• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුවන්වැලිසෑයේ පිපෙන්න ගිය කිරිබත්ගොඩ නිකායේ නෙළුම් මල් අන්තිම මොහොතේ ගලවයි!

August 29, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
රුවන්වැලිසෑයේ පිපෙන්න ගිය කිරිබත්ගොඩ නිකායේ නෙළුම් මල් අන්තිම මොහොතේ ගලවයි!
Share on WhatsAppShare on Facebook

රුවන්වැලිසෑයේ අලුතින් ඉදිවන වාහල්කඩෙහි නිර්මාණය කරමින් තිබූ නව ආකාරයේ නෙළුම් මල් කැටයම් අවසන් මොහොතේ ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම ‌නෙළුම් මල කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙනම නිකායක් පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ධ හිමිනමකට අයත් විහාරස්ථානයක නිර්මාණය කොට ඇති ඒවා බව මීට පෙර මව්රට පුවත්පත මගිද අනාවරණය කොට තිබිණ.

මෙම ප්‍රතිසංස්කරණ සදහා අදාළ නිකායෙන් මූල්‍ය ප්‍රතිපාදන හිමිවන බවටද චෝදනා එල්ලවී තිබිණ.

කෙසේවෙතත් මේ වනවිට අදාළ නෙළුම් මල් කැටයම් වාහල්කඩින් ඉවත් කර ඇති ආකාරයක් දැකගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් මව්රට පුවත්පත අගෝස්තු 11 වන දින පළ කළ වාර්තාව මෙසේය.

හිටිහැටියේ රුවන්වැලිසෑයෙන් මතුවුණු නෙළුම් මල මොකක්ද?

August 11, 2021 in ExclusiveA A

ලෝකයේ අන් ජාතීන්ට වඩා ශ්‍රී ලාංකික අපිට ආඩම්බර විය හැකි ප්‍රධාන කාරණාවක් වන්නේ වසර 2500කට එහා ගිය අපේ ඉතිහාසයය. ඒ හරහා අදටද අපිට ඉතිරි වී ඇති උරුමයන් බොහෝය. අතීතයේ මෙරට පැවැති දියුණුව, සෞභාග්‍ය විදහා දක්වන සාක්ෂි සාධක රාශියක් තවමත් ඒ ආකාරයෙන්ම සුරක්ෂිතය. රුවන්වැලි සෑ රදුන්ද ඒ ආකාරයෙන් ලොවක් මවිත කරවන අප සතු මහා දායාදයකි. ලොව පුරා බෞද්ධයන් එය වන්දනා කරන්නේ ඉමහත් භක්තියෙනි. ඒ හරහා පෙන්නුම් කරන්නේ අප සතු වූ ආගමික දියුණුව පමණක් නොවේ. ඒ හරහා අපි එකල ලබා සිටි වාස්තු විද්‍යාත්මක දියුණුවද මැනවින් වටහා ගත හැක. එකල කලාකරුවන් සතු වූ දක්ෂතාවය අදටද ලොවම පුදුම කරවනසුලුය.

දුටුගැමුණු රජු විසින් ඉදිකරන ලද රුවන්වැලි සෑය ඉන් අනතුරුව විවිධ රජවරුන් යටතේ විවිධ වෙනස්කම්වලට ලක්ව ඇත. එමෙන්ම වසර සිය ගණනක් වනාන්තරයෙන් වැසී තිබුණු එම දාගැබ නැවත සොයා ගනු ලැබුවේ 19 වැනි සියවසේදීය. නාරංවිට සුමනසාර හිමියන් එදා වනගතව තිබූ රුවන්වැලි සෑය සොයා ගනිද්දී, එය පැවතියේ ගරා වැටුණු ස්වරූපයෙනි.

වර්තමානයේ අප දකින රුවන්වැලි සෑය මේ තත්ත්වයට පත්ව ඇත්තේ ඉන් අනතුරුව සිදුකරන ලද වෙනස්කම්වලින් පසුවය. ඉන් පසුවද රුවන්වැලි සෑය සහ ඊට සම්බන්ධ වාස්තු විද්‍යාත්මක අංග රාශියක් නවීකරණයට ලක් වී ඇත. නමුත් ඒ කිසිදු අවස්ථාවක සම්පූර්ණයෙන් එම අංග වෙනස් කිරීමට කිසිවකු කටයුතු කර නැත. ඒ සෑම අවස්ථාවකදීම එම අංගවල පැරැණි ස්වරූපය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාමට එම නිර්මාණකරුවන් කටයුතු කර ඇත.

නමුත් වර්තමානයේදී සිදු කෙරෙමින් පවතින රුවන්වැලි සෑයේ ප්‍රධාන වාහල්කඩ නවීකරණයේදී එම තත්ත්වය වෙනස් වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව බොහෝ දෙනාගේ අදහසය. ඒ මෙවර නවීකරණයේදී එහි අමුතුම ආකාරයේ මල් කැටයමක් නෙළීමට නිර්මාණකරුවන් පියවර ගෙන තිබීම හේතුවෙනි.

මෙම මල් කැටයම දකින ඕනෑම කෙනකුට සිහිපත්වන්නේ වර්තමානයේ ඉතා ජනප්‍රිය එක්තරා හිමිනමක් සම්බන්ධ විහාර සම්ප්‍රදායකි. මීට කලකට පෙර ඇරඹි එම විහාර සම්ප්‍රදාය මෙරට අනෙක් විහාරස්ථානයන්ට වඩා තරමක් වෙනස් වූ අතර එම වෙනස මල් කැටයම්වල පමණක් නොව බුදුරජාණන් වහන්සේගේ පිළිරූවල පවා පැහැදිලිව දැක ගත හැක. පෙනුමෙන් මෙන්ම ඒවායේ ආගමික වතාවත් පවත්වන ආකාරයද වෙනස් බව පවසන්නේ ඒ සඳහා සහභාගි වූ පිරිසමය.

