• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හමුදාවෙත් නම කැත කරමින් අනියම් පෙමකින් එළියට ආ තොටළග භීෂණය! බුද්ධි අංශ නිලධාරියා සියල්ලන්ම නොමග යවලා! CID SPECIAL

October 3, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
හමුදාවෙත් නම කැත කරමින් අනියම් පෙමකින් එළියට ආ තොටළග භීෂණය! බුද්ධි අංශ නිලධාරියා සියල්ලන්ම නොමග යවලා! CID SPECIAL
Share on WhatsAppShare on Facebook

තොටළග අරුණ එල්ලේ ක්‍රීඩා සමාජය එල්ලේ ක්‍රීඩාවේ නිරත ක්‍රීඩකයන් අතර නම් ඉතා ජනප්‍රිය නාමයකි. එහි නායක අකිල සම්පත්ද ඒහා සමාන ලෙසින් ජනප්‍රිය චරිතයකි. අකිලව පසුගිය අගෝස්තු 16 වැනිදා රාත්‍රියේ පැහැර ගැනීමකට ලක්වන්නේ හමුදාවේ කණ්ඩායමක් විසිනි. ඒ, ඔහු මෝදර සිට රාගම බටුවත්තේ පිහිටි සිය මහ ගෙදරට යතුරුපැදියකින් යමින් සිටියදීය. කැබ් රථයක නංවාගන්නා ඔහුව හමුදා කණ්ඩායම රැගෙන යන්නේ මාදම්පිටිය සුසාන භූමිය කිට්ටුව පිහිටි කොළඹ මහා නගර සභාවේ කසළ අංගනයටය. එහිදී ඔහුට හොඳ හැටි පහරදී මරා දැමීමෙන් පසු වෙනත් කැබ් රථයක් එතැනට ගෙන්වාගෙන කළුගල් සමග උරයක බහා මළ සිරුර රැගෙන ගොස් අතහරින්නේ කැලණි ගඟටය. ඒ, තොටළඟට කිට්ටුව පිහිටි කළු පාලමිනි. ගඟේ ගිලී ටිකෙන් ටික පාවෙමින් මළ සිරුර දින කිහිපයක් තිස්සේ ඇදෙන්නට වූයේ මෝදර මෝය කට දෙසටය. බෑගය ඉරී යාමත් සමග මළ සිරුර දිය මතුපිට පාවෙමින් කාක දූපත දෙසින් ගං ඉවුරට ගොඩ ගසන්නේ 20 වැනිදාය. ඒ වන විටත් මළ සිරුර හොදටෝම නරක්ව හඳුනා ගැනීමටද බැරි තත්වයක විය.

අකිලගේ බිරිය ග්‍රාම නිලධාරිනියකි. ඇය සේවය කළ වසම වූයේ මට්ටක්කුලියේ සමිට්පුරය. අකිල ගැන දින කිහිපයක් තිස්සේ කිසිදු තොරතුරක් නොමැති වූ තැන ඇය ඒ ගැන පොලීසියට පැමිණිල්ලක්ද කර තිබුණාය. ඒ අනුව අකිලගේ ශරීර ලක්ෂණ එම පැමිණිල්ලෙහි සඳහන්ව තිබීම නිසාම කාක දූපතේ ගොඩ ගසා තිබුණු මළ සිරුර හඳුනා ගැනීමට පොලීසිය ඇයවද කැඳවනු ලැබීය. ඒ අනුව එලෙස මියගොස් සිටින්නේ අකිල බව තහවුරු කරන්නේ ඇයය.

පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා සිරුර අධිකරණ ‍වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කෙරන්නේ අනතුරුවය. එහිදී අධිකරණ වෛද්‍යවරුන් තහවුරු කරන්නේ අකිලගේ මරණය ඝාතනයක් බවටය. පහරදී ගෙල සිරකර එම මරණය සිදුකර පසුව සිරුර ගඟට දමා ඇති බව විද්‍යාත්මක සාක්ෂි සහිතව අධිකරණ වෛද්‍යවරුන් විසින් තහවුරු කළේය. පොලීසියට වැඩ වැඩිවන්නේ ඒත් එක්කමය. අකිලව මරාදැමුවේ කවුරුන්දැයි සොයාගැනීම පොලීසියට එල්ලවුණු අභියෝගයකි. ඒ අභියෝගය ජය ගැනීමට කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න විසින් පවරන්නේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයටය.

