• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බේරගත්ත තාත්තාට දෙමළ අන්තවාදී තර්ජන! රටේ නම ලෝකෙට ගෙනිච්ච දුවට සිංහල අන්තවාදී තර්ජන!

October 13, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
රට බේරගත්ත තාත්තාට දෙමළ අන්තවාදී තර්ජන! රටේ නම ලෝකෙට ගෙනිච්ච දුවට සිංහල අන්තවාදී තර්ජන!
Share on WhatsAppShare on Facebook

යොහානි පෙරේරා මේ වන විට මුළු ලෝකයේම කතාබහට ලක්ව ඇති ගායිකාවකි. අද වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුද නිරන්තරයෙන් ඇය පිළිබඳව කතා කරන ආකාරය දක්නට ඇත. එසේ වුවද, ඇයට හිමි විය යුතු නිසි ගෞරවය මේ දක්වා හිමිව ඇද්දැයි යන්න ගැටලුවකි.

යොහානිගේ මැණිකේ මගේ හිතේ ලොවපුරා ජනප්‍රිය වූයේ ඉතාම කෙටි කාලයකිනි. ඊට හේතු වූයේ එම ගීතයට ඉන්දියාවේදී හිමි වූ ජනප්‍රියත්වයය. නමුත් එම අවස්ථාවේදීද ඇය පිළිබඳ නියමාකාරයේ කතාබහක් මෙරට තුළ නිර්මාණය වූයේ නැත.

ජනතාවාදී පුවත්පතක් ලෙස මව්රට මුල් අවස්ථාවේ සිටම යොහානි පිළිබඳ ඉඩ කඩ වෙන් කිරීමට අමතක කළේ නැත. යොහානි පිළිබඳ මෙරට ජනතා අවධානය ඇති කරවීමට අප මුල් අවස්ථාවේ සිටම ක්‍රියා කළ ආකාරය ඔබේ මතකයේ ඇතිවාට සැකයක් නැත. රටට අත්කර දුන් කීර්තිය සම්බන්ධයෙන් ඇයට ස්තුතිය පළ කිරීමට තරුණ කටයුතු අමාත්‍යවරයා හෝ කටයුතු නොකළ පසුබිමක දැන් යොහානි පිළිබඳ පාර්ලිමේන්තුවේ පවා කතා කරන තැනට පත් වීම සැබවින්ම සතුටට කරුණකි.

සංගීත දිවිය ආරම්භ කළ දිනයේ සිටම යොහානි පැමිණියේ ගල් මුල් බහුල වූ ගමනකි. ඇයට මෙරට තුළ එල්ල වූ විවේචන අති විශාලය. සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනකු ඇය සමච්චලයට ලක් කරන ආකාරයද දැක ගත හැකි විය. නමුත් ඒ කිසිවක් මායිම් නොකරමින් තම ගමන ගිය යොහානි ඒ සියලු දේට පිළිතුරු සපයා ඇත්තේ තමන් සතු හැකියාවෙනි.

එහෙත් දැන් ඇයට එල්ල වී ඇති අභියෝගයද සුළුපටු නොවන එකකි. දක්නට ලැබෙන ආකාරයට එම අභියෝගය එල්ල වී ඇත්තේ දෙයාකාරයෙනි. පළමු අභියෝගය දෙමළ ඩයස්පෝරාවෙනි. යොහානි පෙරේරා නැමැති ශ්‍රී ලාංකික ගායිකාව බටහිර ලෝකයට ඇතුළු නොකරවන ලෙස දැන් දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තර බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇත.

ඒ සඳහා ප්‍රධාන හේතුව වන්නේ ඇයගේ පියා වන ප්‍රසන්න ද සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු වීමය. යොහානිගේ පියා ශ්‍රී ලංකාවේ උතුරුකරයේ දමිළ ජනතාව ඝාතනය කළ තැනැත්තෙකු වීම හේතුවෙන් ඇයගේ ජාත්‍යන්තර ගමනට බාධා කළ යුතු යැයි යන්න දෙමළ ඩයස්පෝරාවේ මතය වී ඇත. ඒ හේතුවෙන් සෑම ශ්‍රී ලාංකිකයෙකුම මේ අවස්ථාවේ ඇය වෙනුවෙන් පෙනී සිටිය යුතුව ඇත.

