• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාටවත් කියවගන්න බැරිවුණු මංගල!

August 29, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කාටවත් කියවගන්න බැරිවුණු මංගල!
Share on WhatsAppShare on Facebook

මංගල සමරවීර නම් වූ අසිරිමත් මිනිසා නික්ම ගියේය. ඔහු දේශපාලනයේදී හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියන එක මනින්ට අප සතුව අඩි කෝදුවක් නැත. මංගල හොඳ වැඩ කළ බව අප අසා තිබේ. මංගල නරක වැඩ කළ බවද බොහෝ දෙනකු කියනු ඇසේ. නරක වැඩ නොකළ, හොඳ වැඩ නොකළ නරක මිනිසුන්ද මේ සමාජයේ හොයාගන්නට බැරි බව අප විශ්වාස කරමු. ඒ නිසා හොඳ පමණක් ඇති හොඳ මිනිහෙක් කවදා හෝ කොතැනකදී හෝ මුණගැසෙනා තුරු නරක පමණක් ඇති නරක මිනිහෙක් ඒ වගේම මුණගැසෙනා තුරු අපට නරක මිනිස්සුත්, හොඳ මිනිස්සුත් වෙන්කොට ඔබට පෙන්විය නොහැකිය. ඒ නිසාම මේ කතාවේ ඇරැඹුමේදීම මංගල හොඳ මිනිහෙක්ද, නරක මිනිහෙක්දැයි ඔබට කියනා එක නොකර ඉන්නට තීරණය කළෙමු.

නමුත් මංගල සමරවීර නම්වූ මිනිසා අසිරිමත් මිනිසකු බව පමණක් අපට මේ වන විටත් දැනෙමිත් තිබේ. ඔහු නික්මගොස් තත්පර කිහිපයක් ඇතුළත ඔහු පිළිබඳ සමාජ ජාලවල ප්‍රශස්ති ගැයුම් දහස් ගණනක් අප දුටුවෙමු. මංගලට ඡන්දය දුන් අයවත් මංගලගෙන් රස්සා ලබාගත් අයවත් මංගලගේ පක්ෂයේ අයවත් යැයි සිතිය නොහැකි බොහෝ දෙනෙක් මංගල සමරවීර නම්වූ අසිරිමත් මිනිසාගේ සෞන්දර්යය ගැන වර්ණනා කර තිබිණි. ‘අප සමග සිටි අවසන් සොර්බා නම් ග්‍රිකයා ද නික්ම ගියේය’ යනුවෙන් උපුල් ශාන්ත සන්නස්ගල සිය සමාජ ජාල පිටුවේ අපූරු සටහනක් තබා තිබුණේය.

මංගල සමරවීර නම් වූ රසවතා ගැන ඕනෑ තරම් කතන්දර අප අසා තිබේ. චිත්‍රවලින් පිරවූ ඔහුගේ නිවෙස, පොත්පත්වලට ඔහු තුළ තිබුණු ප්‍රේමය මංගල නම්වූ දැන උගත් මිනිසා නිර්මාණය කළ බවට සාක්ෂිය. මංගල සමරවීර මියගිය පසු ඔහු පිළිබඳ ගුණකථන පවත්වනවාට වඩා මංගල කියූ සමහර කාරණා සමාජය දැන්වත් තේරුම් ගත යුතු යැයි අපට සිතේ. ඒ නිසා මේ ලිපියේ අප මංගල ගැන නොලියා, මංගල කීදේ ගැන පමණක් ලියන්නට තීරණය කළෙමු. මංගල ගැන ඕනෑ තරම් ගුණ කථන මේ ඉරිදාවේ පුවත්පත් පිටු මත දිගහැරෙනු ඇත. මංගල ගැන ඕනෑ තරම් කවි කතා ලියැවෙනු ඇත. නමුත් මංගල දවසක් කී කතාවක් ඔබට යළි සිහිපත් කරමු. මංගල කීවේ, ‘දරුවනි, දෙමවුපියන්ට වඳින්ට. ගුරුවරුන්ට වඳින්න. දේශපාලකයන්ට වඳින්න එපා…’ යනුවෙන් කතාවකි. මේ කතාව හරියට කියවා ගත්තා නම් මංගල යනු කවුදැයි ඔබට හරියටම අවබෝධ කරගත හැකි වනු ඇත. වඩා වැදගත් වන්නේ ඔබ, මංගල කවුදැයි හඳුනාගැනීම නොවේ, මංගල එදා කිව් කතාව අනුව දේශපාලකයා කවුදැයි හඳුනාගැනීමට ඔබට තවමත් ඉඩකඩ තිබේ. එහෙමත් නැත්නම් දේශපාලකයා කවුදැයි හඳුනාගන්නවාටත් වඩා වැදගත්ම දෙයක් තිබේ. ඒ, ඔබ, ඔබ කවුදැයි හඳුනාගැනීමයි. ඔබ දේශපාලකයන්ට වැඳිය යුතු නැත. ඔබ දේශපාලකයන්ට ප්‍රේම කළයුතු නැත. බොහෝ පාසල්, බොහෝ විශ්වවිද්‍යාල සිය උත්සව සභාවන් සරසන්නට මල් කිනිති රැගෙන එනවා සේම කොහෙන්දෝ හොයාගත් දේශපාලකයන් රැගෙන එන්නට පුරුදුවී තිබේ. සමහර විට කිසිදු අධ්‍යාපනයක් නොමැති මාල කඩන, වැලි කපන, පස් කපන, මහපොළොව අලෙවි කරන හොර මැරකම් තක්කඩිකම් කරන, මිනීමරන ලද බොහෝ දේශපාලකයෝ පාසල් උත්සව සභාවල මුදුන් මල්කඩ සේ වඩා හිඳුවනා නෝනාවරුනි මහත්වරුනි, මේ මංගල නම්වූ අපූරු දේශපාලකයා එදා කී කතා අදවත් ඔබට අවබෝධ වේවායි අපි ප්‍රාර්ථනා කරමු

