• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්නන්ගර-ප්‍රේමදාස දුප්පත් දරුවන්ට ගොඩ නැගූ නිදහස් අධ්‍යාපනය මේ ආණ්ඩුව විනාශ කරලා! වහාම අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න!

September 19, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
කාන්තාවන්ට දරුවන්ට හිංසා කරන කවුරු වුවත් නීතිය ක්‍රියාත්මක කරන්න! සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සාධාරණ විසඳුමක් ලබාදී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

රජයේ අදූරදර්ශීභාවය හේතුවෙන් දශක ගණනාවක් භුක්ති විඳි නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් දිළිඳු දරුවන්ගෙන් බැහැර කෙරෙමින් පවතින බව විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මාස දෙකකට අධික කාලයක් පුරා ගුරු විදුහල්පතිවරුන් වැටුප් විෂමතා ගැටලු විසඳා ගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටින අතර මේ පිළිබඳ වහා අවධානය යොමු කර විද්වත් කමිටු යෝජනා කරන පරිදි එම ගැටලු විසඳා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම පාලකයින්ගේ වගකීමක් බව ඔහු පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු නිරාකරණය කිරීමට දක්වන මැළිකම හරහා ආණ්ඩුව දරුවන්ගේ අධ්‍යාපනය මොට කිරීමට එරෙහි සමගි ජනබලවේගයේ ස්ථාවරය.

ඔබ අප සැම දන්නා පරිදි ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය අද දිනයේ මුහුණ දී සිටින්නේ එහි ඉතිහාසයේ අඳුරුතම යුගයකට ය. රට පාලනය කරන ආණ්ඩුවට හා එහි නායකකාරකාදීන්ට අධ්‍යාපන අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගළවා ගැනීම පිණිස සාධනීය වැඩපිළිවෙලක් පවතින බවක් දක්නට නොමැත. මෙම අවාසනාවන්ත අධ්‍යාපන අර්බුදයේ වර්තමාන හා අනාගත ප්‍රතිවිපාකයන්හි බරපතලකම හා ව්‍යසනකාරි බව මෙරට පාලකයන්ට නොපෙනීම හා අවබෝධ නොවීම අතිශය පිළිකුල් සහගත ය. ආණ්ඩුවේ අදූරදර්ශි භාවය හේතුවෙන් දශක ගණනාවක් භුක්ති විඳින ලද නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් රටේ දිළිදු අසරණ දරුවන් බැහැර කෙරෙමින් පවතින අතර ආචාර්ය සී- ඩබ්. ඩබ්- කණ්නන්ගර ශ්‍රීමතාණන් විසින් ගොඩනැඟු හා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක කළ පාසල් දරුවන් උදෙසා නොමිලේ නිළ ඇඳුම් ලබාදීම, පෝෂණීය ආහාර සැපයීම, මාපිය කැපකරු භාරකාර ක්‍රමය ඇතුළු විවිධ සුභසාධන වැඩසටහන් ඔස්සේ සුරක්ෂිත කරනු ලැබූ නිදහස් අධ්‍යාපනය අද දවසේ පොදු ජනතාවට, ඔවුන්ගේ දරුවන්ට අහිමි කෙරෙමින් පවතින්නේ ඉතාමත් ඛේදනීය අයුරිනි.

දැනට මාස දෙකකට අධික කාලයක් තිස්සේ මේ රටේ පාසල් ගුරුවරු සහ විදුහල්පතිවරු තමන් කාලයක් තිස්සේ මුහුණ දෙන වැටුප් විෂමතා ගැටළුව නිරාකරණය කරගැනීම සම්බන්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටිති. කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීිමට රජය අසමත් වන විට ගුරු විදුහල්පතිවරු තම පඩිපත වැයකරමින් විශාල වෙහෙසක් දරමින් ලබාදුන් ජාලගත ඉගෙනුම පවා අද වන විට දැයේ දරුවන්ට අහිමිව ගොස් ඇත. වැටුප් විෂමතා ගැටළුව විසදීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බවක් දිස්වන අතර විසඳුම් ලබානොදී කමිටු පත් කරමින් කල් මරමින් සිටි. මේ තත්ත්වය පිළිබඳව වහා අවධානය යොමු කොට පවතින වැටුප් විෂමතා ගැටළු විද්වත් කමිටු යෝජනා කරන පරිදි විසඳා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරක්ෂිත කිරීම පාලකයන්ගේ වගකීම වන්නේය.

මේ වන විට ලක්ෂ හතලිස් තුනකට අධික වු මෙරට පාසල් සිසු දරුදැරියන්ට වසර එක හමාරකට වැඩි කාලයක් පාසල් අධ්‍යාපනය අහිමි වි ඇත- වැටුප් විෂමතා අරගලය හා රජය එය විසඳීමට සාධනීය පියවරක් නොගන්නා පරිසරයක් තූළ මාස දෙකක පමණ කාලයක් දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ද අහිමි වි ඇත- විශ්වවිද්‍යාල හා වෙනත් රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දමා ඇත- අධ්‍යාපනය අහිමි වීම නිසා පාසල් දරුවන්, උසස් අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් හා ඔවුන්ගේ දෙමාපියන් දැඩි කළකිරීමකට හා අපේක්ෂා භංගත්වයට පත්ව ඇත- අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙම කඩාවැටීම දරු දැරියන්ගේ පුද්ගල මානසික හා ශාරීරික සංවර්ධනයේ විශාල බිඳවැටීමකට හේතු වන බවත් එය මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය ආපස්සට හැරවීමට කටයුතු කරන බවත් ඉතාමත් පැහැදිලිය-

එවන් වාතාවරණයක් තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටළු විසඳීමට රජය උනන්දු නොවීම හරහා දිගින් දිගටම දරුවන්ට අධ්‍යාපනය අහිමි කිරීම සමඟි ජන බලවේගයේ නායකවරයා හා රටේ විපක්ෂ නායකවරයා වශයෙන් පිළිකුලෙන් යුතුව බැහැර කරන අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සාධාරණ විසඳුමක් වහාම ලබා දී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් පාසල් හා විශ්වවිද්‍යාල දරුවන් සඳහා සුදුසු කොවිඞ් මර්දන එන්නතක් කඩිනමින් ලබා දී දැනට වසර එක හමාරක පමණ කාලයක් වසා දමා ඇති පාසල් හා විශ්වවිද්‍යාල වහාම විවෘත කර දැයේ දරුවන්ගේ අහිමි වු අධ්‍යාපනය ලැබීමේ අයිතිය හා ඔවුන්ගේ අනාගතයේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් පාලකයන්ට බල කර කියා සිටිමි.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

SendShareShare
Previous Post

රෑ 12ට ආණ්ඩුව අමෙරිකාවත් එක්ක ගිවිසුමක් අස්සන් කරලා…! මේගොල්ලෝ බකමූණොද? (VIDEO)

Next Post

බාර් ඇරලා නම් කඩත් ඇරපල්ලා…! මිනිස්සු උද්ඝෝෂණය කරයි…! පොලිසිය කුදලගෙන යයි..! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.