ඇමති බන්දුල ගුණවර්ධනට එරෙහිව, පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු රංජිත් විතානගේ ප්‍රබල චෝදනාවක් එල්ල කර සිටියි.
ඔහු පවසන්නේ, ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථා සදහා මුව ආවරණ මිලදී ගැනීමේ දී දැවැන්ත වංචාවක් වන බවයි.
අදාල වංචාව නම්, මිලදී ගන්නා සෑම මුව ආවරණයකින් ම රුපියල් දෙකක මුදලක්, ඇමති බන්දුල ගුණවර්ධනට අයත් ප්‍රඥා බන්දු නම් අරමුදලට බැර වන බවයි.
මෙම කරුණ සනාත කිරීම සදහා තමන් සතුව සාක්ෂි පවතින බවද රංජිත් විතානගේ මහතා පවසයි.
එළැඹෙන සදුදා දිනයේ දී මේ සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවද ඒ මහතා පවසයි.
ශී‍්‍ර ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව විසින් මිලදී ගන්නා මුව ආවරණ සතොස හරහා මහජනතාවට අලෙවි කිරීම සිදු කරනු ලබයි.











