අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට පසුගිය දින දැනුම් දීමක් සිදු කර තිබුණද ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන හේතුව කුමක්දැයි සඳහන්ව නොතිබීම හේතුවෙන් ඊයේ (20) දිනඋදෑසන මනූෂ නානායක්කාර මහතාගේ නීතිඥවරයා අදාළ හේතු විමසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් භාර දුන්නේ ය.
නීතිඥ බුද්ධීන් සිරිවර්ධන මහතා,
අද මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට සී.අයි.ඩී එකට එන්න කියලා තිබ්බා. එන්න කියපු එකේ, ඒ මැසේජ් එකේ තිබුණේ නෑ ඇයි එන්න කියන්නේ මොකටද කින්ද මන්ද කියලා. එන්න කියන හේතුව මොකක්ද කියලා තමයි අද අපි භාර දුන්නා ලිපියක් සී.අයි.ඩී එක වෙතට. ඊටපස්සේ අපි ඉතිං සී.අයි.ඩී එකෙන් ප්‍රතිචාරයක් ලැබෙනකන් තමයි අපි ඉන්නේ










