හිටපු ජනාධිපතිනිි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ ශ්‍රීලනිපයේ උපසභාපතිවරයකු වන කුමාර වෙල්ගම මහතා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රීලනිප සාමාජිකයන් කැදවා විශාල සම්මේලනයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ මෙම සම්මේලනය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව පැවසේ.
ඒ සදහා ශ්‍රීලනිපයේ විශාල පිරිසකට දැනටමත් ආරාධනා කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇති අතර මෙම සමුලුවේදී ජනාධිපතිවරණය ඉලක්ක කර ශ්‍රීලනිපය ගත යුතු විකල්ප පියවර ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ කුමාර වෙල්ගම මහතා පසුගිය දින කිහිපය පුරාම ශ්‍රීලනිපය හා පොහොට්ටුව සන්ධානගත වීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කිරීමට පියවර ගෙන තිබිණ.










