සහල් වර්ග තුනක් සඳහා නව සිල්ලර මිල නිවේදනය කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබේ.
ඒ අනුව නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රු 115ක්, සම්බා සහල් කිලෝවක් රු 140ක් සහ කිරී සම්බා කිලෝවක් රු 165කට අලෙවි කිරීමට මිල තීරණය කර ඇත.
අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසීය.
මේ අතර සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර සහ තොග මිල ගණන්වලට අදාළ ගැසට් පත්‍ර අවලංගු කිරීමට ඊයේ (27) කැබිනට් මණ්ඩලය තීරණය කළේය.










