• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ රටේ විපක්ෂනායකයා මිනිස්සු මැරෙනවට කැමැති කෙනෙක්!

October 10, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
අපේ රටේ විපක්ෂනායකයා මිනිස්සු මැරෙනවට කැමැති කෙනෙක්!
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රටේ මිනිස්සු මැරෙනවට කැමැති අයකු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ගෘහ ආර්ථික සහ පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ ජලජීවී වගා ව්‍යවසායන් ක්‍රියාත්මක කිරීමේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 09-10-2021 වන දින කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාවෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලටල පිළිතුරු ලබා දුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෙමීතෙමී ගොවීන් ළඟට යෑම සම්බන්ධයෙන් රජයේ මතය කුමක් දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා

විපක්ෂනායකතුමාට ආබාධයක් තියෙනවා . එතුමා උදේට පෙත්ත ගහපු නැති දවසට ගිහිල්ලා කුඹුරට බහිනවා. පාර්ලිමේන්තුව හිටගන්නවා. ඉතින් ඒක අලුත් දෙයක් නෙමෙයි. මේ රටේ මිනිස්සු මැරෙනවා දකින්න කැමති විපක්ෂ නායකවරයෙක් තමයි සජිත් ප්‍රේමදාස. ඒක අපි පිළිගන්න ඕනා දෙයක්. කුඩේ බිමට බා ගෙන ගිහිල්ලා තෙමෙනවා. මිනිස්සු වෙනුවෙන් තෙමන් තෙමෙනවා කියලා පෙන්වන්න තමයි ඒවා කරන්නේ. ඒවා නිකං චිත්‍රපටි ජවනිකා විදියට තමයි අපි දකින්නේ. පොහොර ප්‍රශ්නය ගැන අපි ගොවීන්ට කියනවා කිසිදු අවිශ්වාසයක් තියාගන්න එපා කියලා. පොහොර ප්‍රශ්ණය විසඳීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළට අපි අතගහලා තියෙන්නේ. ඒ වගේම ගොවි මහත්තුරුන්ට කියනවා ගොවිතැන් කරන්න කියලා. ඔවුන්ට ගොවිතැනින් පාඩුවක් සිද්ධ වුනොත් අපේ රජය ඒ පාඩු විඳදරාගෙන වන්දි ගෙවනවා ගොවීන්ට. විපක්ෂය රටේ වෙන මතයක් ගොඩනගන්න හදන්නේ. ඒක නිසා අපි රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් අරන් තියෙනවා. ඒ නිසා අපේ රජය මේ රටේ ගොවි ජනතාවත් එක්ක එකතුවෙලා මේක අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා .

කිරිපිටි හිඟය සහ කිරිපිටි මිල පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා

මේ ඔක්කොම තාවකාලික ප්‍රශ්න. කිරිපිටි තාවකාලික ප්‍රශ්නයක්. සිමෙන්ති තාවකාලික ප්‍රශ්නයක්. ගෑස් තාවකාලික ප්‍රශ්නයක්. මේ කොවිඩ් අර්බුදයට මුහුණ දීලා අපි නොමැරී ජීවත් වුණේ එක ඇති. අපි දන්නවා අපේ ඩොලර් සංචිතය අඩුවුණා. ප්‍රශ්න ඇති වුණා. හැබැයි මේ රජය මිනිස්සුන්ට මැරෙන්න ඉඩ දුන්නේ නැහැ. මේ ඔක්කොම තාවකාලික ප්‍රශ්ණ. මිල පාලනය ඉවත් කරලා තියෙන්නේ. ඉදිරි දවස් කිහිපය තුළ දී ඇති වෙන්න කිරිපිටි එයි. ගෑස් එයි. මේ ප්‍රශ්ණ කොවිඩ් නිසා ඇතිවුන තාවකාලිකව ප්‍රශ්න පමණයි

සමගි ජන බලවේගය හතරට පහට කැඩිලා. ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය සමගි ජන බලවේගයට චෝදනා කරනවා යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා

ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය විතරක් නෙමෙයි , විපක්ෂ නායකවරයාගේ තියෙන අදක්ෂකම් එතුමගේ නැති පරිණතභාවය පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලදි අපි දැක්කා. විපක්ෂනායකයාගේ අදක්ෂකම් නිසා විපක්ෂය පිපිරුණා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒක නිසා තමයි විපක්ෂය දැන් ඉරිතලලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම පිපිරෙනවා. ඒ නිසා තමයි එතුමා වැස්සේ ගිහිල්ලා තෙමි තෙමි ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා මේ ජවනිකාවල යෙදෙන්නේ. ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න නෙවෙයි තමන්ගේ විපක්ෂ නායකකම බේරගන්න තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා මේ උත්සහ කරන්නේ. එතුමා ඡන්ද දෙකක්ම පැරදිච්ච විපක්ෂ නායකවරයෙක්.

