කිරිපිටි ආනයනය කරන නවසීලන්ත සමාගම හා ආණ්ඩුව අතර අබිරහස් ගනුදෙනුවක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කරයි.
ආණ්ඩුව කිරිපිටි බදු ඉවත් කළේ කිරිපිටි රැගත් නැව් කිහිපයක් වරායට පැමිණීමෙන් පසු බව ආණ්ඩුවට හිතවත් ගුණදාස අමරසේකර මහතාම ලිපියක් මගින් අනාවරණය කොට ඇත බවද ඒ මහතා කීය.
වැඩිදුරටත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ බද්ද ඉවත් කළ ආකාරයටම ඉදිරියේදී කිරිපිටි මිල යළි ඉහළ දැමීමේ තත්ත්වයක්ද මතුව ඇති බවකි.










