ඉන්දියාවේ ‘කැඩිලා හෙල්ත්කෙයාර්’ සමාගම මගින් ලොව පළමු ඩී.එන්.ඒ. කොරෝනා එන්නත නිපදවීමට සමත්ව ඇත.
පුද්ගලයන් 28,000ක් යොදාගෙන සිදු කර ඇති සායනික පරීක්ෂණවලදී ඉන් 66%කට යළි රෝගය වැළදී නොමැති බව තහවුරු වී තිබේ.
ඒ අනුව ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය මගින් මෙම එන්නතට අනුමැතිය ලබා දීමට පියවර ගෙන ඇති අතර සමාගම ප්‍රකාශ කරන්නේ එන්නත් මාත්‍රා මිලියන 120ක් නිපදවීමට සැලසුම් කර ඇති බවකි.










