ලබන සඳුදායින් පසු ක්‍රමානුකූලව රට විවෘත කිරීමට රජය පියවර ගන්නා බව කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, මේ වනවිට වාර්තාවන රෝගීන් සහ මරණ සංඛ්‍යාවන්හි අඩුවක් ද දක්නට ඇති බවත් රට වසා තිබූ සති 4ක කාලය හොඳටම ප්‍රමාණවත් බවත් ය.
රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, ඒ අනුව ලබන සඳුදායින් පසු රට තවදුරටත් වසා තබනු ඇතැයි, තමා විශ්වාස නොකරන බවයි.
ඒ අනුව එන්නත්කරණය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට ක්‍රමානුකුලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇතැයි, ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.
මේ සම්බන්ධයෙන් අප අද උදෑසන පළ කළ පුවත මෙසේය.
ලබන 21 වැනි දිනට පසු දිගටම රට විවෘත කර තැබීමට ආණ්ඩුව මේ වනවිට තීන්දු කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
ඒ අනුව 21 වන දිනට පසු රට විවෘත කිරීමෙන් අනතුරුව සියලු කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනටමත් අදාළ පාර්ශ්ව වෙත දැනුම් දීමක් කොට ඇත.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය ඇමතීම සදහා පිටත්ව යාමට ප්‍රථමයෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.









