සම්බා වී කිලෝවකට රුපියල් 60ක හා කීරි සම්බා වී කිලෝවකට රුපියල් 70ක මිලක් ලබාදීමට තමන් රජයට යෝජනා කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
තවද සාධාරණ මිලක් ගොවීන්ට ලබා දී තිබියදී දිගින් දිගටම උද්ඝෝෂණ කළහොත් වෙළෙඳ අමාත්‍යවරයා වන තමාට සහල් ආනයනය කිරීමට සිදු වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
සම්බා වී කිලෝවකට රුපියල් 52 ක සහ කීරි සම්බා වී කිලෝවකට රුපියල් 55 ක සහතික මිලක් මේ වන විට රජය පනවා ඇති අතර ගෙවීන් පවසන්නේ එම මිල රුපියල් 65 ත් 70 ත් අතර මිලක් දක්වා වැඩි කරන තෙක් වී අළෙවි නොකරන බවයි.










