• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරාක්‍රම සමුද්‍රයේ ජොගින් ට්‍රැක් එකට පොලොන්නරුව දෙකට බෙදෙයි! (VIDEO)

September 20, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
දිනය 25! පරාක්‍රම සමුද්‍රයේ බන්ට් එක උඩ ගොවියෝ බිලි පූජාවකට සූදානම්!  (VIDEO)
Share on WhatsAppShare on Facebook

පරාක්‍රම සමුද්‍රයේ රළපනාව මත ඉදිකිරීමට නියමිත ඇවිදින මංතීරුව ඉදිකළ යුතු බව පොළොන්නරුව තරුණ එකමුතුව පෙන්වා දෙයි.

පරාක්‍රම සමුද්‍රය සුරැකීම ව්‍යාපාරය අවධාරණය කළේ, වටිනා ජාතික සම්පතක් විනාශ කිරීමට ඉඩ නොදෙන බවයි.

ඊයේ (19) පෙරවරුවේ පොළොන්නරුව තරුණ එකමුතුව නමින් පිරිසක් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මතට පැමිණ මංතීරුව ඉදිකිරීමට සූදානම්වූ ස්ථානය නිරීක්ෂණය කළේ ය.

එලෙස පැමිණි පොළොන්නරුව තරුණ එකමුතුව පුබුදු ජයසමන් නමැත්තා සඳහන් කළේ, වාරි ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කරගෙන වාරි ඉංජිනේරු කාර්යාලය මැදිහත්ව සිදු කිරීමට යන මේ කටයුත්තේ වරදක් නොදකින බවයි.

”මේ කටයුත්ත සිද්ධ කරන එකෙක් වැරදි භාවයක් අපිට පේන්නේ නෑ. හේතුව මේක නිකම්ම නිකං ගමේ ඉන්න සුමනෙ මාමලා, මයිකල් මාමලා, ඇවිල්ලා බාස්ලා ඇවිල්ලා කරන එකක් නෙවෙයි නේ. වාරි ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කරගෙන වාරි ඉංජිනේරු කාර්යාලය මැදිහත් වෙලා මේක කරන්නේ. රලපනාව වැවට තල්ලු කරලා කියලා කියනවා. හැබැයි එහෙම කටයුත්තක් නෑ මේකේ. යම් මට්ටමක පොඩි සුද්ධ පවිත්‍ර කිරීමක් කරලා තියෙනවා”

සූභාෂ් ගලප්පත්ති නමැත්තා එහිදී මෙවැනි ඉල්ලීමක් සිදු කළේ ය.

”සත්‍ය… මොකක්ද කියන එක හොයලා බලලා තමයි අපේ තරුණ තරුණියන් අද මෙතෙන්ට පැමිණියේ රාජ්‍ය ඇමති කෙනෙක් විදිහට පත් වෙලා රොෂාන් රණසිංහ ඇමතිතුමා වැඩ කරන් යද්දි, මේ සියලු දෙනා කකුලෙන් අදින න්‍යාය ක්‍රියාත්මක කරන්න එපා කියන ඉල්ලීම අපි සිදු කරනවා”

පොළොන්නරුව තරුණ එකමුතුවේ නශාන්ත ජීවන් පැවසුවේ, – වැව විනාශ වන්නේ නම්, මුලින්ම පෙළ ගැසෙන්නේ සිය එකමුතුව බවයි

”මේ වැව විනාශ වෙනවා නම්, ඉස්සරලම පෙළ ගැහෙන්නේ අපි. වැලි ටිපර් ගල් ටිපර් විස්සක් තිහක් මේකේ යනවා දවස පුරා බලන්න පාරේ තැන් තැන් වල ඉරි තැලිලා තියෙනව. ඉස්සරලම එහෙනම් විරුද්ධ වන කට්ටිය විරුද්ධ වෙන්න ඕනේ ඒකට. මොකද මිනිහෙක් පයින් ගියා කියලා වැව් බන්ට් එක විනාස වෙන්නෙ නෑ”

මේ අතර පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ව්‍යාපාරය අද පෙරවරුවේ පොළොන්නරුව බෝධිමළු විහාරස්ථානයට එක්රැස්විය.

මහා සංඝරත්නය සහ ගොවීන් ඇතුළු විශාල පිරිසක් පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ව්‍යාපාරයට එක්වී සිටිති.

එහි සභාපති ජගත් අරුණ කීර්ති මහතා අභියෝග කරමින් කියා සිටියේ,  මෙහි කටයුතු ආරම්භ කළ හොත් එදිනට බලධාරීන්ට ගොවීන්ගේ ශක්තිය දැක ගැනීමට හැකි වනු ඇති බවයි.

”අපවාහන පද්ධතිය බිඳ වැටිලා බෙදුම් ඇලවල් සම්පූර්ණයෙන් කැඩීබිදී ගිහිල්ලා, හැබැයි මේවා ගැන කතාවක් නෑ. එක එක දේශපාලන පක්ෂවල එක එක උදවිය ඇවිල්ලා බන්ට් එකේ මොනවා කරත්, වැඩේ පටන් ගන්න කියන්න පුළුවන්නම් ගොවියන්ගේ හයිය පෙන්නන්නම් අපි. වැලි කැටයක් ගල්කැටයක් පෙන්නේ නැති වෙන්න ගොවියෝ නිදියනවා මේකේ…”

ගොවීන් සහ මහා සංඝරත්නය සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාගමනින්ම ගොස් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා හානිකළ රළපනාව නිරීක්ෂණය කළේ ය.

පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාපතිවරයා එහිදී මෙලෙස අදහස් පළ කළේ ය.

”පොඩි වැස්ස පටන් ගත්තෙ හෙට අනිද්දා වෙනකොට හොඳටම වහිනවා මේක ගැලවිලා අරහෙට හේදිලා කඩාගෙන ගියොත් කවුද වගකියන්නේ? . පල්ලෙහයින් ඉන්න අහිංසක ගොවියන් ගේ ජීවිත දේපළ වලට කවුද වගකියන්නේ? එයාල හිතන් ඉන්නවා පරාක්‍රම සමුද්‍රයේ ගොවිය විතරයි මේකට ඉන්නේ කියලා මුළු පොළොන්නරුවෙ ම ගොවියො ඉන්නවා. මේක රටේ උරුමයක් ලෝක උරුමයක්”

අලුත්වැව නැගෙනහිර ගොවි සංවිධානය අවධාරණය කර සිටින්නේ, මොනම හේතුවක් මත හෝ මෙම මංතීරුව ඉදි කිරීමට ඉඩ නොදෙන බවයි.

සභාපති පී.කේ.ඩී. විජේරත්න මහතා පැවසුවේ, අවශ්‍ය නම්, මෙය පරාක්‍රම සමුද්‍රයේ යටිපැත්තේ ඉදි කළ හැකි බවයි.

”සියලු ගොවීන් ඉල්ලනවා ඒක යටිපැත්ත හදන්න. මෙතනම හුලං වදින්න ඕනි කියන්නේ වෙන මොකවත් නෙවෙයි, බේරෙ වැවට උණ තිස්ස වැවට උණ දේ මේකට වෙනවා. මේක විකුණනගෙන කන්න හදන්නේ” -නිව්ස් ෆස්ට්

SendShareShare
Previous Post

රට යළි මහින්දට බාර වෙයි!

Next Post

තවත් වැව් 5ක ජොගින් ට්‍රැක් හදන්න බිලියන 2ක් වෙන් කරයි!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.