• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සනත් ජනපති මිනිබිරියක් බඳින්න යයි…

October 13, 2021
in Exclusive, Heart
Reading Time: 8 mins read
A A
සනත් ජනපති මිනිබිරියක් බඳින්න යයි…
Share on WhatsAppShare on Facebook

විවාහයද සිනමාවද කියන දෙලොව තුළ මා අතරමංව සිටියා…
කලකිරීමක් තියෙන්නේ…

නළු සිහිනය සැබෑකර ගැනීමට ගමේ ඉඳන් නගරයට පැමිණි තරුණ කොල්ලන් හෝ ගැටවරයන් හොලිවුඩයේ මෙන්ම බොලිවුඞ්වල සහ කොලිවුඞ්වලද බිහි වූයේ අද ඊයෙක නොවේය… ශ්‍රී ලාංකේය සිනමාව තුළද ඒ අපූරු සිස්ටම් එක හරි කදිමට යුගයෙන් යුගයට පෙළගැසිණි. එකී පෙළ ගැස්ම හරහා පළමු සිනමා පටයෙන්ම උල්කාපාත සේ කඩාවැටී ගිය නළුවන් සේම, සුපිරි තරු වූ වැඩකාරයන්ද අතළොස්සක් සිටියහ. ජනාදරයටපත් ප්‍රවීණ සම්මානනීය නළු සනත් ගුණතිලකද සිහින සොයා… ගමේ සිට නගරයට පැමිණි යෞවනයෙකි.

ඔහුගේ සිහින තුළ නළුවකු නොසිටියද, නළුවකු වීමේ වරම සොයා ඔහු පියමං කළේ නිකමට වාගේය.., සත්තකින්ම එය හරි අපූරු අහඹුවක්ම විය… නුවර සිට කොළඹ පැමිණි ‘සනත් ගුණතිලක’ නම් ඒ ගැටවරයා ‘කුලුඳුලේම ‘සෙට්’ එකට පය තැබුවේ ප්‍රවීණයන් පිරිවරාගෙනය. බොහෝමයක් දෙනෙකුට නොලැබෙන ඒ වාසනා මහිමය තුළ ඔහු සිංහල සිනමා අම්බරයෙහි අගේ ඇති කතාවක් ලියන්නට ගත්තේය. ඒ කතාවෙහි අහන්නට වටිනා රසමුසු තැන් අපමණ විය. ‘හාට්’හී පිටු අතර මේ පෙළගැසෙන්නේ ඒ අසහාය කතන්දරය සමග සනත් ගුණතිලක නම් ප්‍රතිභාපූර්ණ රංගවේදියා කළ දොඩමලුවය.

ඔබව ‘හාට්’ වෙත කොටුකර ගන්නට අපි ටිකක් වෙහෙසුණා.’ කියන්න ඉතින් කොහොමද සුවදුක්?
වරදක් නැහැ… මම සතුටින්, සුවෙන් ඉන්නවා.

ඔබ කලා කටයුතුවලින් බොහෝ බැහැරව ගිහින්..?
නැහැ… කවදාවත් නැහැ… කලාවට ඇලුම් කරන කලාකරුවකුට එයින් බැහැර වීම හිතන තරම් පහසු වන්නේ නැහැ.

ටෙලියකවත් ඔබව දකින්න නැහැ… ඊට හේතුව කියනවා නම්…?
ටෙලි කලාව ගැන නම් තියෙන්නේ පුංචි කලකිරීමක් වාගේ හැඟීමක්. ඒ හින්දා ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණාම එහි රඟපානවාද නැද්ද කියලා දෙපාරකට වැඩිය හිතන්න වෙලා තියෙනවා. කෙමෙන් කෙමෙන් එය ගුණාත්මක බවෙන් බැහැරව යන්න පටන් අරන්…

අමතක නැහැ අපි කාට වුණත්… ඒ කාලේ දූදරුවෝ, පළිඟු මැණිකේ, යශෝරාවය වැනි නාට්‍යය බලන්න හැමෝම වාගේ කාර්යාල සේවය නිමවා ගෙදර දුවං ආවේ පුදුම උනන්දුවකින්. ඒ නාට්‍ය කලාව ආශ්වාදජනකයි. කොටස් ගණන සීමිතයි. අවසානය අලංකාරයි… අද ටෙලි කලාව විකාරරූපී වෙලා. ඒවායේ එක දවසක සිදුවීම පෙන්වන්න සති දෙක තුනක කාලය මිඩංගු කරනවා. අවසානයක් පෙනෙන මානයක නැහැ.