එසේම මංගල සමරවීර වරක් භික්ෂුන්වහන්සේලාට එරෙහිව මොකක්දෝ එකක් කියූ බවට ඔහුට බරපතළ චෝදනාවක් එල්ල විය. අදද සිංහල බෞද්ධයෝ ‘ඕකා මැරුණ එක හොඳයි’ කියන්නේ ඒ නිසාය. නමුත් මංගල එදා ඒ කතාව කීවේ සමස්තයක් ලෙස භික්ෂුන්වහන්සේලාට නොවන බව අදවත් ඔබ සිතිය යුතුය. මංගල එදා එසේ කීවේ දුසිල්වත් මහණුන්ටය. දුසිල්වත් මහණුන්ට එළව එළව පහරදුන්නේ මංගල සමරවීර පමණක් නොවේ. අපට බුදුදහම එවූ මිහිඳු මහරහතන් වහන්සේගේ පිය මහරජතුමා වූ ධර්මාශෝක රජතුමාද දුසිල් මහණුන් සසුනෙන් ඉවත් කිරීමේ ප්‍රයත්නයක සිටියේය. ඒ නිසා මංගල වැරැදි නම්, ධර්මාශෝකද වැරැදිය. ධර්මාශෝක හරි නම් මංගලද හරිය. මේ කතාව කියූ විට ධර්මාශෝකත්, මංගලත් සමාන කළා යැයි ඔබ සිතනු ඇත. සමහර විට ධර්මාශෝකගේ වැරැදි අඩුපාඩු මංගලගේ වැරැදි අඩුපාඩුවලට සමාන විය හැකිය. සමහර විට ඊට වඩාද වැඩි විය හැකිය.

මංගල සමරවීර තව වතාවක් කී කතාවකට මේ මහපොළොව ගිනිගත්තේය. ඒ, මංගල මේ රට බෞද්ධ රටක් නොවේයැයි කීවාය කියාය. නමුත් එදා මංගල කීවේ මේක බෞද්ධ රටක් නොවේය කියා නොවේ. ඔහු කීවේ මේක බෞද්ධයන්ගේ පමණක් රටක් නොවෙන බවය. එදා මංගල කී කතාවම අදත් මේ මහ පොළොව නිවන්නට අවශ්‍යය. මේ රට සිංහල බෞද්ධයන්ගේ පමණක් නොවේ. මේ රටේ සමහර විට අන්‍යාගමක් අදහන එකම එක පුරවැසියෙක් පමණක් මේ රටේ ඉන්නවා නම්, ඒ ආගම අදහන්නවුන් ලංකාවේ සිටින්නේ ඔහු පමණක් නම් ඔහුටද මේ රටේ අයිතියක් තිබේ. සිංහලයන්, බෞද්ධයන්, කතෝලිකයන්, ද්‍රවිඩයන්, හින්දූන්, මුස්ලිම්වරුන්, බෝරාවරුන්, ක්‍රිස්තියානින් පමණක් නොව ඕනෑම ආගමක් අදහන්නවුන්ට මේ රටේ ඉඩකඩ තිබූ බව මංගල සමරවීරයන් තරයේම විශ්වාස කළේය.

මංගල ජනමාධ්‍ය ඇමැති වූ වෙලාවේ ඔහු ජාතික රූපවාහිනියට ඉනෝකා සත්‍යාංගනීත්, සාරංග විජේරත්නත් ගෙනාවේය. ඔහුගේ දේශපාලනයට පරස්පර විරෝධී විමල් කැටපේආරච්චිත්, ශාලික විමලසේනත් ඇතුළු කිහිප දෙනෙක් අයි.ටී.එන්. එකට දැම්මේය. ආණ්ඩුවක් පත්වූ පසු ආණ්ඩුවේ සියලු බැලමෙහෙවරකම් ජාතික රූපවාහිනියෙනුත්, අයි.ටී.එන්. එකෙනුත් කරගන්නා පුරුද්ද මංගල අතහැරියා යැයි අපට නිකමට සිතෙයි. මංගලගේ සමයේ දේශපාලන වැඩසටහන්වලට සම්බන්ධ වූ එහි ප්‍රධානතම දේශපාලන වැඩසටහන මෙහෙයවූ මේ ලියුම්කරුද මංගල ජාතික රූපවාහිනියට සම්බන්ධ කරගන්නේ දේශපාලන පසුබිම ගැන ලොකු හෙවිල්ලකින් බැලිල්ලකින් නොවේ. එවක එහි නිවේදකයා වූ මා හට කිසිම විටෙක ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන්නටැයි මංගල කීවේ නැත. ඒ වෙනුවට හැකි උපරිමයෙන් නිදහස පාවිච්චි කරන්නැයි ඔහු කීවේය.

