• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුමින්ද සිල්වාගේ නමත් ගෑවෙයි! ආයෝජකයකුගේ ඩාර්ලි පාරේ ඉඩමක් නිවාස අධිකාරිය බලෙන් අල්ලගෙන! මෙහෙම සිද්ධ වෙන රටකට ආයෝජකයෝ එයිද? (VIDEO)

September 30, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
දුමින්ද සිල්වාගේ නමත් ගෑවෙයි! ආයෝජකයකුගේ ඩාර්ලි පාරේ ඉඩමක් නිවාස අධිකාරිය බලෙන් අල්ලගෙන! මෙහෙම සිද්ධ වෙන රටකට ආයෝජකයෝ එයිද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි පර්චස් 214ක කෝටි ගණනක් වටිනා ඉඩමක් දුමින්ද සිල්වා මහතා සභාපතීත්වය දරන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් අල්ලා ගැනීමට උත්සාහ කොට ඇති බව සමගී ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කීය.

විදේශිකයන්ට ලංකාවට පැමිණ ආයෝජනය කරන ලෙස ආණ්ඩුව ඉල්ලා සිටින අතරවාරයේ ආණ්ඩුවේ නිලධාරීන් අධිකරණ නියෝගයක් නොමැතිව සහ නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීමට උත්සාහ කිරීමෙන් ආයෝජකයන් ලංකාවට පැමිණේවිදැයි යන සැකය මතුවන බවද ඒ මහතා කීය.

මෙම සිදුවීමට සම්බන්ධ සියලුම කැබිනට් පත්‍රිකා තමන් සතුව ඇති බවත්, අවශ්‍ය මොහොතක ඒ පිළිබදව සංවාද කිරීමට තමන් සූදනාම් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මීට පෙර මව්රට වෙබ් අඩවිය මෙම පුවත මුල්වරට පළකළේ මෙසේය.

විදේශ ආයෝජකයෙක්ට අයත් කොළඹ පර්චස් 214ක් ආණ්ඩුවේ නිලධාරිනුයි-මරදාන පොලිසියයි මහදවල් බලෙන් අල්ලගෙන! ඇමැතිවරයෙකුත් ගෑවිලා? උසාවි නියෝගයක්වත් නෑ!

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි පර්චස් 214ක කෝටි ගණනක් වටිනා ඉඩමක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් මරදාන පොලිසියේ නිලධාරීන් පිරිසක් කැටුව ගොස් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති පුවතක් වාර්තා වේ.

ඊයේ (19) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති බව දැනගන්නට ඇත.

මෙම ඉඩම 2006 වසරේදී එවකට මහින්ද රාජපක්ෂ රජයේ නිවාස ඇමැතිනිය වශයෙන් කටයුතු කළ ෆේරියල් අශ්රොෆ් මහත්මිය විසින් සුභෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් මගින් විදේශ ආයෝජකයෙකුට ලබා දී තිබූ එකක් වන අතර එහි විදේශ ආයෝජනය ව්‍යාපෘතියෙන් 70%කි.

නමුත් මෙම ආයෝජන ව්‍යාපෘතිය ඒ කාලය තුළ ආරම්භ වී නැත.

පසුව 2010 වසරේදී නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විමල් වීරවංශ මහතා නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉඩම ආයෝජකයකු යටතට පත් කිරීමට අවසර ඉල්ලා තිබිණ.ඊටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය පියවර ගෙන තිබිණ.

පසුව යහපාලන ආණ්ඩු සමයේ නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා මෙම ව්‍යාපෘතියෙන් ආණ්ඩුවට ලැබීමට නියමිතව තිබූ හිග මුදල් පවා ඉන්දීය තානාපති කාර්යාලයේ මැදිහත් වීම මත ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව පැවැති රජයන් තුනකින්ම මෙම ව්‍යාපෘතිය තහවුරු කිරීමට කටයුතු කොට ඇත.

නමුත් එසේ තිබියදී ඊයේ (19) පෙරවරුවේ මරදාන පොලිසියේ නිලධාරීීන් පිරිසක් සමග පැමිණ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් බලහත්කාරයෙන් ඉඩමට ඇතුල් වී එය අත්පත් කර ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ් නීති විරෝධී කටයුතු සිදුවන බවටත්, මානව හිමිකම් උල්ලංඝනය වන බවටත් ජාත්‍යන්තරය හමුවේත්, ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේත් ලංකාවට එරෙහිව බරපතළ චෝදනා නගා ඇති අවස්ථාවක මෙවැනි අනීතික ක්‍රියාවන්ද සිදුවෙමින් පැවතීමය.

අනෙක් අතට රාජ්‍ය අමාත්‍යවරයකු බන්ධානාගාරවලට බීමතින් ඇතල් වී යකා නටා ඇති බවට ජාත්‍යන්තරය හමුවේ ‌ලංකාව අපකීර්තියට පත්ව ඇති මොහොතක ‌විදෙස් ආයෝකයන්ට සිදු කරන මෙවැනි ‌අනීතික ක්‍රියා හේතුකොටගෙන ලංකාව කෙරෙහි විදෙස් ආයෝජකයන්ගේ ඇති විශ්වාසයද බිදවැටීමද වැළැක්විය නොහැක.

එමෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රටෙන් පිටව ඇති මොහොතක ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීීන් මේ ආකාරයට නීතිය අතට ගෙන ක්‍රියාකිරීම සම්බන්ධයෙන් දැනටමත් විශාල විරෝධයක් එල්ලවෙමින් පවතින ආකාරයක්ද වාර්තා වේ.

මෙම සිදුවීමට ආණ්ඩුවේ දේශපාලකයකුද සිටින බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ‌රටට කරුණු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

දෙමළ චිත්‍රපටවල වගේ පටන්ගත්ත විදිහට අපි හිතුවෙ රුපියල් හැටට හාල් කන්න පුලුවන් වෙයි කියලා! ජනපතිතුමනි දැන් ඔබතුමා ගහන ගැසට් තිත්ත වෙලා! (VIDEO)

Next Post

හමුදාවට 72යි! ජුම්මා පල්ලියේදී සෙත් පැතුවේ මෙහෙමයි! (PHOTOS)

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.