මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (22) වීථී සංචාරය කෙරුණු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට පෙරහර නැරඹීමට එක්වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතවී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.
ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපතිවරයාව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.










