බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ලොහාන් රත්වත්තේ මහතා ඇතුළු පිරිසක් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත බීමත්ව ගොස් කලහකාරී ලෙස හැසුරුණේ යයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් එම බන්ධනාගාර පිහිටි ප්‍රදේශවල පොලිස් ස්ථානවලට අද (15) පෙරවරුව දක්වා එම සිද්ධි සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවැසීය
මෙම සිද්ධි දෙක සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇතැයි ද අද පෙරවරුවේ පරික්ෂා කළ බවත් ඇතැම්විට අමාත්‍යවරයා ඉල්ලා අස්වූ පසු අදාල බන්ධනාගාරවල බලධාරීන් පැමිණිලි කිරීමට ඉඩ ඇති බවත් ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කීය.
මෙම සිද්ධියෙන් දෙක සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබේද යන්න පිළිබඳව කළ විමසුමදී නිහාල් තල්දුව මහතා එසේ පැවසීය.











