වෛද්‍යවරුන්ගේ කාර්යය කිරීමට වෛද්‍යවරුන්ට ඉඩ දියයුතු බවත්, දේශපාලනඥයන්ගේ කාර්යය දේශපාලනඥයින් කළ යුතු බවත් එය එසේ සිදු නොකරන හෙයින් අසීරුතාවයට පත් වන්නේ රටක ජනතාව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ මොහොතේ ප්‍රමුඛතාවය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට තිබිය යුතු බවත්, ආණ්ඩුව බරපතළ ව්‍යසනයක් බවට පත්ව ඇති කොරෝනා මර්ධනය අමතක කොට මංතීරු ව්‍යාපෘති වලට මුල්තැන ලබාදී ඇතැයිද පැවසීය.
“විපක්ෂයෙන් හුස්මක්” 30 අදියර හරහා ආණමඩුව රෝහලට විසිලක්ෂයක රෝහල් උපකරණ ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 30 වන පියවර ලෙස රුපියල් ලක්ෂ විස්සක (රු. 2,000,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ අද (08) ආනමඩුව මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
එකක් රුපියල් දෙලක්ෂ අනූපන් දහසක් (රු. 295,000) වටිනා Patient Monitor යන්ත්‍ර3ක්, එකක් රුපියල් පන්ලක්ෂ පනස් හත්දහස් පන්සීයක් (රු.557,500) වටිනා ICU Beds දෙකක් මෙලෙස පරිත්‍යාග කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම පරිත්‍යාගය ආනමඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය දර්ශිකා සිරිවර්ධන මහත්මිය වෙත පරිත්‍යාග කරනු ලැබීය. ආනමඩුව ශ්‍රි ආනන්දාරාම විහාරයේ විහාරවාසී කුඩාවැවේ විජිතානන්ද හිමි ඇතුළු මහාසංඝරත්නය ,සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, නිරෝෂන් පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, සමගි ජන බලවේගයේ ආනමඩුව ආසන සංවිධායක ගාමිණී වඩිගමංගාව ඇතුළු දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් රැසක්ම එක් ව සිටියහ.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මීට පෙර වට 29ක් තුල ලක්ෂ 856 ක (රුපියල් 85,634,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.











