• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරාක්‍රම සමුද්‍රයේ හදන ජොගින් ට්‍රැක් එක ගැන ඇමැති රොෂාන් දැනුවත් කරයි! කෝට්ටේ අනුනායක හිමි කැමැත්ත දෙයි!

September 24, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පරාක්‍රම සමුද්‍රයේ හදන ජොගින් ට්‍රැක් එක ගැන ඇමැති රොෂාන් දැනුවත් කරයි! කෝට්ටේ අනුනායක හිමි කැමැත්ත දෙයි!
Share on WhatsAppShare on Facebook

පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම උඩින් සියලුම බර වාහන වලට යන්න හොඳයි නම් මිනිස්සුන්ට පයින් යන එක ගැටළුවක් වෙන්නේ කොහොමදැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වාද්දුව ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ විමසති .

අනු නා හිමියෝ එසේ විමසුවේ, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අනුනාහිමියෝ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදීය .

එහිදී පරාක්‍රම සමුද්‍රයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අනුනාහිමියෝ දැනුවත් කළේය .

එහිදී තවදුරටත් අනු නාහිමියෝ මෙසේද අනුශාසනා කලෝය.

පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම උඩින් රොෂාන් රණසිංහ ඇමතිතුමා එම කාර්යය රහසිගතව සිදු කරපු එකක් නොවේ. අදාල සියළු අංශ දැනුවත් කරලා, විශේෂයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන්, නාගරික සංවර්ධන අධිකාරිය, යන ආයතන වලින් අවසර අරගෙන නගර ප්‍රධානීන්ගෙන්, දිසාපතිවරයාගෙන් අවසර අරගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් විදිහට තමා එතුමා සඳහන් කළේ.

ඇත්ත වශයෙන්ම මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ දේශපාලන වාතාවරණය, සමාජමය වාතාවරණය පිළිබඳ අපට තියෙන්නේ ලොකු කල කිරීමක්. බොහෝ කටයුතු මේ රටේ සිදු වන්නේ  අවංකව නෙමෙයි කියන එකයි පැහැදිලි වෙන්නේ.

දැන් දේශපාලන ක්ෂේත්‍රය ගත්තහම දේශපාලන ක්ෂේත්‍රයේ පක්ෂ විපක්ෂ වැඩි දෙනෙක් කරන කතා බහ මාධ්‍ය වලින් අපි දකිනවා. මේ අදහස් වලින් පැහැදිලි වන්නේ බොහෝ දෙනෙක් කතා කරන්නේ එකක් හිතේ තියාගෙන බවයි. මම කියන එක බොරු නම් මධ්‍යස්ථ ජනතාව හොඳට හිතල බලන්න මධ්‍ය වලින් යන දේශපාලන අදහස් කොයි වගේ ද, කියලා. හැමෝම ඉන්නේ අන්තයෙහි. හැමෝගේම අදහස උඩින් තියෙන එකට වඩා යටි බලාපොරොත්තුවක් කියන එක පැහැදිලි. මේකට කියන්නේ කුහකකම කියලා. මේ අද ඊයේ නොවේ අවුරුදු ගණනාවක ඉඳල අප රටේ උද්ගත වෙමින් පවතින බරපතල ව්‍යසනයක් කියලයි මම දකින්නේ.

