• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විස්සේ අහිතකර ප්‍රතිපලයක්ද? විනිශ්යකාරවරුන්ගේ සමුළුව ගැන සජිත්ගෙන් නිවේදනයක්!

August 19, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
තානාපතිවරු හමුවේ සිදුවූ දේ සජිත්ම රටට කියයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොව්ඩ් 19 වසංගතය හමුවේ ගතයුතු අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ දී පසුගිය සතියේ පැවැත්වූ සමුළුව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සමාජ කථිකාවතක් මේ වන විට නිර්මාණය වී ඇති බවත්, එය 20 වන සංශෝධනය හරහා සිදුව ඇති අහිතකර ප්‍රතිපලයක් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.

එම නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ සමුළුව “අධිකරණ ස්වාධිනත්වයට” අත පොවන  20 හි දුර්විපාකයක් ද?

කොව්ඩ් 19 වසංගතය හමුවේ ගතයුතු අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ දී පසුගිය සතියේ පැවැත්වූ සමුළුව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සමාජ කථිකාවතක් මේ වන විට නිර්මාණය වී පවතී.

◼️ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන ලෙස ස්ථාපිත ආයතනයක් වන නමුත් එහි ස්වාධීනත්වයට හානි ගෙනදෙන ආකාරයේ කරුණු රැසක් පිලිබදව උක්ත රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබේ. 

◼️අධිකරණ සේවා කොමිෂම් සභාව විසින් විවිධ අධිකරණවල විනිශ්චයකාරවරුන් කැඳවා උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධ අධිකරණ නියෝග ලබා දීම සහ යුක්තිය පසිඳලීම සම්බන්ධ උපදෙස් නිකුත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරනු ඇත.

එමෙන්ම, උක්ත සම්මන්ත්‍රණයට සහභාගි වීමට අසමත් වුවහොත් එය උසස්වීම් දීමේද, වැටුප් වර්ධක දීමේදී, විදේශ පුහුණූ සඳහා යැවීමේදී සහ ඉහළ අධිකරණවලට  පත්කිරිමේදී සැළකිල්ලට ගන්නා බව අනතුරු අගවමින් අධිකරණ විනිසුරුවරුන් වෙත බලපෑම් කිරීම ස්වාධීන කොමිෂන් සභාවක ස්වාධීනත්වය පිළිබඳ සැක ඇතිකරවයි.

◼️මෙය එක්තරා ආකාරයක බරපතල අනතුරු හැඟවීමක් වන අතර අවශ්‍ය පරිදි අධිකරණ පද්ධතිය හැසිරවීමේ රජයේ හෝ විධායකයේ අවශ්‍යතාවය අනුව මෙම සමුළුව පවත්වා ඇති බවට වාර්තාවේ.

ඉදිරිපත් කරුණු සහ විනිසුරුවරුන්ගේ අභිමතය අනුව පසිඳලිය යුතු යුක්තිය කෙරෙහි මෙවන් අනිසි බලපෑම් තුළින් නිශේධනාත්මක බලපෑමක් ඇතිවීම නොවැළැක්විය හැකි වේ.

◼️ 20 සංශෝධනයේ දුර්විපාක ලෙස නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් ඇතිවීම් පිළිබඳව මහජනතාව තුළ තිබූ සැකය මෙවන් අනිසි බලපෑම් මගින් තවදුරටත් වර්ධනය වනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්, මහාධිකරණ විනිශ්චයකාරවරුන් ස්ථාන මාරු කිරීමේ බලය, අධිකරණ නිලධරයන් පත්කිරීමේ, උසස්කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, සේවයෙන් පහකිරීමේ හා විනය පාලන බලය පනවනු ලැබ ඇති අධිකරණ සේවා කොමිෂම් සභාවට අධිකරණවල යුක්තිය පසිදලීම පිළිබඳ නිර්දේශ, නියෝග හෝ උපදෙස් ලබා දීමට කිසිදු බලයක් නොමැති බවද මෙහිලා සදහන් කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති බලතල හා නීතියේ මූලධර්ම නැති වුවහොත් මෙම ආයතනවල ස්වාධීන බව අවම හෝ අහිමි වන බව අමුතුවෙන් කිවයුතු නැති අතර එය ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියේ සාධාරණත්වයට එරෙහිව එල්ල වන මරු පහරක් බවද සදහන් කරමු.

◼️යුක්තිය ඉටුකිරීම පමණක් නොව එය ඉටුකරන ක්‍රියාවලිය පැහැදිලි විය යුතු බැවින් මෙවන් බලපෑම් ඉදිරියටත් සිදුවීම වැළැක්වීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා සියළු දේශපාලන පක්ෂ, සමාජ ක්‍රියාකාරීන් සහ පොදු ජනතාව අත්වැල් බැඳගත යුතු බව අවධාරණය කරමු.

අදාල රැස්වීමට කැදවීම් කොට ඇති ලිපියේ අන්තර්ගත කරුණු ප්‍රකාරව ගම්‍ය වන්නේ අන්තනෝමතික ලෙස අධිකරණය වෙත දේශපාලන බලපෑම් කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපයයි.

අපක්ෂපාතී අධිකරණය සමග සෙල්ලම් කිරීමට කිසිදු බලවේගයකට අයිතියක් හෝ බලයක් නැති බව අවධාරණය කරමු.
එහි ස්වාධීනත්වය වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට අප පසුබට නොවෙමු.

◼️ව්‍යවස්ථාදායකය  විධායකය අධිකරණය යන  ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුලුණු තුන එකිනෙකට ගරුකිරීම රටක ප්‍රගමනයට අත්‍යවශ්‍යය.එහි සංවරණ සහ තුලනය අත්‍යාවශ්‍ය ය. එයින් එක් කුලුණක හෝ සමබරතාව නොබිදෙන ලෙස කටයුතු කිරීම පැහැර හැරිය නොහැකි වගකීමකි.

අධිකරණයට අත පොවා බලපෑම් කළ කුප්‍රකට ඉතිහාසය අපට අමතක නැති අතර එකී අඳුරු සෙවනැලි නැවත හොල්මන් කිරීමට ඇති සියලු උත්සාහයන් නිෂ්චිතව පරාජය කරමු.

ජනතා පරමාධිපත්‍යය , 
හා අධිකරණයෙ ස්වාධීනත්වය අභියෝගයට ලක්නොවන්නට අපි කැපවන අතර ඒ වෙනුවෙන් නායකත්වය ගැනිමටද කිසිදු විටෙක පසුබට නොවන්නෙමු.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක 

SendShareShare
Previous Post

රෝහල්වල ඉඩ නෑ! කොළඹ මුස්ලිම් පල්ලිය කොරෝනා මධ්‍යස්ථානයක් කරන්න සූදානම්!

Next Post

රඟපාලා සල්ලි ඉල්ලද්දි නැති ප්‍රශ්න…

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.