දුරකතන දත්ත සහ ආරක්ෂක කැමරා දර්ශන විශ්ලේෂණ තුළින් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සැකය මේ ඝාතනය කෙරෙහි එල්ල වන්නේ අකිලගේ බිරිය සහ ඇය අනියම් සම්බන්ධයක් පැවැත්වූ යුද හමුදා බුද්ධි අංශයේ කෝප්‍රල්වරයෙක් කෙරෙහිය. දීර්ඝ ලෙස කරුණු විශ්ලේෂණයකින් අනතුරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අකිලගේ බිරියව ප්‍රශ්න කිරීමට සිය භාරයට ගන්නේ ඇයට බොරු කියා පැන යන්නට බැරි තරමට සාක්ෂි ගොන්නකින් සන්නද්ධවය. ඒ නිසාම ඇයට සත්‍ය වසංකරගෙන සිටීමට කිසිසේත්ම ඉඩක් නොවූවාය. ඇය සියල්ලක්ම වමාරන්නට ගත්තාය.

බුද්ධි අංශයේ ‍කෝප්‍රල්වරයාව ඇය දැන හඳුනා ගන්නේ සමිට්පුර වැසියන් ගැන තොරතුරු ලබා ගන්නට ග්‍රාමසේවා කාර්යාලයට නිතර පැමිණෙන්නට වූ නිසාය. ඒ වන විට අකිල අයිස් නමැති මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටියේය. ඇය කෙරෙහි සැලකිල්ලද අකිලගෙන් ඈත් වෙමින් තිබුණේය. ඒ නිසාම ඇය කෝප්‍රල්වරයාට සමීප වී තිබුණාය. එය අනියම් ඇසුරක් බවට පත්වන්නේ ඇයටද නොදැනීය.

මේ දෙදෙනා අතර පැවැති සම්බන්ධය සමිට්පුර වැසියන් අතර ප්‍රසිද්ධ රහසක් වූවත් අකිලට නම් එය සැබෑම රහසක් විය. ඒ, ඔහු ඒ කිසිවක් නොදැන සිටි නිසාය. එහෙත් අහඹු ලෙස දිනක් දෙදෙනාව අකිලගේ අතටම හසුවීමත් සමග ඇතිවන්නේ ගිනි විජ්ජුම්බරයකි. එදා අකිලගෙන් පහරවල් කිහිපයක්ද බිරියට එල්ලවී තිබුණේය. ඒ ගැන ඇය සිය අනියම් පෙම්වතා වූ කොප්‍රල්වරයාටද කීවේය.

‘දවසක් දෙකක් ඔහොම ඉවසගෙන ඉන්නකෝ. මම හොද වැඩක් කරන්නම්’ ඇයට ඔහු කීවේය.

අකිල පැහැරගැනීමකට ලක්ව ඝාතනය වන්නේ ඒ අනුවය. සියල්ල සිදුවන්නේ මෝදර කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටි බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමකගේ සැලසුමකට අනුවය. ඊට කඳවුරේ අණදෙන නිලධාරියා වූ ලුතිනන් කර්නල්වරයාගෙන්ද සහායක් ලැබී ඇති බව විමර්ශනයේදී පෙනී ගියේය. ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එම සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන විට කඳවුරේ දොරගුළු පොලීසියට වැටෙන්නේ පොලීසියට අවශ්‍ය වූ හමුදා සාමාජියන් යුද හමුදා පොලිස් භාරයේ තබා ගනිමිනි.

පොලීසියේ ඉහළම නිලධාරීන් මට්ටමින් අකිලගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් භාරදෙන ලෙස හමුදාවෙන් ඉල්ලා සිටියත් ඒ මොහොතේ හමුදාව පැත්තෙන් ඊට දැක්වූයේ උදාසීන ප්‍රතිචාරයකි. ඒ, ඇතැම් විට ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භයට දින කිහිපයක් තිබුණු බැවින් දෙතුන් දෙනකුගේ වැඩක් නිසා හමුදාවට කැත නාමයක් එල්ලවෙතැයි අනුමාන කරමින් වන්නට පුළුවන. එහෙත් මේ කතාව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන්නට වූ නිසාම තවදුරටත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතු අවසන් වන තුරු සියල්ල සිරකරගෙන සිටීමට හමුදාවට ඉඩක් නොවීය. විමර්ශනවලට සහාය දක්වමින් මුලින්ම කෝප්‍රල් සමග සිව් දෙනෙක් පොලීසියට භාරදුන්නේය. අකිලව පැහැරගෙන ඝාතනය කරන්නේ යැයි කියන්නේ ඔවුන් සිව් දෙනාය. හැබැයි අකිල පදවාගෙන ගිය යතුරුපැදිය රැගෙන ගියේ වෙනත් සෙබළෙකි. යතුරු පැදිය කෙළින්ම රැගෙන යන්නේ මෝදර කඳවුරටය. එහිදී එය කොටස්වලට ගලවා ඒවාද විසිකරන්නේ කඳවුරට යාබද ස්ථානයකින් කැලණි ගඟටය. මේ සියල්ලක්ම සිදු වූයේ කඳවුරේ අණදෙන නිලධාරියාගේ අනුදැනුම මතය. ඔහුව මේ කටයුත්තට සම්බන්ධකර ගන්නේ ග්‍රාමසේවා නිලධාරිනියගේ අනියම් සැමියා වූ කෝප්‍රල්වරයාය. අණදෙන නිලධාරියා හමුවේ ඔහු පෙන්වා දෙන්නේ අකිල මත්කුඩු ජාවාම්කරුවෙක් ලෙසිනි. අකිල සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ගොන්නක්ම අණදෙන නිලධාරියා හමුවේ ඔහු රැස්කරගත් බුද්ධි තොරතුරු ලෙස ගෙනහැර පෑවේය. අනතුරුව ඔහු අණදෙන නිලධාරියාට කියන්නේ අකිලගෙන් හමුදාවේ තමන් ඇතුළු පිරිසට දැන් තර්ජනයක් එල්ලවී ඇති බවය. එහිදී ඔහු යෝජනා කරන්නේ අකිල නිහඬ කරන්නටය.

