තවත් කොරෝනා මරණ 202 ක් ඊයේ සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් අද තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9,806 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 113 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 89 දෙනා කාන්තාවන් ය.
වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් 5 දෙනෙක් සිටිති.