එහෙත් අවාසනාවට කරුණ වන්නේ ඇය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට ඇයගේ ගමනට බාධා කිරීමට අපේ රටේ ඇතැම් කොටස්ද ක්‍රියාකරමින් සිටීමය. දෙමළ ඩයස්පෝරාවේ බාධාවට අමතරව ඇයට අනෙක් බාධාව එල්ල වී ඇත්තේ තම උපන් බිමෙන්මය. ඒ බව වඩාත් හොඳින් පැහැදිලි වූයේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයත් සමඟිනි. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නලින්ද සිල්වා මහතා පවසා තිබුණේ යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය ජනප්‍රියත්වයට පත් කිරීම තුළින් ඉන්දියාව සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දරන බවය.

“ඉන්දියාවේ මැදිහත් වීමෙන් මැණිකේට නිලමේ කෙනෙක්” යන ශීර්ෂය ඔස්සේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා දීර්ඝ සටහනක් පළ කර තිබිණි.

“එක් පැත්තකින් මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය කරලා. මා ජනප්‍රිය වෙලා යන්න වෙනුවට ජනප්‍රිය කරලා යන්න යොදා ගන්නවා. යොහානි ද සිල්වා මේ දිනවල ඉන්දියාවේ. තවත් පැත්තකින් ඉන්දියාවේ විදේශ ලේකම් මේ දිනවල ලංකාවේ. අපි ඔහුට ත්‍රිකුණාමලයට යාපනයට යන්න ගුවන් පහසුකම් සපයනවා. ඉන්දියාව මොකාට ද එන්නෙ කියන ප්‍රශ්නය නැවතත් අහන්න වෙනවා.

සිදුහත් කුමරු ඉපදුණේ අද කියන හැටියට නම් නේපාලයේ. එදා දඹදිව කියමු. අප දඹදිව කියන වචනය යොදා ගත්තොත් අපට කියන්න වෙන්නෙ දඹදිව උපන් අපේ මිතුරන් වන්නේ සිදුහත් කුමරු හා මිහිඳු හිමියන් පමණයි කියන එකයි. විජයගේ සිට වත්මන් ඉන්දීය පාලකයන් දක්වා අප යටත් කර ගැනීමට උත්සාහ දරන පිරිස්. බොහෝ අවස්ථාවල ඔවුන් සාර්ථක වී තිබෙනවා.

බටහිරයන් හා ඉන්දියාව ක්‍රියා කරන්නේ මේ ආණ්ඩුව පලවා හැර ඔවුන්ගේම වූ ආණ්ඩුවක් පිහිටුවීමට. ඒ සඳහා ඔවුන් සරත් ෆොන්සේකා හා මෛත්‍රිපාල සිරිසේන යොදාගත් පරිදිම ජාතිකත්වයක් ගෑවුණු අයකු යොදා ගැනීමට ඉඩ තියෙනවා. ඒ සඳහා දැනටමත් ඔවුන් ක්‍රියාත්මක වෙනවා.

යොහානි ද සිල්වා ඉන්දියාවේ ජනප්‍රිය කරන්නේ එහි මූලික පියවරක් ලෙස. ඇය අවුරුදු විසිඅටක පමණ කාන්තාවක්. ඇය කාන්තාවක් වුවත් මැණිකේ කෙනකු ගැන ගයනවා. ඇය මෙරට හමුදා නිලධාරියකුගේ දියණියක්. සිංහලයන් අතර ඇගේ ගීතය ජනප්‍රිය වුණේ නැහැ. එහෙත් ඇයට හමුදා නිලධාරියකුගේ දියණිය ලෙස සිංහලයන් කැමති වේවි.

ඉන්දියාව කල් යල් බලා ඇය දේශපාලන අතකොළුවක් කර ගැනීමට ඉඩ තියෙනවා. මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය කෙරෙව්වේ අමිතාබ් භච්චන් වැන්නන් ලවා. ඉන්දියාවේ වීරයන් වන්නේ නළු නිළියන් ගායක ගායිකාවන් හා ක්‍රිකට් ක්‍රීඩකයන්.

