පැන්ඩෝරා පත්‍රිකාවන්හි නම සදහන්ව පවතින නිරූපමා රාජපක්ෂ තමන්ගේ සහෝදරියක් වුවද ඉකුත් ආණ්ඩු සමයේ එතුමිය සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාගෙන් ලැබෙන දෑ පිළිබද අප කුමක් කරන්නදැයි කියාය.
එමෙන්ම 1994ට පෙර සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අනාවරණය කර ඇති බවත්, එසේනම් ඊට වගකිව යුත්තේ එකල සිටි ජනාධිපතිවරුන් බවත් ඒ මහතා කීය.










