• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔළුගෙඩි මාරු කරලා වැඩක් නෑ! ආණ්ඩුවේ ඉරණම ජනතා අධිකරණයේ තීරණය වේවි!

September 13, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
කොරෝනා විනාශය ගැන විපක්ෂනායකතුමාගේ විශේෂ ප්‍රකාශය! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සෞභාග්‍යය වෙනුවට ජනතාව මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න ඉරණමෙන් ඔවුන්ව ගලවා ගැනීමේ වගකීම ආණ්ඩුව නොවලහා බාර ගත යුතු බවත්, එය එසේ නොවන්නේ නම් ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වීම වැළැක්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසා ඇත.

එම නිවේදනය මෙසේය.

ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වනු ඇත!

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිම රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට අපේ රට පත්වෙමින් තිබේ.හිතුවක්කාරී ,අදූරදර්ශී,වගකීම් විරහිත පාලනය හේතුකොටගෙන මේ බරපතළ ආදීනවයන්ට රටට මුහුණ දීමට සිදුව තිබේ.

ආණ්ඩුව රටේ ජන ජීවිත, සිය දේශපාලන සහ ආත්මාර්ථකාමී  න්‍යාය පත්‍ර සමඟ සමපාත කරමින් සුදුවක යෙදෙමින් සිටින අතර මෙහි ඛේදවාචකය රටේ ඉදිරි පරම්පරාවට පවා  අත්විඳින්නට සිදුවන බව ආණ්ඩුව සිහිතබා ගත යුතුය.

✔ අවිධිමත් සංවෘත ආර්ථික රටාවකට  යොමුවෙමින් මෑත යුගයේ ලොව කිසිදු රටක් නොගන්නා ලද තරමේ අඥාන තීන්දුවක් ආණ්ඩුව ගෙන තිබේ.එහි බරපතල ප්‍රතිවිපාක ඉතාම නුදුරේ දී අත්විඳීමට සිදුවනු ඇත.

✔ ආණ්ඩුවේ ඇමතිවරු දිනපතා රටට විහිලු සපයමින් සිටින අතර රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන් තුළ පිළිතුරක් නැත.

✔තුන්වේල තබා එක වේලක් හෝ පෝෂදායී ආහාර වේලක් ගැනීමට නොහැකි තරම් ජනතාව  අන්ත අසරණව සිටින මොහොතක, ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු තුන්වේල දෙවේලකට හෝ එක වේලකට සීමාකරන්න යැයි ප්‍රකාශ නිකුත් කරන තරමට ආණ්ඩුවේ සෞභාග්‍යය දෝර ගලා තිබේ.

✔ මේ ව්‍යසනකාරී මොහොතේ පවා අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක බරපතළ හිඟයක් ඇති අතර,අනෙක් පසින් භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.දරාගත නොහැකි ලෙස බඩු මිල ඉහළ යාම හමුවේ “සාගතයෙන් පිරුණු රටක්”සහ පෝලිම් යුගයක් නිර්මාණය වෙමින් තිබේ.

✔  ගැටළුවක් මතු වූ සෑම විටකම ආණ්ඩුව සිදු කරන්නේ ඔලුගෙඩි මාරු කිරීම සහ චරිත වෙනස් කිරීම මිස උද්ගතව ඇති ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දීම නොවේ.මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු  වුවත් , රජය ඇස්බැන්දුම් ක්‍රියාත්මක කරමින්  සංගීත පුටු තරගයක් ආරම්භ කොට තිබේ.
සාර්ව ආර්ථික විචල්‍යයන් මනා කොට කළමනාකරණය කරමින් මේ රටේ ජනතාවට මූල්‍ය උත්තේජකයක් ලබාදීම නොවලහා කළයුතය. සෞභාග්‍යය වෙනුවට ජනතාව මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න ඉරණමෙන් ඔවුන්ව ගලවා ගැනීමේ වගකීම ආණ්ඩුව නොවලහා බාර ගත යුතු අතර එය එසේ නොවන්නේ නම් ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වීම වැළැක්විය නොහැකි බවද අවධාරණය කරමු.

SendShareShare
Previous Post

හැටන් කිරිපිටි පෝලිම!

Next Post

පඩියට 5%ක බද්දක් ගහන්න බන්දුලගෙන් යෝජනාවක්!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.