සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීම අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමය පෙන්වා දෙන්නේ, ළමා අයිතිවාසිකම් හා සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා එය යෝජනා කරන බවය.
දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ තාක්ෂණික කමිටුවේදී මේ බව පෙන්වාදී තිබේ.
එහිදී එන්නත් ලබාදෙන දරුවන් සඳහා හැඳුනුම්පත් අංකයක් නොමැතිවීම පිළිබඳව අවධානය යොමුවී ඇති අතර පවුල් සෞඛ්‍ය කාර්යාංශය මින් පෙර දරුවන් සඳහා උපතේදී ජාතික හැදුනුම්පත් අංකයක් ලබාදීම පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව තාක්ෂණික කමිටුවේ අවධානය එලෙස යොමු කර තිබේ.