කලකට ඉහත හොකී කණ්ඩායමත් වීරයන් වුණා. ඒ ඉන්දියාව ලෝක හොකී ශූරයන්ව සිටි අවධියේ. ලංකාවේ වීරයන් නැහැ. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ. මැණිකේ හරහා ඉන්දියාව තවත් සරත් ෆොන්සේකා කෙනකු මෛත්‍රිපාල සිරිසේන කෙනකු බිහි කිරීමට සූදානම් වෙනවා. අප පරෙස්සම් විය යුතුයි. විශේෂයෙන්ම ආණ්ඩුවත් සමග කලකිරී සිටින ආණ්ඩුවේ ඉන්න යම් ජාතිකත්වයක් ඇති පිරිස් පරෙස්සම් විය යුතුයි. ආණ්ඩුවේම ඇතැමුන්ගේ වැඩ නිසා ව්‍යාජ සිංහල නායකත්වයකට මතුවෙන්න පුළුවන්. අප මැණිකේට ඉන්දියාවට අවශ්‍ය නිලමෙ කෙනෙක් හොයා දෙන්න සූදානම් විය යුතු නැහැ.”

ඒ නලින්ද සිල්වා මහතාගේ සටහනින් උපුටා ගත් කොටස් කිහිපයකි.

යොහානි ඉන්දියාවේ අතකොළුවක් බවට පත් වේවි යැයි උපකල්පනය කරන මහාචාර්යවරයා ඒ සටහනේ කොතැනක හෝ යොහානිගේ පියා වන මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට කැපවීම හේතුවෙන් දෙමළ ඩයස්පෝරාවද ඇයට එරෙහි වී ඇති බව සිහිපත් නොකිරීම පුදුමයට කරුණකි. එවැනි රණවිරුවෙකුගේ දියණියක වෙනත් රටක අතකොළුවක් බවට පත් වේ යැයි මහාචාර්යවරයා සිතීමද විමතියට කරුණකි.

යොහානිගේ පියාණන් වන ප්‍රසන්න ද සිල්වා මහතා තිස් වසරක් පුරා පැවැති යුද ජයග්‍රහණයට කැපවූ ඉදිරි පෙළේ සාමාජිකයෙකි. එහෙත් යුද ජයග්‍රහණයෙන් අනතුරුව යුද හමුදාවේ ඉදිරි පෙළ සාමාජිකයන් බොහෝ දෙනකු දේශපාලනය, තානාපති සේවය වැනි කටයුතු සඳහා යොමුවද්දී, ප්‍රසන්න ද සිල්වා මහතා ඉතාම ගරු කටයුතු ආකාරයෙන් තම විශ්‍රාම දිවිය ගත කිරීමද කැපී පෙනෙන කාරණාවකි. සැබවින්ම යොහානි පිළිබඳ කතාබහ නිර්මාණය වනතුරුම ප්‍රසන්න ද සිල්වා මහතා ගත කළේ අප්‍රසිද්ධ පෞද්ගලික ජීවිතයකි.

ප්‍රසන්න ද සිල්වා මහතා යනු මෙරට කොමාන්ඩෝ බල සේනාවේ මුල් පෙළේ සාමාජිකයෙකි. අනතුරුව විශේෂ බලකා බලසේනාධිපති ලෙස මාවිල්ආරු මුදාගැනීමට පෙරමුණ ගත් ඒ මහතා යුද්ධයේ අවසන් අදියරේදී 55 වැනි සහ 59 වැනි සේනාංකාධිපතිවරයා ලෙස යුද ජයග්‍රහණය වෙනුවෙන් ඉටු කළ මෙහෙය සුළුපටු නැත.

අද දෙමළ ඩයස්පෝරාව යොහානිට එරෙහිව අවි අමෝරා ඇත්තේ ඒ හේතුවෙනි. ඒ සමඟම මෙරට නිදහස් අධ්‍යාපනයේ ඉහළටම ගිය මහාචාර්යවරුනුත් මේ ආකාරයෙන් ඇයට එරෙහි වීම සැබවින්ම කනගාටුවට කරුණකි. මහාචාර්ය නලින් ද සිල්වා මහතා යනු අවස්ථා කිහිපයකදී මෙවැනි ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන් කතාබහට ලක් වූ පුද්ගලයෙකි. ඒ ඇතැම් අවස්ථාවල ඔහු සමාජය ඉදිරියේ හාස්‍යයට ලක්වන ආකාරයද දැක ගත හැකි විය.