දැන් මීට අවුරුදු ගණනාවකට පෙර අප රටේ සිදු වුණ සංවර්ධන වැඩසටහන් ගත්තහම පහුගිය අණ්ඩුවකදී මට මතකයි මේ රටේ ජනතාවගේ යහපත පිණිස සුවසේවා ගිලන් රථ ගෙනාව. මෙම රථ ගෙන්න කලින් රටේ ලොකු සමාජ මතයක් කවරු කවරු හරි එකතු වෙලා ගොඩනැගුව. මේක මහා බරපතල වැරැද්දක් ඉන්දියන් ආක්‍රමණයක්, මේ වාහනය එලවන්නේ ඉන්දීය ජාතිකයෝ රට අක්‍රමණය වෙනවා, රැකියා නැතිවෙනවා, දැන් බලන විට පේනව එය හොඳ වැඩක් විදිහට.  මේ අවස්ථාවේදී එම වහන වලින් රටේ සෞඛ්‍ය ගැටළුවට කොයි තරම් ප්‍රයෝජනය වී තිබෙනවා ද. ඒකලේ යම් යම් අය කතා ගොතලා එම වැඩය නවත්වන්න උත්සහ ගත්ත කියලා මම හිතනවා.

දැන් බලන්න අපේ රටේ අධිවේගී මාර්ග හැදෙන විට කොයි තරම් පිරිසක් මෙයට විරුද්ධ වුනාද දැන් බලන විට අධිවේගී මාර්ග වටිනවා කාටත් ඕනේ කවුරුත් මේ වයින් යනවා. විරුද්ධ වෙච්ච අයත් යනවා.

දේශපාලනඥයෝ හිතනවා විරුද්ධ පක්ෂය කියන්නේ හැම දෙයකටම විරුද්ධ වීම කියල. හොද වැඩය හොඳයි කියල නිහතමානී වෙන්න දේශපාලනඥනයන්ට පුළුවන් වෙන්න ඕන. නරක වැඩය නරකයි කියල ඒවාට හේතු දක්වලා පැහැදිලි කරල දෙන්න පුළුවන් වෙන්න ඕනැ.ඒකයි ප්‍රතිපක්ෂය කියන්නේ.

මෙම ව්‍යසනයේදී දැන් අපිට පේනව පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර තිබුන මේ දේශපාලන පැටැලැවිල්ල පක්ෂ අතරටත් ඇවිල්ල. පක්ෂ අතරම ඉන්න අය එක් අයෙක් සංවර්ධනයක් එම පළාතේ සිදු කරන විට තව කෙනෙක් විරුද්ධ වෙනවා. එකම පක්ෂයේ අය දැන් වාද බේද වෙනවා. එකම පක්ෂයේ අයත් මාධ්‍යයට ඇවිත් ඔවුනොවුන්ට විරුද්ධව කතා කරනවා. එය නරක තත්වයක්. ඒ නිසා මම ඉල්ලා සිටිනවා දේශපාලනඥයන්ගේ පිරිහුණු චරිත ලක්ෂණ සමාජයට ප්‍රකට කලාට,මේ රටේ ඉගෙන ගත්ත විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා, මේ රටේ පරිණත මිනිසුන්, ඉතාම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. මේ දේශපාලනඥයන්ගේ පස්සේ ඉඳගෙන දේශපාලඥනයන්ට උදව් කරමින් හොඳ දෙයත් නරකයි කියමින් නරක දෙයත් හොඳයි කියමින් කටයුතු කරන සංස්කෘතිය නැති කර ගන්න ඕනැ.

මම දකිනවා පරාක්‍රම සමුද්‍රය ඉස්මත්තේ ඉඳිවෙන මෙම අඩි පාර  ඉඳි කිරිම පිළිබඳව රටේ කතා බහක් ඇති වෙලා තියෙනවා.මහා සංඝරත්නයත් බේද බින්න වෙලා තියෙනවා. එසේ නොවී මහා සංඝ රත්නය එක් මතයකට ඇවිල්ලා එම ප්‍රදේශයේ හාමුදුරුවෝ සහ නායක හාමුදුරුවෝ එකතු වෙලා එක තීරණයකට ඇවිල්ල එම ප්‍රදේශයේ සිටින දේශපාලනඥනයෝ එක තිරණයකට ඇවිල්ලා මෙම කටයුතු ක්‍රියාත්මක වෙනවා නම් හොදයි කියලා මම හිතනවා.

