බන්ධනාගාර දෙකකට බීමතින් ඇතුල් වී කලබල කර ඇති බවට එල්ල වූ චෝදනා හමුවේ ලොහාන් රත්වත්ත මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ බව කියවුණද ඒ මහතා ඉවත් වී ඇත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පමණක් බව දැනගන්නට ඇත.
නමුත් ඒ මහතා දරන අනෙක් අමාත්‍ය ධූරය වන මැණික් හා ස්වරණාභරණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවක් ඒ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබූ ලිපියේ සදහන් කොට නොමැත.
ඒ අනුව තවදුරටත් ලොහාන් රත්වත්ත මහතා මැණික් හා ස්වරණාභරණ රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන බව දැනගන්නට ඇත.
රත්වත්ත මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.