මහාචාර්යවරයා මේ අවස්ථාවේද උත්සාහ කරන්නේ එවැනි ආකාරයේ කටයුත්තකට බව අපේ අදහසය. ඉන්දියාවේ දේශපාලන වුවමනාකම් ඉදිරියේ රජයේ වැඩපිළිවෙළ විවේචනය කිරීම වෙනුවට ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය තරුණියක විවේචනය කිරීම මහාචාර්යවරයෙකුට කෙතරම් උචිතදැයි යන්න විමසා බැලිය යුතුය.
එසේ වුවද, වරින් වර විවිධාකාරයේ ප්‍රකාශ සිදු කරන මෙවැනි මහාචාර්යවරුන්ගේ මතයට එකතුව යොහානිට එරෙහි වීමට අපේ රටේ ජනතාව සූදානම් නොමැති බව අපේ විශ්වාසයය. යොහානි තවදුරටත් ජාත්‍යන්තර ජය ගැනීමට ශක්තිය ලබා දීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුම සූදානම බවද අපට විශ්වාසය.

මේ අතර පසුගියදා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ යොහානිට සුබ පැතුම් එක් කර තිබිණි. මේ සටහන අවසානයට සරත් ෆොන්සේකා මහතාගේ එම සටහන එකතු කිරීමට තීරණය කළේ ප්‍රසන්න ද සිල්වා යනු කවුරුන්දැයි දැන ගැනීමට ඊට වඩා සුදුස්සෙක් නොමැති වීම හේතුවෙනි.

“යොහානි දුව, මගේ උණුසුම් සුභ පැතුම්!

විශේෂ බලකා බලසේනාධිපති ලෙස ඔබේ පියා 2006 එවක කර්නල් ප්‍රසන්න ද සිල්වා වව්නියාවේ සිට කල්ලාර් වෙත මා කැඳවන්නේ මාවිල්ආරු නිදහස් කර ගැනීම සඳහායි. 2006 අගෝස්තු 3 වැනිදා මා ප්‍රසන්නට සතියකින් මාවිල්ආරු නිදහස් කරගැනීම සඳහා විශේෂ බලකායට ලබාදුන් නියෝගයෙන් පසු පාබල, කාලතුවක්කු, කමාන්ඩෝ රෙජිමේන්තු හා ගුවන් හමුදාවේද සහාද ඇතිව අගෝස්තු 10 වැනිදා “ජලය යුද සාධකයක්” ලෙස එදා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යොදා ගත් මාවිල්ආරු සොරොව්ව යුද හමුදාව විසින් මුදාගත් අතර ප්‍රභාකරන්ට “මානුෂිය සාධක” යුද මෙවලම් කර නොගන්නා ලෙස පළමු පාඩම එදා ඉගැන්වීය.

මාවිල්ආරුවලින් පසු සාම්පුර්, වාකරේ, කදිරවේලි, වෙරුගල් ඇතුළු නැගෙනහිර පළාතේ ත්‍රීමලයේ සිට මඩකලපුව දක්වා සියලු මෙහෙයුම්වලදී කර්නල් ප්‍රසන්න ද සිල්වා මා භුමියේ විශේෂ බලකා මෙහෙයුම් අණ දීමට කැඳවු අතර ඔබේ පියාට මා නැගෙනහිර ක්‍රියාන්විතයේදී යම් විවේකයක් දුන්නේ තොප්පිගල මෙහෙයුමේදී.

ඒ වගේම අවසන් සටනේ 55 හා 59 සේනාංකාධිපති ලෙසත් සටන් බිමේදී ප්‍රසන්න දැක්වූ උපක්‍රමශීලී, කාර්යශුර හා සාමූහික අභිලාෂය සඳහා වූ වීරත්වය හා නායකත්වය හා එමගින් යුද හමුදාව ලබා ගත් ජයග්‍රහණ එදා පියා මෙන් අද ජ්‍යාතන්තර සංගීත වේදිකාවේදී, දුව ඔබ විසින් ලබා ගැනීම ඔබ අපේ මව්රටට ලබා දෙන්නේ විශාල කීර්තියක් හා ජයග්‍රහණයක්.

-ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා-

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රෝහිත ක්‍රිකට් පිටියට බහී! අද කළුතර පුහුණු තරගයක!

Next Post

බද්දේගම තේ වතු බලන්න ගිය සජිත්ව ජනතාව වට කරගනී! සිලෝන් ටී වට්ටන කුමන්ත්‍රණයකුත් එළියට එයි! (PHOTOS & VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.