අනෙක් කාරණය ගුණාත්මක ටෙලිනාට්‍යයක් විකාශනය කරගැනීමේදීද එම නිර්මාණකරු යම් ගැටලුවලට මුහුණ දෙන පසුබිමක්ද එහි තිබීම කනගාටුවට කාරණයක්.

ටෙලි කලාව, ඔබ කී ආශ්වාදනීය තත්ත්වයට ගෙන ඒමට කුමක් කළයුතුයි කියලද හිතන්නේ..?
ටෙලිනාට්‍ය විකාශනය කිරීම සඳහා යම් ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ යුතු යැයි කියා මම හිතනවා.

කලක් ඔබට රූපවාහිනී සේවයේ මුල් පුටුව ලැබුණා. එතැනදී එවැන්නක් සිදුවුණේ නැත්තේ ඇයි?
එවැන්නක් සිදුවුණා. මාස පහක් වැනි කෙටිකාලීන සභාපතිත්වයක් තුළ රූපවාහිනියේ විකාශනය විය යුතු ටෙලිනාට්‍යය මෙලෙස විය යුතු යැයි යන්න ප්‍රතිපත්ති මාලාවක් මම සකස් කළා. අවාසනාවකට එය ක්‍රියාත්මක වූයේ නැහැ.

දැනට වුවද ප්‍රමාද නැහැ… ප්‍රවීණයකු ලෙස ඔබට පුළුවනි වගකිවයුත්තන් සමග ඒ වෙනුවෙන් යමක් කරන්න?
අදහස හොඳයි… එය ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම්.., මට කළ හැකි දේ මෙතැනදී මම කරනවා. ඒ, මා තනාගත් යම් ප්‍රතිරූපයක් වේද… එයට කිසියම් හානියක් වන ආකාරයේ ටෙලියක මම රඟපාන්නේ නැහැ.

ටෙලි කතාවට දැනට තිත තබමු… අපි යමු ඔබේ සිනමා ගමනයෙහි රස-මුසු තැන් හොයන්න?
ඔව්… ඇත්තටම එය හරිම සිත් අලවනසුලු රසමුසු තැන් පිරුණු සිනමාගමනයක්.

ආරම්භය ගන්නට කැමැති කොතැනින්ද ඔබ..?
හැමදාම කියන කතා අපි පොඞ්ඩක් පැත්තකින් තියමු. ඒ, සිටු කුමරියෝ ඔඩිෂන් එකට ආව දවස… ‘විජය ධර්මශ්‍රී’ගේ හිතට මාව වැදුණු විදිය… අග්‍රගණ්‍ය නිළි මාලිනී ෆොන්සේකා මගේ සහාය නිළිය බව දැනගත්තම මම මොහොතකට තිගැස්සුණු හැටි… වාගේ කතා මම හැම පත්තරයකම වාගේ කතා කරලා තියෙන නිසා.

එහෙනම් ප්‍රවීණ කැමරා ශිල්පී කේ. ඩී. දයානන්ද සමග නවකයකු වූ ඔබ ‘ඩි්‍රන්ක් එකකට සෙට්වුණු’ තැනින් පටන් ගනිමු..?
අන්න ඒ ආරම්භය නම් හොඳ වෙනසක්… ඔන්න අහගන්න ඒ කතාව,
‘සිටු කුමරියෝ’ චිත්‍රපට කණ්ඩායමේ හිටපු එකම නවකයා මම… අනෙක් හැමෝම ඉහළ මට්ටමක ප්‍රවීණ යැයි කියන තැන තම තමන්ගේ නම තියාපු අය.., ‘සිටු කුමරියෝ’ හී කැමරා ශිල්පියා වුණේද අග්‍රගණ්‍ය කැමරා ශිල්පී කේ. ඩී. දයානන්දයි. පුදුම විදියට ඉතාම නිහතමානී විදියට ඔහු මා සමග සුහද වුණා.

ඒ සුහද බව කොයිතරම් සමීපද කියනවා නම් ‘සිටු කුමරියෝ’ ෂූටිං අතරතුර දවසක් එක ෂෙඩුල් එකක් ඉවරවෙලා ගෙදර යන අතරතුර ඔහු මාවත් එක්කගෙන යනවා.

