• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

මහා දූෂණයක්! බරපතළ වගන්ති 4ක් උල්ලංඝනය කරලා! රට පාවාදීලා! ආණ්ඩුව ගෙනා අයම ආණ්ඩුවට එරෙහිව අල්ලස් කොමිසමට යයි!

October 9, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මහා දූෂණයක්! බරපතළ වගන්ති 4ක් උල්ලංඝනය කරලා! රට පාවාදීලා! ආණ්ඩුව ගෙනා අයම ආණ්ඩුවට එරෙහිව අල්ලස් කොමිසමට යයි!
Share on WhatsAppShare on Facebook

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීමේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බරපතළ වගන්ති හතරක් උල්ලංඝනය කර ඇති බව ජාතික සංවිධාන එකමුතුව නම් සංවිධානය පවසයි.

මෙම ගිවිසුම විශාල දූෂණයක් බවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව කැබිනට් අනුමැතියකින් තොරව එය සිදුකළ නොහැකි බවත් ඔවුහු පවසති.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය.

බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන පිරිස් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

විශේෂත්වය වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී මෙම පිරිස ආණ්ඩුවට සහය දුන් අය වීමය.

“අපි මේ පෙත්සම අල්ලස් කොමිසමට ඉදිරිපත් කරළා තියෙන්නේ. අපි දකින්නේ මේක විශාල දූෂණයක් හැටියට. මේ LNG ගිවිසුම ටෙන්ඩර් කැඳවන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව, කැබිනට් අනුමැතියකින් තොරව සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන්ම වගේ ඉදිරිපත් කරපු ගිවිසුමක්. ඒ වගේම මේක ඇත්ත වශයෙන්ම දූෂණයක්. මේකෙන් දූෂණයට අමතරව අපගේ ස්වෛරීභාවයට විශාල හානියක් සිදුවෙනවා. මොකද මේ ගිවිසුම මගින් ඇමරිකාව අපේ විදුලිබල ශක්තිය අතට අරගෙන එයාලට ඕන වෙලාවක එවා නිෂ්ක්‍රීය කරල අපිව දන ගස්සන්න පුළුවන්. ඒ වගේ භයානක දෙයක් මේ ගිවිසුම මගින් සිදු වෙනවා” යැයි බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

“අපි දැන් ඉන්නේ ගිනි කන්දක් උඩ. අපේ රට දැන් තියෙන්න තුන්කොන් බලවේගයකට මැදි වෙලා. එහෙම තියන වෙලාවක මේ වගේ දෙයක් ඇමරිකාවට දීම මහා භයානක දෙයක්. මේක තුන්වැනි ලෝක යුද්ධයක් කරා යන්න මුල් වෙන්න පුළුවන්. එම නිසා අපි කියනවා ආණ්ඩුවට මේක වහාම අකුල ගන්න කියලා” යැයි මේ අවස්ථාවට එක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා සිටියේය.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එක් වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා “අපේ පැමිණිල්ලට පදනම වන්නේ ඔහු මූලිකත්වය ගෙන කැබිනට් එක නොමඟ යවා කැබිනට් එකට අත්සන් කරපු ගිවිසුම පවා ඉදිරිපත් නොකර මේ LNG බලාගාරයේ කොටස් විකිණීම සහ ගෑස් සැපයීමේ කොන්ත්‍රාත් සහ යටිතල පහසුකම් කොන්ත්‍රාත් විදේශීය සමාගමට ලබාදීම. එතැනදී ඔහු වැරදි හතරක් කරලා තියෙනවා. අල්ලස් දූෂණ පනත 70 වගන්තිය යටතේ රජයට පාඩු සිදුවන ආකාරයට පළවෙනි වරද තමයි. මෙය යුගදනවි බලාගාරයට අදාල කොටස් විකිණීමේදී මේ රටේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් තමයි එහෙම කරනවා නම් කරන්න පුළුවන්. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් නොකර එහෙම කොටස් විකිණීම නිසා රජයට පාඩු සිදු වෙනවා.දෙවැනි කාරණය ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ ගෑස් යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුව එකට ගැට ගසා එක සමාගමකට දීම. ඒ නිසා රජයට පාඩු සිදු වෙනවා. තුන්වැනි කාරණය මේ ගෑස් ගබඩාව පොළවේ පාවෙන ගබඩාවට අතිරික්ත ධාරිතා ගාස්තුවක් ගෙවන්න අවුරුදු පහකට එකඟ වෙනවා ඩොලර් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක්. එහෙම ගබඩාවක් මිළදී ගන්න පුළුවන් ඩොලර් දෙසීයකට. හතරවෙනි කාරණාව තමයි අපට අවශ්‍ය ගෑස් ප්‍රමාණයට වඩා ගෑස් ප්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වීම. ඒ නිසා අපි භාවිතයට නොගන්නා ගෑස් වලටත් අපට මුදල් ගෙවන්න සිදුවෙලා. ඒ නිසා මේ ආකාරයට මේ ගිවිසුම් අත්සන් කිරීම මගින් භාණ්ඩාගාර ලේකම්වරයා රජයට පාඩු සිදු කළකරලා තියෙනවා. ඒ නිසා ඔහු අල්ලස් අල්ලස් හා දූෂණ පනතේ 70 වගන්තිය උල්ලංගනය කරලා තියෙනවා” යි සඳහන් කළේය..

SendShareShare
Previous Post

හෙට සිට පෝලිමේ නැතිව කිරිපිටි ගන්න පුළුවන්! හැබැයි රුපියල් 250ක් වැඩි වෙලා!

Next Post

අලුත් පනතක් සම්මත නොකර මොන ක්‍රමයටවත් පළාත් සභා තියන්න බෑ! නීතිපති මතය දැනුම් දෙයි!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.