පළාත් සභා ඡන්දය ළඟ එනවා දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා

රටේ ඡන්ද තියන්න ඕනා. ඡන්දයක් තියෙනවා කියන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙනවා කියන එකයි. ඡන්දයක් ආපුහාම මේගොල්ලන්ගේ තියෙන ඔය කයිවාරු ඔක්කොම නතර වෙනවා. ඡන්දයක් නැති හින්ද තමයි ඔය කෑ ගහන්නේ. දැක්කනේ කොවිඩ් කාලෙත් පාර්ලිමේන්තුව අරින්න කිව්වා. උසාවි ගියා. මීටරයේ දුර තියලා ඡන්දය තිබ්බොත් දවස් තුනක් ඡන්දය තියන්න වෙනවා කිව්වා. අන්තිමේ දී අපිට තුනෙන් දෙකේ බලයක් රටේ ජනතාව ලබා දුන්නා. ඒ නිසා ඡන්ද තියන්න ඕනා.

ගිය සතියේ කොට්ඨාශ වලට මුදල් වෙන් කලා. සමහර ලේකම්වරු මහ ඇමති කමට තරඟ කරන්න සූදානම් වෙනවා යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා

කොට්ඨාශ වලට මුදල් වෙන්කිරීම ඡන්දයක් සඳහා නොවෙයි. ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීමට තමයි මුදල් වෙන් කරලා තියෙන්නේ. කවුරුහරි හිතනවනම් එහෙම කලේ ඡන්දේ තියන්නේ කියලා ඒක අමූලික බොරුවක්. අපි ඡන්දෙකට ඕනේ වෙලාවකට ලෑස්ති ආණ්ඩුවක්. අපිට අමුතුවෙන් මුදල් වෙන් කරන්න දෙයක් නෑ. එදා තිබුණ ආර්ථිකය නෙමෙයි අද තිබෙන්නේ. එදා තිබුන ජාතික ආරක්ෂාව නෙමෙයි අද තිබෙන්නේ. ජාතික ආරක්ෂාව තහවුරු කරලා තිබෙනවා. ශක්තිමත් රජයක් ලෙස අතිගරු ජනාධිපතිතුමා රට මෙහෙයවලා තියෙනවා. ඉතින් මේ බංකොලොත් වෙච්ච දේශපාලනඥයෝ, බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ, මහජන දේපල හොරා කන්න දීපු දේශපාලන පක්ෂ, මහජන දේපල හොරාකාපු දේශපාලන පක්ෂ, මහ බැංකුව හොරාකාපු දේශපාලන පක්ෂ, මේවා මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ. රටේ ජනතා බලාගෙන ඉන්නේ අපි මේ කොඩිඩ් වසංගතයෙන් සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කරලා මේ රට දියුණු රටක් බවට පත් කරන්නේ කවදාදා කියලා. රටේ ජනතාව බලාපොරොත්තු වන ඒ දියුණුව අපිට ගේන්න පුළුවන් වෙයි කියලා අපි සහතිකයක් දෙනවා .

විදුලි බලාගාර ඇමරිකාවට පවරාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

ඇමරිකාවට කිසිම දෙයක් පවරා දීලා නැහැ. මේ ආයෝජකයෝ. විදුලි බිලේ ගාස්තුව අඩු වෙනවා නම්, දකුණු ආසියාවෙන් වැඩිම විදුලි බිල එන්නේ ලංකාවෙන් නම් එය අඩු වෙනවා නම් ඒක කොච්චර හොඳ දෙයක්ද, මේ අඩු වීම තමයි මෙයාල පෙන්වන්නේ ඇමරිකාවට දුන්නා කියලා. මෙයාලා මේ සරුංගලයක් මවන්නේ. මේ තීන්දුව නිවැරදියි. ජනාධිපතිත්‍රමා ඉතා නිවරදි තීන්දුවක් අරගෙන තියෙන්නේ. අපි මේ මේ අවස්ථාවේදී සතුටු වෙන්න ඕනේ කොඩිඩ් අර්බුදය තිබියදීත් මේ රටට ආයෝජකයන් පැමිණීම සම්බන්ධව. විපක්ෂය කියන්නේ ආයෝජකයන් මේ රටේ මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් තියන්නේ නැහැ කියලා. නමුත් දැන් අපේ රටට ආයෝජකයන් එනවා. ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන භාගයක ණයක් දුන්නා පාරවල් හදන්න. ඒ නිසා මේ රට ගැන ඔවුන් විශ්වාස කරලයි ඉන්නේ. විපක්ෂය මේ විශ්වාසය ගැන නොපෙන්වා මේ විශ්වාසය පළුදු කරන කතා තමයි විපක්ෂය විසින් ගොඩ නගන්නේ.

මෙම උත්සව අවස්ථාවට විසිතුරු මසුන් , මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

එක රැයෙන් රටම අවුස්සපු රජගෙදර බාලයාගේ පූසාගේ වටිනාකම මෙන්න!

Next Post

එඩ්වඩ් කුමාරයාගේ ගල් බංකුවේ බීපු දයානන්දට ගිනි තිබ්බාද? නැත්නම් ගිනි තියාගත්තාද?

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.