ඔන්න ඒ කාලේ හරි ප්‍රසිද්ධ තැනක් වෙච්ච ‘පුබුදු ක්ලබ්’ එකට.., දැන් ඔන්න කේ. ඩී. දයානන්ද ක්ලබ් එකට ඇතුළුවෙලා මමත් ඔහු පස්සෙන් ඔහේ ගියා… සෙනඟ මහ ගොඩයි. හැමෝම ඔහුට අත වනනවා, කතා කරනවා ඉවරයක් නැහැ. මම ඉතින් ‘සනත් ගුණතිලක’ කියලා ඒ කාලේ කවුරු දන්නවද..? ‘මොනවද කොල්ලො බොන්නෙ… කේ. ඩී. දයානන්ද මගෙන් අහනවා… මම එකපාරට උත්තරයක් නොදී වටපිට බැලුවා…

ඒ කියන්නේ ඔබ මත්පැන් කටේවත් නොතියපු කෙනෙක් එතකොට..?
අපොයි නැහැ… මම එහෙම කියන්නෙ නැහැ. තරුණයෙක් වෙච්චි මම ඒ වෙනකොට මත්පැන් ටිකක් කටේ තියලා නැහැ කියලා ජාතික පුවත්පතක ලිව්වොත් ඒක අමූලික බොරුවක් බව හැමෝම දැනගන්න එක ෂුවර්… මෙතැනදී මම තක්කුමුක්කු වුණේ ප්‍රවීණයෙක්… ඩි්‍රන්ක් එකකට ආරාධනා කරපු විදිය නවකයෙක් වෙච්චි මට හිතාගන්න බැරිව ගිය එකයි.

මම එහෙම වටපිට බලනකොට කේ. ඩී. දයානන්ද, ‘ඇයි මීට කලින් බීලා නැද්ද… එහෙනම් බියර් එකක්වත් බොමු ඉලන්දාරියා’ කියලා කිව්වා. බලෙන්ම වාගේ බියර් එක මට දුන්නා, මමත් ගත්තා… ඔන්න ඉතින් කේ. ඩී. දයානන්ද සමග ඉන්න අනෙකුත් ප්‍රවීණයෝ එක්ක මමත් මගේ බියර් එක බොනවා… එතැන ඉන්න හැම කෙනෙකුටම ඔහු මාව අඳුන්වලා දෙනවා.. ‘විජය ධර්මශ්‍රීගේ අලුත්ම හඳුන්වාදීම… පපුව හොඳ කොල්ලෙක්… කවදාක හරි දුර ගමනක් යාවී…’ මගේ පිටට තට්ටුවකුත් දාලා හරිම ළෙන්ගතුව එතුමා කියනවා.

ඉන්පස්සේ ඔබ හැමදාමත් ඔහු සමග ‘පුබුදු ක්ලබ්’ එකට ගිහින් ඩි්‍රන්ක්ස් ගන්න හුරු වුණා කියන තැනින්ද ඔය කතාව ඉවර වෙන්නේ?
මොන පිස්සුද… බියර් එකත් බලෙන් අරන් දීලා බයිට් පීරිසියක් ළං කරකර ඒක අන්තිම උගුර වෙනකල් බිව්වාට පස්සෙ ඔහු මට ටිකක් සැරෙන් වාගේ, ‘මං කතා කරපු පළියට උඹත් ආවා නේද… හොඳට මතක තියාගනිං… ආයෙ කවදාවත් මෙහෙට එන්න හිතන්නවත් එපා… වෙන කොතැනක හරි උඹ ක්ලබ් එකක ඉන්නවා දැක්කොත් එතැනට ඇවිදින් කන රත්වෙන්න ගහනවා කියන එකත් හොඳට මතක තියාගනිං හොඳද…’ කියල කීවා.

ඔබ ඒ අවවාදය හිතට ගත්තද ඉතින්..?
සත්තකින්ම ඔව්. බොහෝ කාලයක් යනතුරුම ඔහුගේ ඒ ඔවදන… ඒ වචන මගේ ජීවිතය පුරාවටම භ්‍රමණය වුණා… මාර විදියට ඔහුගේ ඒ ළෙන්ගතු බව මගේ පපුව කොනක තැන්පත්ව තිබුණා.

‘සිටු කුමරියෝ’ චිත්‍රපටයෙන් පස්සේ ඔබේ අදහස තිබුණේ උගත්කමට සරිලන හොඳ රැකියාවකටයි..?
ඔව්… මගේ උසස්පෙළ ප්‍රතිඵල ගැන දැනගත්තම විජය ධර්මශ්‍රී පවා මගෙන් ඇහුවා නළුකමට ආවේ ඇයි කියලා… මගේ යටි හිතෙත් තිබුණා… සංචාරක ෆීල්ඞ් එකේ රැකියාවකට යන්න.

