මෙවර ජනාධිපතිවරණයේදී දෙවන මනාපය භාවිත කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටීමට ජනතා විමුක්ති පෙරමුණ තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සිය දෙවන මනාපය රාජපක්ෂවරුන්ට විරුද්ධ අපේක්ෂකයකුට භාවිත කරන ලෙස ඉල්ලා ඉදිරි දින කිහිපය ඇතුළත විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එම පෙරමුණ තීන්දු කර ඇති බව වාර්තා වේ.
මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකු 50% ඉක්මවා නොයනු ඇති බවට පළවී ඇති වාර්තා අනුව මෙසේ ජවිපෙ දෙවන මනාපය ඉල්ලා සීටීමට හේතු වී ඇති බව පැවසේ.