අවසාන වශයෙන් මංගල මේ රට, ජාති ආගම් කුලමල භේදවලින් තොර විශේෂයෙන්ම සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි දේශයක් කරන්නට වෙහෙසුණේය. ඒ වෙහෙස බොහෝ විට අපතේ ගියා යැයි අපට සිතෙන්නේ මංගල මියයන දාත් අපේ රටේ මිනිසුන් බෞද්ධකම හිසේ තබාගෙන මංගලට පහර දෙන්නට තීරණය කළ නිසාය. දේශපාලන පොරපිටියේදී මංගල කරන ලද සමහර නරක වැඩ ගැන අප නොදන්නවා නොවේ. නමුත් මංගල මියගිය පසු මංගල නරක යැයි කියනවාට වඩා, මංගල කළ හොඳ සහ මංගල අපට කියා ඉතිරි කර ගිය බොහෝ දේ සුරක්ෂිතව තබාගන්නවා නම් වටින්නේ ඒකය.

මොඩර්නා එන්නත ලංකාවට ගෙන්වන්නට මංගල මුල්වුණාදැයි දෙරණ රූපවාහිනී නාලිකාවේදී නිවේදකයා ඔහුගෙන් ප්‍රශ්නයක් අහද්දී මංගල කීවේ, ‘නෑ මං ඒකට මැදිහත් වුණා විතරයි’ කියාය. නමුත් සමන්තා පවර් සමග මංගලගේ හිතමිතුරුකම දන්නා ශ්‍රී ලංකාවේ ජනාධිපති කාර්යසාධක බළකාය විසින් මංගල ලවා මේ එන්නත ගෙන්වා ගන්නට වැඩ කළ බව සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කාරණයකි. නමුත් මංගල ඒ ලකුණු තමන් වෙත ලබාගන්නට උත්සාහ කළේ නැත. මංගල දේශපාලන අගාධයෙන් ගොඩ එන්නට තුට්ටු දෙකේ වැඩ පාවිච්චි නොකළෙකැයි අපට සිතෙන්නේ ඒ නිසාය.

අවසාන වශයෙන් මංගල අපට උගන්වා ගිය අවසන් පාඩම වත් අප සිහි තබාගත යුතුය. ඒ, මංගල සමරවීර කියන්නේ ලංකාවේ මහින්ද රාජපක්ෂලාගේ, රනිල් වික්‍රමසිංහලාගේ පන්නයේ දේශපාලකයෙකි. ඔහු මිල මුදල් යහමින් නැත්තෙකි. ප්‍රකට පුද්ගලයෙකි. ලෝකයම දන්නා කෙනෙකි. මංගල සමරවීරද කොවිඩ්වලින් පැරැදුණේය. කොවිඩ් නම් වූ ඇහැට නොපෙනෙනා පුංචි වෛරසය ඒ දැවැන්ත දේශපාලකයා මරා දැම්මේය.

වරක් ලංකාවේ අගමැති වෙන්නේ මංගල යැයි බොහෝ දෙනා සිතමින් සිටියේය. මංගල ලංකාවේ සෑම ‘ෂානරයක්ම’ ආක්‍රමණය කළ අයෙකි. ඔහු ටික් ටොක්ද කළේය. පොත්පත්ද කියෙව්වේය. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරියද මංගලගේ මංගලගේ මිතුරෙකි. නමුත් මංගල මියගියේය. කොවිඩ්වලින් මංගල ගියේ නම් ඔබටද, අපටද කවර කතාදැයි අප අවසාන වශයෙන් සිහි තබාගත යුතුය. මංගල සිය ජීවිත කාලය පුරා කියැවූ, ඉගැන්වූ, දැනුම් දුන් කිසිදු කාරණයක් පිළි නොගන්න. හැකි නම් අවසන් තත්පරයේ මංගල අපට උගන්වා ගිය පාඩම විතරක් වත් මතක තබාගන්න. ඒ, කොවිඩ් ඉතාම දරුණු බවය. ලෝකයේ ඉහළම රාජ්‍ය නායකයාටත් වඩා කොවිඩ් ප්‍රබලය. මංගල සමරවීර හොරකම් කරගන්නට කොවිඩ්වලට පුළුවන් වුණා නම්, අපට, ඔබට කවර කතාද?

සුබ ගමන් මංගල….

ජීීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මරණ 192යි! ආසාදිතයන් 4612යි!

Next Post

ඖෂධ අධිකාරියේ දත්ත මැකෙන බව ඇමැති චන්නට කලින්ම කියලා! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.