කොවිඩ් 19 වෛරසය මිහිතලයෙන් දුරුවේවා යැයි ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර මිරිසවැටිය චෛත්‍ය අභියස සත් දිනක් පුරාවට පැවැත්වූ පිරිත් සජ්ඣායනය හි අවසන් දින උත්සවයට ආමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වී ඇත.
ඊයේ (13) දින මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් දින උත්සවයට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන, සහ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.












