• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැන්ඩෝරා කලබල අස්සේ පැනමා කතාවකුත් එළියට එයි! විද්‍යා අමරපාල නිවේදනයකුත් නිකුත් කරයි!

October 7, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පැන්ඩෝරා කලබල අස්සේ පැනමා කතාවකුත් එළියට එයි! විද්‍යා අමරපාල නිවේදනයකුත් නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

සිය නම පැනමා ලේඛනවල සටහන්ව තිබුණේ නැති බවත්, සිය නම හිතාමතාම කිසියම් පිරිසක් විසින් එම සිදුවීවලට පැටලවූ බවත්, මෙය තමන්ට එරෙහිව සිදු කළ ද්වේශසහගත කුමන්ත්‍රණයක් බවත් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති සහ මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ හිටපු උපදේශක විද්‍ය අමරපාල මහතා සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දැනුම් දී තිබේ.

එම නිවේදනය මෙසේය.

‘විද්‍යා අමරපාල වන මම පසුගිය රජය යටතේදී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවයා සහ මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ධුරය යන තනතුරු දැරූ අතර, මෙම ප්‍රකාශය ලියා තබන්නේ වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කිරීම සඳහාය. මා සතු යැයි පැවැසෙන අසත්‍ය විදේශ බැංකු ගිණුම් කිහිපයක් ගැන මින් පෙර මා හට චෝදනා නැඟුණු අතර, ඒ තොරතුරු කිසිවක් සත්‍යයක් නොවූ බවට සාක්ෂි සහිතව ඔප්පු විය. වසර කිහිපයකට පෙර සිදුවූ මෙම සිදුවීම නැවත ප්‍රත්‍යාවර්තනය වෙමින් ඇති අතර, එහෙයින් නැවත මෙම සිදුවීම ගැන මම අවධානය යොමුකර සිටිමි. එම රජය සමයේදී යම් රාජ්‍ය විරෝධී පාර්ශ්ව විසින් පෞද්ගලික ද්වේශය සහ වෛරය උදෙසා මට එරෙහිව මෙම චෝදනා ගෙන ආවේය. ඔවුන් තමන්ගේ දේශපාලන වාසි තකා මෙවැනි ක්‍රියාවක් සිදු කළේය. අවසානයේදී රටේ නීතිය ස්ථාපිත කරන ආයතනවලින් මෙන්ම ස්වාධීන අධිකරණයෙන්ද මට එරෙහි එම චෝදනාව පදනම් විරහිත, ද්වේශසහගත ඒවා ලෙස තීන්දු කෙරිණි.

මම වෘත්තීය ඉන්ජිනේරුවරයකු වන අතර මාගේවිශේෂිත ක්ෂේත්‍රයන් වන්නේ පුනර්ජනනීය බලශක්තිය සහ සංස්ථාමය පරිපාලනයයි. මම 2012 වසරේ සිට ලෝක පුනර්ජනනීය බලශක්ති කොන්ග්‍රසයේ අධ්‍යක්ෂ සහ මණ්ඩල සාමාජිකත්වය Director/Council member of the world Renewable Ecergy Congress දරන අතර, 2015 වසරේ සිට ලෝක පුනර්ජනනීය බලශක්ති ජාලයේ උපදේශකවරයකු World Renewable Energy Network-Advisor ලෙසද කටයුතු කරමින් සිටිමි. එසේම මම වර්තමානයේ එංගලන්තයේදී දර්ශනවේදී පර්යේෂණ වැඩසටහනකද නිරත වෙමින් සිටිමි. මම 2000 වසරේ සිට 2010 වසර දක්වා අයි.ඩබ්ලිව්.එස්. හෝල්ඩින්ග්ස් IWS Holdings සමාගමට සේවය කරන අතර, එම සමාගමට අනුබද්ධිත වූ සිංගප්පූරුවේ පිහිටි ‘සවරින් කැපිටල් කෝපරේෂන්’ Sovereign Capital Corporation විදේශ සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස මම කටයුතු කළෙමි.