රොෂාන් රණසිංහ ඇමතිතුමා මට කිව්වේ මෙයට අවශ්‍ය සියළුම අනුමැතීන් ලැබිලා තියෙන්නේ කියලා. මම දකින එක දෙයක් තියෙනවා අප රටේ අනාගතය අපිට ගොඩ ගන්න පුළුවන් නම් වැදගත් ක්ෂේත්‍රයක් තමා සංචාරක ව්‍යාපාරය. ඒ සඳහා අවශ්‍ය පසු බිම අපේ රටේ ගොඩ නැගෙන්න ඕනැ. මේ අපේ තිබෙන වැව් සංස්කෘතිය පුරාවිද්‍යා ස්ථාන සියල්ලක්ම රැකෙන්න ඕනැ. ඒවා රැකෙනවා කියන්නේ කැළයට යවන එකවත්, අදාළ තැනට යන්න බැරි වෙන්න තියෙන එකත් නොවේ. එම නිසා මේ රටේ පරාක්‍රම සමුද්‍රය උඩින් බස් යනවා, ලොරි යනවා නොයෙක් නොයෙක් බඩු පටවගත් ගල්පටවා ගත් ඇතැම් විට විශාල බර පටවා ගත් වාහන අනන්තවත් යනවා, මෙම වැව් බැම්ම උඩින්. එච්චර බර දේවල් යන්න මෙම වැව් බැම්ම ශක්තිමත් නම් මිනිසුන්ට පයින් යන්න මෙම මාර්ගයේ ගල් ටිකක් දමා පොඩ්ඩක් සකස් කිරීම බරක් ද කියන එක මට නම් ප්‍රශනයක්.

මධ්‍යස්ථව බලන කොට පේනව මේක මහ ලොකුවට කෑ ගහලා බේද බින්න වෙලා දේශපාලඥනයොත් මහා සංඝ රත්නයත් එකතු වෙලා මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරන මට්ටමට සිදු කරන මෙම බොරු කොලහාලය නවත් වන්න ඕනේ කියලා.

දැන් අපි දකිනවා මහනුවර වැව් වැව රවුම වටේට ඔය කියන ලෙස වැව් රවුම නොහැදුවානම්  සුන්දරත්වයක් දකින්න බැහැ. එම වැව හොදට ආරක්ෂා වෙලා තියෙනවා. මම හිතනවා මීට කලින් පරාක්‍රම සමුද්‍රයේ හෝටල් හදල තියෙනවා. ගෙවල් හදල තියෙනවා මහ රැජිණගේ කාලයේ රෙස්ටවුස් එකක් හදල තියෙනවා. වැවටම කණු සිටුවලා තියෙනවා. එසේ තිබියදී පටු මාවතක් වැව අයිනෙන් පයින් ගමන කිරීමට සකස් කිරීම වරදක්ද කියලා මට හිතෙන්නෙ නැහැ.

නමුත් අදාල අංශ එයට සම්පූර්ණ සහතිකය දෙනවා නම් එබඳු දෙයක් කලයි කියලා වරදක් නැහැ. මේකට අපි පක්ෂ වලට විපක්ෂ වලට මහා සංඝරත්නය බේද බින්න කරගෙන පාර්ශව ගොඩ නාගගෙන කටයුතු කිරීම බොහොම වැරදියි. හොඳ නම් හොදයි කියන්න නරක නම් ප්‍රතික්ෂේප කරන්න ඒක තමයි අපේ රටට අවශ්‍ය කියලා මම හිතන්නේ.

SendShareShare
Previous Post

ගෝඨායි අයෝමායි 9/11 ප්‍රහාරයේ සමරුවට මල් තියයි! (PHOTO)

Next Post

බරපතළ දෙයක් අද හෙළිවුණා…! උසාවි නියෝග නැතිව CID අධ්‍යක්ෂ පුද්ගලයන්ගේ දුරකතන දත්ත ලබා ගන්නවා! (VIDEO)

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.