• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බංකොලොත් ආණ්ඩුව රටත් බංකොලොත් කළා! තිස්ස රෝහලට ලක්ෂ 35ක උපකරණ ලබා දෙමින් සජිත් කියයි! (PHOTOS & VIDEO)

September 12, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
බංකොලොත් ආණ්ඩුව රටත් බංකොලොත් කළා! තිස්ස රෝහලට ලක්ෂ 35ක උපකරණ ලබා දෙමින් සජිත් කියයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ වන විට නැවත වරක් රට තුළ පෝලිම් යුගය සහ සලාක යුගය නිර්මාණය වෙමින් ඇති බවත් දවසින් දවස ආණ්ඩුව විසින් ජනතාව පීඩනයට අසහනයට සහ අවාසනාවන්ත ඉරණමක් වෙත තල්ලු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රජය බලයට පත්වූ සැණින් රටේ ධන කුවේරයන්ට බදු සහන ලබාදෙමින් රාජ්‍ය ආදායම අහිමි කර ගැනීමෙන් තම අදූරදර්ශි වැඩ පිළිබඳ ආණ්ඩුව ආරම්භ කළ බව විපක්ෂ නායකතුමා පැවසීය.

දිනපතා ඔප්පු වෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ අදූරදර්ශී අකාර්යක්ෂම අදක්ෂ වැඩපිළිවෙළ බව පැවසූ විපක්ෂ නායකතුමා විටින් විට සිදුවෙමින් තිබෙන එකම දෙය වන්නේ ඔලුගෙඩි මාරු කිරීම පමණක් බවද පැවසීය.

මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ සංවෘත ආර්ථිකයක් කරා ගමන් කිරීමට බවත්,නමුත් ආණ්ඩුව කළ යුතුව තිබුණේ සාර්ව ආර්ථික විචල්‍යයන් මනා කොට කළමනාකරණය කරමින් මේ රටේ ජනතාවට මූල්‍ය උත්තේජකයක් ලබාදීම බවද ඒ මහතා පැවසීය.

මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු වුවත් ,වර්තමාන රජය ඇස්බැන්දුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද ආණ්ඩුව ඇමතිවරුන් මාරුකිරීමේ සංගීත පුටු තරගයක් ආරම්භ කොට ඇති බවද හෙතෙම පැවසීය.

මේ වන විට රට බංකොලොත් වී ඇති බවත් මේ බංකොලොත් බවින් රට ගොඩනගන්නට වර්තමාන ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 26 වන පියවරට අද(11)තිස්සමහාරාම දෙබරවැව දී එක් වෙමිනි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 26 වන පියවර ලෙස රුපියල් තිස් පන් ලක්ෂයක් (රු. 3,500,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තිස්සමහාරාම මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ,තිස්සමහාරාම මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් වීරසිරි මහතා වෙත FUJI COMPUTED RADIOGRAPHY SYSTEM යන්ත්‍රයට ඇතුලත් Image Plate and Cassete , PRIME T 2 Image Digitizer , FCR Prima Console , DRYPIX IMGER යන අත්‍යාවශ්‍ය උපකරණ 4 මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

මෙය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් වෙදාරච්චි මහතා ඇතුළු එම දිස්ත්‍රික්කයේ සමගි ජන ජනබලවේගයේ සියලු ආසන සංවිධායකවරුන් ගේ මැදිහත්වීම ප්‍රකාරව විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ පරිත්‍යාගයකි.

පසුගිය අගෝස්තු දහතුන් වන දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “තිස්සමහාරාම දෙබරවැව රණසිංහ ප්‍රේමදාස පිරිවෙන් විහාරස්ථානයට” පැමිණි අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි තිස්සමහාරාම දෙබරවැව රෝහලේ නිලධාරි මහතෙකු විසින් ඉහත සඳහන් රෝහල් උපකරණවල අවශ්‍යතාවය පිළිබඳව විපක්ෂනායකතුමාට සිහිපත් කරනු ලැබීය.අදාල රෝහල් අවශ්‍යතාවය සපුරා දීම සදහා එදින විපක්ෂ නායක තුමා විසින් ලබාදුන් සහතිකයට අනුව අද මෙම අඩුපාඩුව සම්පූර්ණ කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 25ක් තුල ලක්ෂ 749ක (රුපියල් 74,994,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.

SendShareShare
Previous Post

නොවැම්බර් සිට වට්ස්ඇප් නැතිවන ෆෝන් වර්ග මෙන්න! ඔබේ ෆෝන් එකත් තියෙනවද බලන්න!

Next Post

යාපනේ සිසුවියන් දෙදෙනෙක් දිවි නසා ගනී! එක්කෙනෙක් ගෙල වැලලාගෙන! එක්කෙනෙක් වහබීලා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.