තමන්ගේ නමද ඇතුළත් කරමින් පැන්ඩෝරා පත්‍රිකා මගින් කර ඇති හෙළිදරව්ව පිළිබද වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුනඩේසන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
තමන් කිසිදු වැරැද්දක් කර නොමැති බවත්, වහාම ඒ පිළිබද පරීක්ෂයක් පවත්වන ලෙසත්, ඒ සියලු පරීක්ෂණයන්ට සහාය දැක්වීමට තමන් සූදානම් බවත් එම ලිපිය මගින් නඩේසන් මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.
එමෙන්ම මෙම පත්‍රිකා මගින් හෙළි කර ඇති ඇතැම් නම් සම්බන්ධයෙන් ඒ ඒ රටවල රාජ්‍ය නායකයන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව ද නඩේසන් මහතා සිය ලිපිය මගින් ජනාධපතිවරයාට පෙන්වා දී තිබේ.











