අද පැවැති ජීවන වියදම් කමිටු සාකච්ජාව අතරතුරදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රශ්නයක් මුල් කරගෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතා හට පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දීමට සිදුවූ පුවතක් වාර්තා වේ.
දැනගන්නට ඇති ආකාරයට බන්දුල ගුණවර්ධන මහතා මෙම සාකච්ජාව අතරමැදදී තමන්ට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂවරයකු වශයෙන් සිටි තුෂාන් ගුණවර්ධන මහතා බරපතළ චෝදනා කිහිපයක් එල්ල කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවත් සදහන් කොට තිබේ.
ඒ අනුව අදාළ පැමිණිල්ල වහාම විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන මෙන් මෙහිදී බන්දුල ගුණවර්ධන මහතා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.
අමාත්‍යවරයාගේ දැඩි පෙරැත්තය නිසාම සාකච්ජාව අතරමැදදී අගමැතිවරයා පොලිස්පතිවරයාට ඇමතුමක් ගෙන විමර්ශන කඩිනමින් සිදු කරන ලෙස ඉල්ලා ඇත.










