• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ අවුරුදු 3 තීරණාත්මකයි! විමල් යළි ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරයි!

October 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගුරු වැටුප් වැඩිවෙන හැටි විමල් පියවරෙන් පියවර පෙන්වා දෙයි! ෂයිලොක්ලා නොවී මේක පිළිගන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ගෙවී ගිය වසර දෙක තුළ ආණ්ඩුවෙන් සිදුවූ අඩුපාඩු, වැරදි හා නොවිය යුතුව තිබූ දේවල් නිවැරදිව තේරුම් ගනිමින්, නිවැරදි තක්සේරුවක සිට කටයුතු කළහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනීම ආණ්ඩුවට ඉටුකරගත නොහැකි දෙයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ අද(11) මොරටුව කටුබැද්දේ පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පැවති කුඩා පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන් පිරිසක් සවිමත් කිරීම සඳහා මහන මැෂින් ලබාදීමේ වැඩසටහනකට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.”අවිධිමත් ආකාරයට, සුදුස්සන් නිසි ලෙස තෝරා නොගෙන බෙදාදෙමින් තිබූ මෙම මහන මැෂින් එසේ නාස්ති වීම නතර කරලා අපට පුළුවන් වුණා ඇත්තටම ඇගලුම් කර්මාන්තයේ යෙදෙන, ඒ සඳහා අපේ සහයෝගය ලැබිය යුතුව තිබෙන පිරිසට ඒවා ලබාදීමට. ඒ අනුව අද දිනයේ ඔබට සවියක් වෙමින් අපි මහන මැෂින් 120ක ප්‍රමාණයක් ලබා දෙනවා. අපේ රටේ කාන්තාව අද ආර්ථික ක්‍රියාදාමයේ ප්‍රබල කොටස්කාරියක්ව සිටිනවා. එවැනි පිරිසකට තම කර්මාන්තය ප්‍රබලව කරගෙන යාමට මෙසේ සහයෝගය ලබාදීම තුළින් අපි විශ්වාස කරනවා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවෙන අතර හොඳ තත්වයේ නිමි ඇඳුම් භාවිතා කිරීමේ අවස්ථාව අපේ රටේ පොදු ජනතාවට ලැබෙන බව. ලෝක ආර්ථිකයේ බිඳවැටීමඅපේ ආණ්ඩුව බලයට පත්ව වසර දෙකකට ආසන්නයි.

2019 ජනාධිපතිවරණයෙන් මාස දෙකකට පමණ පසුවයි කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර ගියේ. එම වසංගතය විසින් ලොව පුරා සියලු දේවල ක්‍රියාකාරිත්වය අඩපණ කරනු ලැබුවා. එමඟින් අප වැනි රටවල පමණක් නොවෙයි ලෝකයේ ඉතා ප්‍රබල ආර්ථිකයන් තිබූ රටවල ද ආර්ථිකයන් බිඳවැටුණා. නැව් ගාස්තු ඉහළ ගියා. නිෂ්පාදන අඩාල වුණා. අපි දන්නවා නිෂ්පාදනය අඩාල වුණාම සිදුවන දේ තමයි ඊට සමගාමීව නිෂ්පාදනයන්හි මිල ඉහළ යාම.අපේ රට ගත්තත් සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. එම බිඳවැටීම ඇරඹුණේ සහරාන්ලාගේ ත්‍රස්ත ප්‍රහාරයේ සිටයි. ඒ නිසා අපේක්ෂිත ආර්ථික වර්ධනය ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටටත් අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. දැන් නව සාමාන්‍ය තත්ත්වය යටතේ අප රට විවෘත කර ගෙන සිටියත් කුමන මොහොතේ හෝ මෙම වසංගත අභියෝගය යළි අප ගිල ගනීවිද, යන සැකය අපි කාටත් තුරන් කිරීමට බැහැ.

‘ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක’

කෙසේ වුවත් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ අපේ රජය මේ දෙවසරක ගමන පිළිබඳව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සිදු කරමින් සිටින මොහොතකයි මේ තමුන්නාන්සේලා අමතන්නේ. අපෙන් සිදු වූ වැරදි අඩුපාඩු හා නොවිය යුතුව තිබූ දේවල් මොනවාද, කියන එක හරියට තේරුම් අරන්, තක්සේරු කරලා ඉදිරියට ගියොත් මේ ඉදිරි වසර තුන තුළ මේ රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනාගැනීම ඉටුකරගත නොහැකි කරුණක් නොවෙයි. එතැනදී අපි අවංක විය යුතුයි. ජනතාව සිතන ආකාරය තේරුම් ගත යුතුයි. එහිදී අපි මහජනයාගේ අපේක්ෂාවන්ට මුල්තැන දී වැඩ කළ යුතුයි. එසේ නොවුණහොත් අපි කොයිතරම් අතීතය දෙස හැරී බලා නිවැරදි කියවීමක් සිදු කර ගත්තත් භාවිතයේදී අපට ජය ගැනීමට පුළුවන් වෙන්නේ නැහැ.

