තැබෑරුම් විවෘත කිරීමට ගත් තීරණයත් විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත්කලා වගේ වැඩක් යැයි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
සරු අස්වැන්නක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් – ටිකෙන් ටික වතුර පිරවූ වැවක්, එක්වරම හෝස් ගා වතුර ඇර අස්වැන්න පාළුකරගත්තා වගේ වැඩක් මේ කරගෙන තිබෙන්නේ යැයිද ඈ පවසයි.
මෙවැනි ඔලමොට්ටල තීරණයක් ගත්තේ කවුදැයි දැන ගැනීමට තමන් කැමති බවද මන්ත‍්‍රීවරිය කීවාය.
ඊයේ බෙන්තරදී පැවති මාධ්‍ය හමුවක දී ඈ මේ අදහස් පළ කර තිබේ.










