සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 24වන පියවර ලෙස රුපියල් තිස් ලක්ෂ තිස් දහසක් (රු. 3,030,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට නියමිතය.
රුපියල් දෙලක්ශ හැත්තෑ පන්දහසක් (රු. 275,000) වටිනා Multipara Monitors යන්ත්‍ර 2ක්, රුපියල් දොලොස් ලක්ෂ හතලිස් දහසක් (රු. 1,240,000) වටිනා Optiflow Nasal Therapy යන්ත්‍ර 2ක් මෙලෙස පරිත්‍යාග කෙරේ.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මීට පෙර වට 23ක් තුල ලක්ෂ 680 (රුපියල් 68,874,000ක) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.










