දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් පරිසර ප්‍රාදේශීය සමුළුවට සහභාගි වීම සඳහා විදේශ ගතවීමට ඊයේ (03 වැනිදා) රාත්‍රි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට රටින් පිටවීමට ඉඩ ලබා දී නැත.
කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට සනාථ කරන කාඩ්පත රැගෙන නොපැමිණීම නිසා මෙසේ ඔහුට ගුවන්ගත වීමට නොහැකිව ගුවන් තොටුපළ තුළ රැඳී සිටීමට හේතු වී තිබේ.
ඔහු මෙම සමුළුවට සහභාගිවීම සඳහා ඊයේ (03 වැනිදා) රාත්‍රී 8.30ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ දකුණු කොරියාව වෙත පිටත්වීම සඳහා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 653 දරන ගුවන් යානයට ගොඩවීමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
වෛද්‍ය අනිල් ජාසිංහ එන්නත් ලබාගත් බවට සනාථ කෙරෙන කාඩ්පත ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට තම නිවස තුළ සොයා බැලුවද එය සොයා ගැනීමට නොහැකිව අස්ථානගතවී ඇති බව පැවැසීය.










