යුරෝපීය වෙළදපොල සදහා භාණ්ඩ අපනයනයේ දී යුරෝපා සංගමය මගින් මෙරටට ලබා දී තිබෙන ජී.එස්.පී ප්ලස් සහනය පිළිබදව අධීක්ෂණය කිරීම සදහා විශේෂ නියෝජිත පිරිසක් මේ මස 27 වන දා දිවයිනට පැමිණීමට නියමිතය.
මෙම නියෝජිත පිරිස ලංකාව පිළිබදව ලබා දෙන තොරතුරු මත පදනම්ව යුරෝපා සංගමය මගින් විශේෂ වාර්තාවක් සකස් කරන අතර, එම වාර්තාව 2022 වසර මුල දී යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මෙම පිරිස ඔක්තෝබර් 04 වැනි දින දක්වා ලංකාවේ රැදී සිටීමට නියමිතය.
මෙම වසර මුල දී යුරෝපා පාර්ලිමේන්තුව ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගත් අතර, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ලෙස ශ‍්‍රී ලංකාවට බල කරන ලෙසත්, එසේ නොවන්නේ නම් දැනට ශ‍්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ ය.









