• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ දවල් විදේශ ආයෝජකයෙකුගේ ඉඩමක් අල්ලා ගත්තාට නිවාස අධිකාරියට හා පොලිසියට ‌ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු වැටෙයි!

September 28, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
20ට එරෙහිව පළමු නඩුව වැටෙයි
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව පවසමින් ඕක් ස්ට්‍රීට් සමාගම විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සහ පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ පෙස්සමක් ගොනු කොට ඇත.

නිශ්චල දේපල ආයෝජකයෙකු සහ සංවර්ධකයෙකු වන ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (එල්ආර්අයි) හි අනුබද්ධ සමාගමක් වන ඕක් ස්ට්‍රීට් සමාගම ඩාර්ලි පාරේ පර්චස් 214 ක ඉඩමක් නිවාස සංවර්ධන අධිකාරිය විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීමෙන් පසුව මෙම පෙස්සම ගොනු කොට තිබේ.

අප ඉකුත් 20 වැනි දින මේ පිළිබද කළ විශේෂ අනාවරණය ‌පහත පළවේ.

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි පර්චස් 214ක කෝටි ගණනක් වටිනා ඉඩමක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් මරදාන පොලිසියේ නිලධාරීන් පිරිසක් කැටුව ගොස් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති පුවතක් වාර්තා වේ.

ඊයේ (19) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති බව දැනගන්නට ඇත.

මෙම ඉඩම 2006 වසරේදී එවකට මහින්ද රාජපක්ෂ රජයේ නිවාස ඇමැතිනිය වශයෙන් කටයුතු කළ ෆේරියල් අශ්රොෆ් මහත්මිය විසින් සුභෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් මගින් විදේශ ආයෝජකයෙකුට ලබා දී තිබූ එකක් වන අතර එහි විදේශ ආයෝජනය ව්‍යාපෘතියෙන් 70%කි.

නමුත් මෙම ආයෝජන ව්‍යාපෘතිය ඒ කාලය තුළ ආරම්භ වී නැත.

පසුව 2010 වසරේදී නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විමල් වීරවංශ මහතා නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉඩම ආයෝජකයකු යටතට පත් කිරීමට අවසර ඉල්ලා තිබිණ.ඊටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය පියවර ගෙන තිබිණ.

පසුව යහපාලන ආණ්ඩු සමයේ නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා මෙම ව්‍යාපෘතියෙන් ආණ්ඩුවට ලැබීමට නියමිතව තිබූ හිග මුදල් පවා ඉන්දීය තානාපති කාර්යාලයේ මැදිහත් වීම මත ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව පැවැති රජයන් තුනකින්ම මෙම ව්‍යාපෘතිය තහවුරු කිරීමට කටයුතු කොට ඇත.

නමුත් එසේ තිබියදී ඊයේ (19) පෙරවරුවේ මරදාන පොලිසියේ නිලධාරීීන් පිරිසක් සමග පැමිණ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් බලහත්කාරයෙන් ඉඩමට ඇතුල් වී එය අත්පත් කර ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ් නීති විරෝධී කටයුතු සිදුවන බවටත්, මානව හිමිකම් උල්ලංඝනය වන බවටත් ජාත්‍යන්තරය හමුවේත්, ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේත් ලංකාවට එරෙහිව බරපතළ චෝදනා නගා ඇති අවස්ථාවක මෙවැනි අනීතික ක්‍රියාවන්ද සිදුවෙමින් පැවතීමය.

අනෙක් අතට රාජ්‍ය අමාත්‍යවරයකු බන්ධානාගාරවලට බීමතින් ඇතල් වී යකා නටා ඇති බවට ජාත්‍යන්තරය හමුවේ ‌ලංකාව අපකීර්තියට පත්ව ඇති මොහොතක ‌විදෙස් ආයෝකයන්ට සිදු කරන මෙවැනි ‌අනීතික ක්‍රියා හේතුකොටගෙන ලංකාව කෙරෙහි විදෙස් ආයෝජකයන්ගේ ඇති විශ්වාසයද බිදවැටීමද වැළැක්විය නොහැක.

එමෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රටෙන් පිටව ඇති මොහොතක ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීීන් මේ ආකාරයට නීතිය අතට ගෙන ක්‍රියාකිරීම සම්බන්ධයෙන් දැනටමත් විශාල විරෝධයක් එල්ලවෙමින් පවතින ආකාරයක්ද වාර්තා වේ.

මෙම සිදුවීමට ආණ්ඩුවේ දේශපාලකයකුද සිටින බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ‌රටට කරුණු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

දුප්පතුන්ට දෙන සහන මල්ලට නාගරික කොමසාරිස්වරිය පොල්ල දමයි! මන්ත්‍රීවරු උපවාසයක් අරඹති! (VIDEO & PHOTOS)

Next Post

ආණ්ඩුවෙන් යන්න ඕනෑනම් ඕනෑ වෙලාවක යන්න පුලුවන්! මහින්ද එහෙම කිව්වේ විමල්-වාසු-ගම්මන්පිලටද?

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.