පොල්ගහවෙල ප්‍රදේශයෙන් ආරම්භ වූ එම විහාර සම්ප්‍රදාය මේ වනවිට දිවයින පුරා පැතිර යමින් ඇත. වර්තමානයේදී එය ප්‍රබල ආගමික සංවිධානයක් බවට පත්ව ඇත. එය එක්තරා ආකාරයක ආගමික නිකායක් බවට අදහස් දක්වන පිරිස්ද බොහෝය.

තමන් කැමැති ආගමක් ඇදහීම සාමාන්‍ය ජනතාව සතු අයිතියකි. එබැවින් පවතින ආගමක් තමන්ට රිසි ආකාරයෙන් වෙනස් කර ඇදහීමේ අයිතියද ඕනෑම කෙනකුට ඇත. ඒ සඳහා වෙනම බැතිමතුන් පිරිසක්ද සිටින බැවින් ඒ සඳහා විරුද්ධ වීමේ අයිතියක්ද කිසිවෙකුට නැත.

නමුත් ප්‍රශ්නය වන්නේ එම විවිධ සම්ප්‍රදායන්ට අයත් වෙනස්කම් වසර 2500කට වඩා පැරැණි අප සතු ලෝක උරුමයන් සඳහාද භාවිතා කිරීමට උත්සාහ දැරීමය. දැන ගන්නට ලැබෙන පරිදි මෙලෙස වෙනස් ආකාරයේ මල් කැටයමක් යොදා සකස් කරන වාහල්කඩේ නවීකරණය සඳහා මුදල් ලබා දී ඇත්තේ ඉහත සඳහන් ආගමික සංවිධානය මඟිනි. එම සංවිධානයට අයත් පන්සල් ජාලයේ දක්නට ලැබෙන ආකාරයේ මල් කැටයමක් රුවන්වැලි සෑයේ වාහල්කඩ සඳහාද නිර්මාණය කිරීම සැකයට තුඩු දී ඇත්තේ එබැවිනි.

රුවන්වැලි සෑයේ පමණක් නොව මේ වන විට මිහින්තලේ ඇතුළු පුරාවිද්‍යාත්මක අතින් වැදගත් ස්ථාන කිහිපයක ඉදිකිරීම් සිදුවන්නේ මෙම ආගමික සංවිධානයේ මූල්‍ය අනුග්‍රහය මතය. එම සංවිධානය විසින් භාවිත කරන වෙනස් ආකාරයේ ශෛලීන් එම ස්ථානවලටද භාවිතා කෙරෙමින් පවතින බවටද චෝදනා එල්ල වෙමින් ඇත. තවමත් පුරාවිද්‍යා පරීක්ෂණ සිදු කෙරෙන ත්‍රිකුණාමලය සේරුවාවිල ප්‍රදේශයේ පිහිටි විල්ගම් වෙහෙර අවට සියලුම ගොඩනැඟිලි ඉදිකර ඇත්තේ අදාළ සංවිධානයට අනන්‍ය වූ ආකාරයෙනි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරහා ගැඹුරින් විදහා දැක්වෙන්නේ සමානාත්මතාවයය. එවැනි ශාස්තෘවහන්සේ නමක් වෙනුවෙන් ඉදිවූ ඓතිහාසික ස්ථානවලට තමන්ට ආවේණික වෙනස්කම් ඇතුළත් කිරීමට අදාළ සංවිධානය උත්සාහ දරන්නේ කුමන අරමුණකින්ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී ඇත. එමෙන්ම එය උතුම් බුදුදහම හෑල්ලු කිරීමක්වන බවද ඒ පිරිස්වල අදහසය.

අදාළ ආගමික සංවිධානයට අයත් ප්‍රධාන විහාරස්ථානයට ඇතුළු වීමේදී විවිධ පරීක්ෂාවන්ට ලක්වීමට සිදු වීම මෙන්ම එහි ඡායාරූප ගැනීම තහනම් බවද බොහෝ දෙනකු දන්නා කාරණාවන්ය. තමන්ට අයත් විහාරයක ඒ ආකාරයෙන් කටයුතු කිරීමට එම සංවිධානයට හැකි නමුත් ලෝ පුරා ජනතාවගේ අයිතියක්වන රුවන්වැලි සෑය වැනි තැනකදී ඒ ආකාරයෙන් කටයුතු කිරීමට කිසිදු අයිතියක් කිසිම සංවිධානයකට නැත. අත්හැරීම බුදුදහමේ ප්‍රධාන සංකල්පයය. එවැනි දහමක් යොදා ගනිමින් අත්හැරීම වෙනුවට අල්ලා ගැනීම ලොවට පෙන්වන එවැනි සංවිධාන පිළිබඳ තීරණය කිරීම ඔබ සතුය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සම්භාවනීය මාධ්‍ය ‌ජ්‍යෙෂ්ඨයාට මාධ්‍ය ඇමැති ඩලස්‌ උපහාරය පුද කරයි!

Next Post

පාස්කු ප්‍රහාරය ගැන මහනාහිමිවරුන්ට කියන්න මහනුවර ගිහින් පොලිස් නිලයන් ඇල්ලුවේ වැරදි නිලයක්ද? CID SPECIAL

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.