• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොහාන් එක්ක වැලිකඩට ගියේ පුෂ්පිකාද? නීතීඥ සේනක කිව්වේ ඇත්තද?

September 16, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
දික්කසාදයි කියා බලෙන් රූ රැජන කිරළ ගැලවූ පුෂ්පිකා කට අරී: උසාවි යන බවත් කියයි
Share on WhatsAppShare on Facebook

ලොහාන් රත්වත්ත මහතා සමග වැලිකඩ බන්ධනාගාරය තුළට‌ ගොස් ඇත්තේ තමන් බවට පළවන පුවත්වලට විවාහක රූ රැජින වන පුෂ්පිකාද සිල්වා මහත්මිය ප්‍රතිචාර දක්වා ඇත.

අද පැවැති මාධ්‍ය හමුවකදී නීතීඥ සේනක පෙරේරා මහතාද කියා සිටියේ පුෂ්පිකා මහත්මිය එහි ගොස් සිටි බවකි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය මෙසේ කියා තිබේ.

සියලුම පුවත්පත් ආයතන,

විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාල වෙබ් අඩවි, ඇතුලු සියලු සමාජ මාධ්‍ය ප්‍රධානීන් මෙන්ම මා ආදරණීය හිතවත් ශ්‍රී ලාංකික ජනතාව වෙත කරන විශේෂ දැනුම් දීමකි.

හිතවත් මහත්මයාණෙනි/ මහත්මියනි,

මෙම විශේෂ සටහන තබන්නේ මේ දිනවල වක්‍ර ආකාරයෙන් මා සම්බන්ධ කොට ප්‍රචාරය වන අසත්‍ය ප්‍රවෘත්ති සම්බන්ධයෙනි.

පුෂ්පිකා ද සිල්වා වන මම, පසුගිය වර්ෂයේ මේ රටේ පැවති විවාහක රූ රැජින තරගාවලියේ දී විවාහක රූ රැජිණ ලෙසින් කිරුළු පැළඳුවෙමි. ලබන වසරේ මුල ඇමරිකාවේ las vegas නගරයේ පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සහභාගි වීමට මේ දිනවල ඉතා දැඩි කැපවීමකින් සූදානම් වෙමින් සිටිමි.

මෙය, ගරු රෝසි සේනානායක මැතිණිය ශ්‍රී ලංකාවට ගෙන ආ විවාහක රූ රැජින කිරුළ නැවත වරක් අප රටට ගෙන ඒම සඳහා මම ඉතාමත් දුෂ්කරතා මධ්‍යයේ පුහුණු වීම් කරමින් සිටින අවස්ථාවකි. එමෙන්ම එක් දරු මවක් වශයෙන් මගේ දරුවාගේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරමි. ඒ සියල්ල සිදු කරන අතරේ එමෙන්ම මේ දිනවල පවතින covid 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කරමින්, හැකි උපරිමයෙන් උපකාර කළ හැකි මගේම රටේ ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතුවල නිරත වෙමි. මගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් ගිණුම්වලින් ඔබ ද ඒවා නිරන්තරයෙන් දකිනවා යැයි මා සිතමි.මම විශේෂයෙන් ඔබට දැනුම් දෙන කරුණ වන්නේ, විවාහක රූ රැජිණ කිරුළ හිමි කර ගත් පසු මම සම්පූර්ණයෙන් දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටින බව ය.

ඒ අනුව මම කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු වෙනුවෙන් පෙනී නොසිටින බව ඉතා වගකීමෙන් කියා සිටිමි. මගේ විවාහක රූ රැජිණ කිරුළ ලබාගැනීමෙන් පසු අනුග්‍රාහකත්ව කටයුතු සඳහා නොයෙකුත් ආයතන සමග සම්බන්ධතා පැවැත්වීම හැරෙන්නට, සැමවිටම මුලු රටක් නියෝජනය කරන පුද්ගලයකු වශයෙන් මම ඉතා වගකීමෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිමි. නොයෙකුත් අවස්ථාවල මම සහ මගේ පවුලේ අය සම්බන්ධ කොටගෙන විකෘති කරන ලද කිසිදු සත්‍යතාවයකින් තොර ප්‍රවෘත්ති යම් යම් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කිරීම සිදු වී ඇත.

එමගින් මගේ පෞද්ගලිකත්වයට දැඩි ලෙස හානි සිදුවී තිබේ. අන් සියල්ලටම වඩා මට පළමුකොට වැදගත් වන්නේ මාගේ දරුවා වන අතර, මෙවන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම මගින් කරන පීඩනය මටත් මගේ දරුවාටත් කිසිසේත්ම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

ඒ නිසා මෙවන් ප්‍රකාශයක් මා සම්බන්ධයෙන් සිදු කිරීමට පෙර පෞද්ගලිකව මාගෙන් කරුණු විමසා හෝ එසේ නැත්නම් සත්‍ය සාක්ෂි පදනම් කරගෙන එවන් ප්‍රකාශ සිදු කරන්නට අදාළ පාර්ශ්වයන් වගබලා ගැනිම ඉතා සාධාරණ බව කාරුණිකව දන්වන බවත් එසේ කරන්නේ නම් එය තවත් අයකුගේ පෞද්ගලිකත්වයට ගරු කරන සමස්ත මානව සංහතියටම වැදගත් වනු ඇතැයි මම විශ්වාස කරමි.

ස්තුතියි !!!

– පුෂ්පිකා ද සිල්වා( ශ්‍රී ලාංකික විවාහක රෑ රැජිණ 🇱🇰👑)

SendShareShare
Previous Post

වතුර බිංදුවක් ගාණේ හෙණ ගහනවා! විමලවීර මහත්තයෝ ඔයාට කරන්න බැරිනම් පපුවක් තියෙන කෙනෙක්ට දීලා යන්න! (VIDEO)

Next Post

ලොහාන් දාමරිකයෙක්! වහාම නීතිය ක්‍රියාත්මක කරන්න! ෆොන්සේකා එළියට එයි! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.