• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ‘හදිසියට’ සජබෙ විරුද්ධ වෙයි!

September 1, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
සජිත්ගේ පක්ෂයේ මුල්ම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද
Share on WhatsAppShare on Facebook

හදිසි නීතිය ඉවත් කර ආපදා කළමනාකරණ පනතට අනුගතව කටයුතු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අස්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම තත්ත්වය තුළ සැබෑ ලෙසම මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරව හා ඒ යටතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට නොමැති අතර, මෙම ප්‍රකාශයට පත් කිරීම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තවදුරටත් සාවද්‍ය ලෙස සීමා කිරීමේ හා තවදුරටත් ඒකාධිපතිවාදය කරා ගමන් කිරීමේ යටි අදහස සහිතව සිදුකොට ඇත්තේ යන කරුණ ද අපගේ දැඩි සැලකිල්ලට ලක්ව ඇති බව සමගි ජන බලවේගය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

හදිසි නීතිය ඉවත් කොට ආපදා කළමනාකරණ පනතට අනුගතව කටයුතු කරනු.

2021 අගෝස්තු මස 30 දිනැති අංක 2243/01 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අතිගරු ජනාධිපතිතුමන් විසින් කොවිඩ්-19 වසංගත තත්ත්වය පදනම් කරගනිමින් මහජන ආරක්ෂක ආඥාපනතේ 2වන කොටස ක්‍රියාත්මක කරමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති බවක් පෙනේ.

මහජන ආරක්ෂක ආඥාපනත යන නමින්ම පෙනීයන පරිදි, එහි විධිවිධාන වසංගත තත්ත්වයක් හේතුකොට ඇතිවූ වටපිටාවකට වඩා මහජන ආරක්ෂාවට සිදුවන තර්ජනයක් මගින් ඉස්මතු කරන්නාවූ තත්ත්වයකට වඩාත් උචිත වේ.

අනෙක් අතින් 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත සකස් කොට ඇත්තේ විශේෂයෙන් වසංගතයන්ද ඇතුළත් වන පරිදි අර්ථ නිරූපිත ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිසය.

කෙසේ වුවද, (කොවිඩ්-19 තත්ත්වය ලෝක වසංගත තත්ත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කොට මාස 18කට ආසන්න කාලයක් ගතවී ඇති වටපිටාවක වුවද) ජනාධිපතිතුමා විසින් රටතුළ ආපදා තත්ත්වයක් පවත්නා බවට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත යටතේ ප්‍රකාශයක් සිදුකොට නොමැත.

ජනාධිපතිතුමා සභාපතිත්වය දැරිය යුතු වන්නාවූ ආපදා කළමනාකරණ ජාතික සභාව ස්ථාපනය කිරීම සඳහා වූ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත තුළ පවත්නා බවද අප හට පෙනී යන අතර, එයද පිහිටුවීමට ජනාධිපතිතුමා අපොහොසත්ව ඇත. එ් වෙනුවට ජනාධිපතිතුමා විසින් දැනට පවත්නා නීතිමය රාමුවෙන් පිටත ‘කාර්ය සාධක බලකායක්’ පිහිටුවීමේ මගක් ගෙන ඇත.

වසංගතයට මාස 18ක් ගතවන මොහොතේ, වසංගතය සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කිරීම සඳහා අදාළ වන නීති ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත්ව ඇති බවද අප විසින් නිරීක්ෂණය කර ඇත. අන් බොහෝ රටවල් විසින් මේ සඳහා විශේෂ නීති පනවා ක්‍රියාත්මක කොට ඇත.

මෙම තත්ත්වය තුළ, සැබෑ ලෙසම මහජන ආරක්ෂක ආඥාපනත ප්‍රකාර හා එ් යටතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට නොමැති අතර, මෙම ප්‍රකාශයට පත් කිරීම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තවදුරටත් සාවද්‍ය ලෙස සීමා කිරීමේ හා තවදුරටත් එ්කාධිපතිවාදය කරා ගමන් කිරීමේ යටි අදහස සහිතව සිදුකොට ඇත්තේය යන කරුණද අපගේ දැඩි සැලකිල්ලට ලක්ව ඇත.

ගැසට් නිවේදනය තුළ ජනතාව වෙත ලබාදෙන අත්‍යවශ්‍ය සේවා හා සම්පාදනයන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද කරුණු දක්වනු ලබයි.

