අනුරාධපුර, නුවරවැව අසළදී ථූපාරාම දාගැබේ නිදන් කොට තිබියදී සොරා ගන්නා ලද බව කියන කිලෝ 22 බර බුදු පිළිමයක් රුපියල් ලක්ෂ හැටකට අලෙවි කිරීම්ට සූදානම් වූ පුද්ගලයන් තිදෙනකු කහටගස්දිගිලිය දිවුල්වැව කෝමාරිකාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි .
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 40, 43 හා 45 යන වයස්වල පසුවන මිහින්තලය හා කහටගස්දිගිලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
ඔවුන් අද(10) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.










