මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් ලංකාවේ සහ බොලිවුඩයේ සුපිරි නිළියක වන ජැකලින් ෆර්ඩිනැන්ඩස්ගෙන් පැය 5ක ප්‍රකාශයක් ලබා ගැනීමට ඉන්දීය පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම මුදල් විශුද්ධිකරණ චෝදනාව එල්ල වී ඇත්තේ ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන සුකේෂ් චන්ද්‍රසේකර් හටය.
දේශපාලන පක්ෂ සම්බන්ධ සිදුවීමකදී මෙම පුද්ගලයා ඉන්දීය රුපියල් කෝටි ගණනක අල්ලස් ගෙන ඇති බවත්, ඊට අදාළව චූදිතයකු ලෙස නොව සාක්ෂීකරුවකු ලෙස ජැකලින්ගෙන් මෙම ප්‍රකාශය ගෙන ඇති බවත් කියවේ.
මෙම පුද්ගලයාගේ බිරිය වන ලීනා පෝල් සමග ජැකලින්ගේ ඇති හිතවත්කමක් මීට හේතුව වී ඇති බව දැනගන්නට ඇත.
මෙම සිද්ධියට අදාළව චන්ද්‍රසේකර්ට අයත් රුපියල් කෝටි ගණනක දේපොළ දැනටමත් රාජසන්තක කර ඇති බවද කියවේ.