අණදෙන නිලධාරියාගෙන් ඊට මුලින් යහපත් ප්‍රතිචාරයක් නොවූවත් සිය සගයන්ගේ ජීවිතවලට තර්ජනයක් වූ අකිලගේ කතාව අවසන් කරන්නට ඉඩක් දෙන්නේ එය කිසිවකුටත් හසුනොවන ලෙසට සිදුකරතැයි වූ විශ්වාසයද ඇතිවය. ඒ වන තුරුත් අණදෙන නිලධාරියා කෝප්‍රල්වරයා මේ සිදුකරන්නේ පුද්ගලික උවමනාවක් බවට හාන්කවිසියක් දැන සිටියේ නැත. එසේ වී නම් බොහෝ විට එවැන්නක් සිදු කිරීමට ඔහුගෙන් ඉඩක් නොලැබෙනු ඇත.

මේ කාරණා එකින් එක හෙළිවන්නේ යුද හමුදාවෙන්ම භාරදුන් කෝප්‍රල් ඇතුළු සැකකරුවන්ගෙන් කෙරුණු ප්‍රශ්නකිරීම් හමුවේය. හැබැයි මුලින් නම් ඔවුන් සූදානම් වූයේ පොලීසිය වටේ යවන්නටය. ඒ කට පාඩම් කරගත් ප්‍රබන්ධයක් ඉදිරිපත් කරමිනි. එම ප්‍රබන්ධයට අනුව මේ සිව්දෙනා හැරුණු කොට එම ඝාතනයට වෙනත් කිසිවකුගේ සම්බන්ධයක් නොවීය. එහෙත් වෘත්තිමය විමර්ශකයන් හමුවේ ප්‍රබන්ධ වෙනුවට එළියට එන්නේ සැබෑවය. ඒ අනුව විටෙන් විට හමුදාවේ තවත් කිහිප දෙනෙක්ම පොලීසියට භාරදෙන්නට හමුදා බලධාරීන්ට සිදුවිය. අවසානයට ඉකුත් සතියේ භාරදෙන්නේ කඳවුරේ අණදෙන නිලධාරියාවය. ඔහුත් සමග හමුදාවේ 14 දෙනෙක් අකිලගේ ඝාතනයට ඒ වන විටත් පොලීසිය අත්අඩංගුවට ගෙන සිටියේය. කඳවුර පිටුපසින් කැලණි ගගේ කිමිදුම්කරුවන් යොදා අකිලගේ යතුරු පැදියේ කොටස්ද සොයාගත්තේය. පැහැරගැනීමට යොදාගත් හමුදා කැබ් රථය මෙන්ම අකිලගේ මළ සිරුර කසළ අංගනයේ සිට ගඟට විසිකිරීමට කළු පාලම අසලට රැගෙන ගිය තවත් හමුදා කැබ් රථයක්ද පොලිස් භාරයට ගත්තේය. දැන් එම කැබ් රථ දෙකම ඇත්තේ රස පරීක්ෂකවරයාගේ භාරයේය.

අනියම් ඇසුරක් නිසා කළ ඒ අමනෝඥ ක්‍රියාව මුළු මහත් හමුදාවටම නිගාවකි. එසේම මෙය හමුදාවේ නිලධාරීන්ට ගෙන දුන්නේද පාඩමකි. ඒ කොතරම් විශ්වාසවන්ත වූවත් ඔවුන් ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලීමටය. මේ සියලු තොරතුරු දැනට සිදුකර ඇති විමර්ශනවලදී පොලිසියට ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව අනාවරණය වූ ඒවාය. ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලදී මෙම කරුණු වෙනස්වීමට ඉඩ නැතුවාද නොවේ.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

තෙල් ණයට ගන්න ලංකාව චීනෙ එක්කත් කතා කරයි!

Next Post

මුස්ලිම් රටක් අන්තිමේදී ආණ්ඩුවට ණයට තෙල් ගන්න උදව්වට එයි!

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.