අදහස වෙනස්ව ඔබ වෘත්තීය නළුවෙක් වුණේ චිත්‍රපට පෝලිමට ඔබ හොයාගෙන ආව නිසයි?
අනිවාර්යයෙන්ම මම ඒ ප්‍රශ්නයට ඔව් කියනවා, මොකද.., බොහෝ නවකයනට නොලැබෙන වාසනාවක් මට ලැබෙන්න ගත්ත නිසා මගේ පැවැත්ම මෙතැන තමයි කියල දසදහස්වර හිතුණා. ‘සිටු කුමරියන්ට’ පසු නිහාල් සිංහයන්ගේ ‘රිදී නිම්නය,’ යසපාලිතගේ නැවැත හමුවෙමු, අම්මේ මට සමාවෙන්න, සත්කුළු පව්ව එක පෙළට මා වෙත ආවා. ඒ අතරට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂිකා සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දරට’ ආරාධනා ලැබෙන කොට මට මා ගැන මහා අභිමානයක් ඇතිවුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති විලියම් ගොපල්ලවගේ ලස්සන මිනිපිරිය අනුෂ්කා මැදිවකව ඔබට අහිමි වුණේ ඒ අභිමානය නිසා නේද?
ඒකට මම මෙහෙම උත්තරයක් දෙනවා. අනුෂ්කා මැදිවකට මම ආලය කළේ ඈ ජනාධිපතිවරයකුගේ මිනිබිරියක වූ නිසා නම් නෙවෙයි. අනුෂ්කා බුද්ධිමත් ලස්සන තරුණියක්. අපි එක්ව රඟපෑවා.. සමීප වුණා. ඒ සුහද බව හරහා අපි දෙදෙනා පෙම්වතුන් වුණා. ඒ ප්‍රේම සම්බන්ධයට අපේ පවුල්වලින්ද කැමැත්ත සහ ආශිර්වාදය ලැබුණා.

හැබැයි අනුෂ්කාගේ අම්මා මට සුහද කොන්දේසියක් පැනවූවා. විවාහයෙන් පස්සේ රඟපෑමෙන් අයින් වෙන්න කියලා. ‘ගඟ අද්දර’ට සුමිත්‍රා පීරිස් මහත්මියගේ ආරාධනාව ලැබුණේ ඒ අතර. අනුෂ්කා සමග විවාහයද, සිනමාවද කියන දෙලොව තුළ මා අතරමංව සිටියා. එතැනදී ‘ගඟ අද්දර’ට ගිවිසුම් ගහනවද? අනුෂ්කා සමග විවාහයට සූදානම් වෙනවාද කියන කාරණා දෙකෙන් එකක් මට තීරණය කරන්නට වුණා. අවසානයේ මම ‘ගඟ අද්දර’ සහ සිනමාව තෝරා ගත්තා.

අවංකව කියන්න.. ඔබ අද ඒ තීරණය ගැන පසුතැවෙනවද?
අනේ නැහැ. මම තෝරගත් මාර්ගය තුළ මා වගේම, අනුෂ්කා තෝරා ගත් මාර්ගය තුළ ඇයද ඉතා සතුටුදායක සාර්ථකත්වයක කල් ගෙවනවා.
අනුෂ්කා සහ මා අතර විවාහයට බාධාව වූයේ අප දෙදෙනා මාවත් දෙකක හිඳ අනාගතය දෙස බැලීමයි… මට වුවමනා වූයේ ප්‍රවීණ සිනමාකරුවන් සමග දිගු ගමනක් යෑමේ බලාපොරොත්තුවයි. අනුෂ්කාගේ සිහිනය වූයේ නිතර ඇගේ ළඟින් ඉන්න සැමියකු සමග ගෙවන සුන්දර පවුල් ජීවිතයක්. ඉතිං සුහද වෙන්වීමක් මත අපි අපට ඇවැසි ජීවිත කරා ගියා.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

ලබන සතියේ…

සබීතා එක්ක සම්බන්ධෙට වෙච්ච දේ…
සනත් වැඩියෙන්ම ආදරය කරපු නිළිය…

SendShareShare
Previous Post

ඉන්දීය හමුදාපති ‌ගෝඨා හමුවෙයි!

Next Post

ලංකාවත් ඉන්දියාවේ ප්‍රාන්ත රජයක්ද? ඕමල්පේ හිමිට බරපතළ ප්‍රශ්නයක්! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.