දහස් සංඛ්‍යාත දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ ධනංජය අනුරාධ තරුණ ගුරු මහතා කොවිඩ් වැළඳී ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත.
ධනංජය අනුරාධ මහතාගේ අභාවය සැලවීමෙන් පසු බිරිඳ අංජලී පෙරේරා කම්පනයට පත්වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර පෙරේදා (24 ) අලුයම 2.00ට පමණ ඇයද සිඟිති දියණිය තනිකර දමා මෙලොවින් සමුගෙන ඇති බව දැනගන්නට තිබේ.
මියගිය ධනංජය අනුරාධ ගුරුවරයාගේ අවසන් කටයුතු බියගම උඩුපිල, සියඹලාපෙවත්ත ආදාහනාගාරයේදී සිදුකර ඇති අතර ඔහුගේ බිරිය අංජලී පෙරේරාගේ ආදාහන කටයුතු අද (26 ) සිදුකිරීමට නියමිතය.