පාස්කු ප්‍රහාරයත් සමග ඇති වූ අනාරක්ෂිත බව, තර්ජනය නිසා තමයි පොදු ජනතාවට වුවමනා වුණේ ශක්තිමත් පාලනයක් පිහිටුවීමට. විවිධ ආගම්වාදී, ජාතිවාදී කල්ලි මත යැපෙන්නේ නැති, ඒ අය ගහන පදයට නටන්න වන්නේ නැති, ජාතික ආරක්ෂාව සහ වෙනත් ඕනෑම ජාතික අභිලාෂයක් වෙනුවෙන් ගතයුතු තීරණ නොගෙන කර අරින්නේ නැති, පාලන්තන්ත්‍රයක් තමයි මේ රටේ පොදු ජනතාව එදා අපේක්ෂා කළේ. ඒ මගින් මේ රට ආරක්ෂා කරගන්න පමණක් නොවෙයි, යහපත්, ආදර්ශවත් දේශපාලන සංස්කෘතියක් මේ රට තුළ නිර්මාණය කර ගැනීමත් ඔවුන් බලාපොරොත්තු වුණා. පොදු ජනතාවගේ අපේක්ෂාවන් සමග සෙල්ලම් කිරීමට අපට අයිතියක් නැහැ .මහජනයා අප කෙරෙහි තබා තිබෙන විශ්වාසයට පිටුපාන්න අපට අයිතියක් නැහැ. ඒ විශ්වාසය අඩු වන විදියට නොවෙයි වැඩි වන අන්දමට වැඩකිරීමේ අභියෝගය තමයි අපි සියලුදෙනා ඉදිරිපිට තිබෙන්නේ.

වසංගතයක් සමඟ ජීවත් වීමට සිදුවීම නිසා අපි අතින් ආණ්ඩුවක් ලෙස කළ යුතුව තිබූ යම් යම් දේවල්. මග හැරී තිබෙනවා. ඒ වගේම විශේෂ අවධානය යොමුකර කළ යුතුව තිබූ දේවල් නොවී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කර ගැනීමට අපට තවමත් කල් තිබෙනවා. ඉදිරියට තිබෙන වසර තුන, ජනතාව අපෙන් බලාපොරොත්තු වූ වෙනස ප්‍රායෝගිකව සිදු කරලා පෙන්වීමට තිබෙන වසර තුනක්. ‘කොවිඩ් එන්නත දියුණු රටවල ගහලා ඉවර වුණාට පසුව තමයි ලංකාවට එම එන්නත ලැබෙන්නේ’ කියලයි ඇතැමුන් කීවේ. නමුත් එන්නත්කරණය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටවල් 10 අතර අද ශ්‍රී ලංකාව සිටිනවා. අපි රට යළි සංචාරක ව්‍යාපාරයට විවෘත කරන විට ලෝකයේ සංචාරක ව්‍යාපාරයට සුදුසුම රටවල් 05න් එකක් තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා අපි අමාරුකම්, අඩුපාඩු මැද්දේ සමහර අංශවලින් අභියෝගය ජයගෙන තිබෙනවා. ඒ වගේම සමහර අංශවල ප්‍රගතිය ගැන අපට සතුටු වීමට පුළුවන් කමක් නැහැ.

ඒ නිසා මහජන වරමින් තේරී පත්වූ පාලනතන්ත්‍රයක් ලෙස අප සියලුදෙනාටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා, පවතින අඩුපාඩු නිවැරදි කරගෙන මේ රට ජයග්‍රාහීව ඉදිරියට ගෙන යන්න.ඔබ දන්නවා මා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ගෙවී ගිය වසර දෙක තුළ ඔබ සමග කටයුතු කළේ ඉහත කී පොදු පරමාර්ථ ජයග්‍රහණය කරවීමටයි. එලෙසම මේ රටේ ඇත්ත කර්මාන්තකරුවා බලගැන්වීමට සහ ඔහු මුහුණ දී සිටින ගැටලුවලට පිළියම් යෙදීමටයි. ඒ වෙනුවෙන් අපි අපේ ක්‍රියාකාරීත්වය පෙරටත් වඩා බලගන්වා ඉදිරියට ගෙන යන බව සහතික කරමින් අද මේ මහන මැෂින් ලබාගන්නා ඔබ සියලුදෙනාට එමගින් අපේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට යෝධ දායකත්වයක් ලබා දීමට හැකි වේවා’යි පතනවා”මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා නිලධාරීහු ද එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ජනාධිපතිවරයා ආණ්ඩුවේ කැරලිකාර පක්ෂ දහයේ විරෝධය සතපහකට ගණන් අරන් නෑ!

Next Post

බීලා බෙන්ස් එකේ මහ රෑ ගිහින් හප්පගත්ත දෙල්කඳ අනතුරේ සීසීටීවී එළියට එයි! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.