කෙසේ වුවද, මහජන ආරක්ෂක ආඥාපනත ප්‍රකාර සිදුකරනු ලබන ප්‍රකාශයක් තුළින් අත්‍යවශ්‍ය සේවාවන් හා සම්පාදනයන්ට බාධාවක් ඇති නොවන්නේය යන්න අපගේ නිරීක්ෂණය වේ.

නිසි කලට හා පාරදෘශ්‍ය ආකාරයකින් එන්නත්, පරීක්ෂණ කට්ටල හා ඖෂධද ලබාගැනීම ඇතුළත් අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය අපොහොසත්ව ඇති බව නිරීක්ෂණය කරමු, ගොවි ජනතාව වෙත අති මහත් ලෙස පාඩු ඇති කරමින් ගොවි නිෂ්පාදන මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට අපොහොසත්ව ඇති අතර, මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල ඉහළ නැංවී ඇත.

මෙයට අතිරේක වශයෙන්, රජයේ වැරදි සහගත ආර්ථික ප්‍රතිපත්ති මගින් රාජ්‍ය ආදායම අහිමි කොට, විදේශ සංචිත පහත වැටෙන තත්ත්වයක් ඇති කොට ඇති අතර, එ් හේතුවෙන් එල්.පී. ගෑස් හා කිරිපිටි ඇතුළු බොහෝ වෙනත් අත්‍යවශ්‍ය සැපයුම්හි හිඟතාවයක් අතිකර ඇත.

මෙයට සමානව, රජයට අති විශාල පාඩු (හෝ ආදායම් අහිමි කිරීම්) ඇති කරමින් සීනි වැනි සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩයන්හි පිරිවැයද රජයේ දූෂිත ප්‍රතිපත්ති හේතුකොට ඉහළ ගොස් ඇත.

2003 අංක 9 දරන පරිභෝගික කටයුතු අධිකාරිය පනත ප්‍රකාර, උපරිම මිල නිර්දේශ කොට භාණ්ඩ රැස්කොට, ගබඩාකොට තබාගැනීම වළකාලීමේ ව්‍යවස්ථාපිත බලතල පවත්නා බවද සටහන් කරමු.

මෙලෙසින්, යම් අත්‍යවශ්‍ය සැපයුම් හා සේවාවනට බාධා ඇතිවී ඇත්තේ නම්, එවැන්නක් සිදුවී ඇත්තේ රජයේ අකාර්යක්ෂමතාවය හා අවකළමනාකරණය හේතුකොටගෙන විනා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ යුතුවන කැළඹිලි සහගත තත්ත්වයක් හේතුකොට නොවන බව නැවතද ප්‍රකාශ කරමු. එසේ ප්‍රකාශයට පත් කළේ යැයි පැවසෙන හදිසි අවස්ථාව අසද්භාවයෙන් හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් නොකඩවා සාවද්‍ය ලෙස සීමා කරමින් තවදුරටත් එ්කාධිපතිවාදය කරා ගමන් කිරීමේ යටි අදහසින්ම සිදුකොට ඇති බව නැවතද ප්‍රකාශ කරමු.

එසේ ප්‍රකාශයට පත් කළේ යැයි පැවසෙන හදිසි තත්ත්වය වහා අවලංගු කොට (පුරවැසියන්ගේ හිමිකම්ද සුරකින අතරම වසංගත තත්ත්වය සම්බන්ධයෙන්ද ඵලදායක ලෙස කටයුතු කළ හැකි තත්ත්වයක් සහතික කරන්නාවූ) වසංගත තත්ත්වයට අදාළ කටයුතු කිරීමේ විධිවිධාන ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා ලෙසද, එ් අතරවාරයේ, අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගේ උපදෙස් හා මාර්ගෝපදේශ ලබා ගනිමින් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගනු සඳහා ආපදා කළමනාකරණ ජාතික සභාව පිහිටුවීමට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත ප්‍රකාර කටයුතු කරන ලෙසද අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් මද්දුමබංඩාර (පා.ම.)
මහ ලේකම්
සමගි ජන බලවේගය

SendShareShare
Previous Post

පහන්තුඩා ඇල්ලේ ‘කැත වැඩ’ කරපු කොල්ලයි-කෙල්ලයි හොයන්න CIDය වැඩ පටන් ගනී!

Next Post

ගුරු වැටුප් වැඩිවෙන හැටි විමල් පියවරෙන් පියවර පෙන්වා දෙයි! ෂයිලොක්ලා නොවී මේක පිළිගන්න! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!
Exclusive

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වන විට උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑම් එල්ල කර...

Read more
ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.