි කරවන දෝෂ තමයි වඳ දෝෂ ලෙසින් හඳුන්වන්නේ. ලිංගික හැකියාව දුර්වල කරන යෝගත් මෙම දෝෂයටම අයත් වෙනවා. වඳ දෝෂ බොහෝ වෙලාවට යෙදෙන්නේ පස්වැනි භාවය හරහායි. බොහෝ දුරට දෙදෙනකුගේ දරු පල සම්බන්ධව ජ්‍යොතිෂවේදීන් අවධානය යොමු කරන්නේ වෘක්ෂ පොරොන්දම හරහායි. එහිදීත් දෙදෙනාටම කිරි වෘක්ෂ යෙදුණොත් දරුපල අහිමි කෙරෙන බවයි පැවැසෙන්නේ.

අවිවාහක දෝෂ

විවාහ වීමේ භාග්‍යය මුළුමනින්ම අහිමි කරවන යෝග මෙම ගණයට අයත් වේ. අවිවාහක දෝෂ ඇත්නම් ඒ අයට විවාහයක් හෝ විවාහයකින් තොර ඇසුරක්වත් ලැබෙන්නේ නැහැ. මේ යෝග බොහෝ විට යෙදෙන්නේ 7 වැන්න ආශ්‍රිතවයි. මෙම ඕනෑම දෝෂයක් බල රහිත කරන්න පුළුවන් ඉතා සාර්ථක ක්‍රමවේද පාරම්පරිකව පැවැත එනවා. වසර දහස් ගණනක් පැරැණි ඉතා සාර්ථක ක්‍රමවේදයකුත් සොයාගෙන තිබෙනවා.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

‘උඹ විතරක් සතුටින් හිටියට වැඩක් නෑ! මිනිස්සු දුකින් මුදාගන්න උඹේ මුලු ජීවිතයම කැප කරපන්!’ විජය ලියුමකින් කියපු කතාව විමුක්ති පුතා ඉටු නොකළේ ඇයි?

Next Post

යොහානි බොලිවුඩයට පය තියයි! අජේ දේව්ගන් එක්ක සුපිරි වැඩකට සෙට් වෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.