2010 වසරේද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයට පත්කරන ලදී. එම තනතුර ලද වහාම මම IWS Holdings සමාගමෙහි විදේශ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වුණෙමි. මා නිතර අගය කරන වෘත්තීය ඒකාග්‍රතාවයේ ප්‍රතිපත්තිවලට ගරුකිරීම සඳහා මම එලෙස සිදු කළෙමි. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාද විසින් නිරන්තරයෙන් ගරු කරනු ලබන අවංකත්වය සහ විනිවිදභාවය උදෙසාද මම අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුය. මෙවැනි වටපිටාවක් ගලා යන අතරතුරදී මා හට මෙම විදේශ බැංකු ගිණුවේ චෝදනාව ගෙන එන ලදී.

මෙම සිදුවීම මම මෙලෙස බොහෝ නිරවද්‍ය ලෙස පැහැදිලි කර සිටිමි.2016 වසරේදී විදේශයකින් ප්‍රකාශයට පත් කෙරුණු ‘විකිලීක්ස්’ මගින් හෙළි කෙරුණු ‘පැනමා පත්‍රිකා’වල Panama Papers Leaked by Wikileaks මාගේ නම කිසිදු විටෙකවත් සඳහන් වූයේ නැත. මෙම ප්‍රකට ආන්දෝලනාත්මක ‘පැනමා පත්‍රිකා’ නොහොත් ‘පැනමා ලේඛන’ මගින් ප්‍රකාශ කර තිබුණේ විදේශ බැංකු ගිණුම් හිමි විවිධ රටවල සිටින පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවකි.

කෙසේ හෝ එකල ශ්‍රී ලංකා ජනමාධ්‍යයෙහි සිටි යම් දේශපාලනිකව පොළඹවන ලද මාධ්‍යවේදීන් පිරිසක් විසින් මෙම සිදුවීම වැරැදිසහගත ලෙස අර්ථකථනය කර දක්වන ලදී. එනම් 2016දී පළ කෙරුණු විදේශ ගිණුම් හිමියන්ගේ Offshore Account Holders ලැයිස්තුවත් සමග 2013 වසරේදී එම විකිලීක්ස් මගින්ම පළ කෙරුණු ‘විදේශ අධ්‍යක්ෂවරුන්ගේ’ Offshore Directors ලැයිස්තුවක තොරතුරුත් ප්‍රකාශයට පත් කෙරිණි. මෙහිදී මාධ්‍යකරුවන් සිදුකළේ සිතාමතාම මෙම ලේඛන දෙක එකට එකතු කර ජනතාව නොමඟ යවන තත්ත්වයකට පත්කරමින් ප්‍රකාශයට පත් කිරීමය. මාගේ නම අන්තර්ගතවී තිබුණේ විදේශ අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුවේ පමණක් වන අතර විදේශ ගිණුම් හිමියන්ගේ ලැයිස්තුවේ අන්තර්ගත නොවීය. මෙහිදී මෙම පිරිස් සිදුකළේ සිතාමතාම අවුලක් සහ ව්‍යාකූලත්වයක් ඇතිකිරීමය.

2003 – 2010 අතර කාලය තුළදී මම සිංගප්පූරුවේ සමාගමට සේවය කළ අතර, විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයට පත්වූයේ ඉන් පසුවය. මෙම සිදුවීමට අදාළව එකල මට එරෙහිව විමර්ශනයක් සිදුකෙරුණු අතර, එහිදී මම විමර්ශන නිලධාරීන්ට මාගේ සහාය උපරිමව ලබාදෙන ලදී. ස්වාධීන පරීක්ෂණ දෙකක් මෙහිදී සිදුකෙරුණු අතර, එහිදී හෙළිවූයේ මෙම සිදුවීම මට එරෙහිව ද්වේශසහගතව නිර්මාණය කරන ලද එකක් බැව්ය. එම සාධක සහ තොරතුරු අවධානයට ගත් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය 2019 වසරේදී අදාළ නඩුව ඉවත දමන ලදී.

SendShareShare
Previous Post

ගුරුවරුන්ගෙ සටන ආණ්ඩුවේ රොෂාන්ට පෙනෙන හැටි සහ විපක්ෂයේ ෆොන්සේකාට පෙනෙන හැටි! (VIDEO)

Next Post

බැසිල් 2022 අරන් එයි!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.