එන්නත ලබා ගැනීම සදහා කැකිරාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි භික්ෂූන් වහන්සේලා තුන් නමක් විසින් කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දී ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
මෙම පහරදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අනුරාධපුර රෝහලට ඇතුළත් කොට ඇති බව ඒ මහතා කීය.
මෙම පහර දීම සිදු කොට ඇත්තේ පල්ලේ බැද්දේ නන්දරතන හිමි බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.










