• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය ඔත්තු සේවය වෙනුවෙන් මුල් වරට නිකුත් වූ තේමා ගීතය! (VIDEO)

October 4, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
රාජ්‍ය ඔත්තු සේවය වෙනුවෙන් මුල් වරට නිකුත් වූ තේමා ගීතය! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පැරණිතම බුද්ධි සේවාව වන රාජ්‍ය බුද්ධි සේවාව 2021 ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදුනු සිය 80 වන සංවත්සරය ආරක්‍ෂක, ජාතික ආරක්‍ෂක හා ආපදා කළමණාකරන අමාත්‍යාංශයන්හි ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව චාම් හා අභිමානවත් ලෙස පැවැත්වීය.

මෙම උත්සවයට පෙරදින පස්වරුවේ රාජ්‍ය බුද්ධි සේවා මුලස්ථානයේ පිහිටි විරු ස්මාරකය ඉදිරිපිටදී රටදැය වෙනුවෙන් දිවිපිදු බුද්ධි සේවා විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු සර්ව ආගමික වතාවත් සිදුකරමින් මියගිය විරුවන් සිහිකරමින් පිං පැමිණවීම හා එම ආයතනයට, නිලධරයින්ට හා රටට සෙත් පැතීම සිදු කරන ලදී.

1941 වසරේ ඔක්තෝම්බර් මස 01 වන දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශය ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලාංකීය බුද්ධි සේවාව වරින් වර නාමික හා විවිධ ව්‍යුහාත්මක වෙනස්කම් වලට භාජනය වෙමින් පැමිණ 2006 වසරේ සිට රාජ්‍ය බුද්ධි සේවාව ලෙස නම් කරමින් මේ දක්වා මෙරට ජාතික ආරක‍්ෂාව සුරක්‍ෂිත කිරීමේ භාරධුර කාර්ය්‍යයේ නියැලී සිටි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු අතිගරු ජනාධිපති ඝෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ මගපෙන්වීම හා ගරු ආරක්‍ෂක ලේකම්තුමන්ගේ මෙහෙයවීම යටතේ ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කරලීම සඳහා වු වැඩපිලිවෙලට අනුව රාජ්‍ය බුද්ධි සේවාව නව මානයන්ට යොමු කරමින් වෘත්තීය ප්‍රවීණත්වය, නව්‍යකරණය, තාක්‍ෂණ පහසුකම් පුළුල් කිරීම, පිරිස් බලය හා යටිතල පහසුකම් මෙන්ම නිලධරයින්ගේ සුභසාධන පහසුකම් දියුණු කිරීම හරහා එම ආයතනයට හා නිලධාරීන්ට නව ජීවයක් ලබාදෙමින් ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කරලීමට අවැසි වටපිටාවක් නිර්මාණය කිරීමට සමත්වී ඇත.

මෙවර සංවත්සර උත්සවයේදී රාජ්‍ය බුද්ධි සේවාව මෙතෙක් ආ ගමන් මග පිලිබඳ ආවර්ජණයක් සිදු කිරීම හා එහි විසිරි තිබු ඉතිහාසය ග්‍රන්ථාරූඩ කර එය ‘Silent Guardians’ නමින් ‍ඓතිහාසික ග්‍රන්ථයක් ලෙස එලිදැක්වීම, සේවාවට අභිමානයක් හා නිලධරයින්ගේ චිත්ත ශක්තිය වර්ධනය කරමින් බුද්ධිය බලයයි නමින් තේමා ගීතයක් එලි දැක්වීම, රටදැය වෙනුවෙන් දිවිපිදු එම සේවාවේ විරුවන් සිහිකිරීම හා එම පවුල්වල සාමාජිකයින්ට උපහාර පිදීම, එම සේවාවේ උන්නතිය වෙනුවෙන් තම තුරුණුවිය කැප කරමින් වසර 35 කට වැඩි කාලයක් තම අඛණ්ඩ සේවාව ලබාදී විශ්‍රාම සුවයෙන් සිටින නිලධාරීන් හා වසර 35 කට වැඩි කාලයක් අඛණ්ඩව සේවයේ යෙදී සිටින නිලධරයින් ඇගයීමට ලක් කිරීම, එම සේවාවේ නිලධරයින්ගේ දරු දැරියන්ගේ ඉහල අධ්‍යාපන ජයග්‍රහණ වෙනුවෙන් ත්‍යාග ලබාදී ඔවුන්ව තවදුරටත් දිරි ගැන්වීම යන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබිණි.

එහිදී ප්‍රධාන ආරාධිතයා වශයෙන් ගරු ආරක්‍ෂක ලේකම්තුමන් විසින් අදහස් දක්වමින්, තිස් වසරක් පුරා ඇවිලීගිය එල්.ටී.ටී.ඊ. යුධ ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමේදී එම මෙහෙයුම් සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවාව විශිෂ්ඨ කාර්ය්‍යභාරයක් ඉටු කරන ලද බවත් පුරා වසර දෙකකට ආසන්න කාලයක් විහිදි යමින් තිබෙන කොරෝනා මර්ධන වැඩපිලිවෙලේදීද මෙම සේවාව ප්‍රමුඛ සේවාවක් ඉටුකරමින් සිටින බවත් ප්‍රකාශ කරන ලදී. එසේම ත්‍රස්තවාදය හා අන්තවාදය වැනි ක්‍ෂේත්‍රයන් කිහිපයකට සීමාවී තිබු රාජ්‍ය බුද්ධි සේවාවේ කාර්ය්‍යභාරය පුලුල් කරමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම හා රට ගොඩනැගීම සඳහා දියත් කර ඇති වැඩපිලිවෙලට අනුව සෞඛ්‍ය, ආහාර, පරිසර වැනි සියලු ක්‍ෂේත්‍රයන් හරහා රාජ්‍ය බුද්ධි සේවාව ප්‍රමුඛ සියලු බුද්ධි අංශ වල සහය ඉදිරියේදී බෙහෙවින් බලාපොරොත්තු වන බවද අවධාරණය කරන ලදී.

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් තුමන්ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කර තිබු මෙම අවස්ථාවට ආරාධිතයින් වශයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ගරු ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් (විශ්‍රාමික), පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග (විශ්‍රාමික) යන මහත්වරුන් හා ත්‍රිවිධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂවරුන්ද එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ඉන්දීය විදේශ ලේකම් ගිය යානයේ හදිසි දෝෂයක් ඇවිත්! ගුවන් හමුදාව වහාම ක්‍රියාත්මක වෙයි!

Next Post

දොස්තර ජාසිංහට රටින් පිටවෙන්න නොදෙයි! කටුනායක රඳවා ගනී!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.