ලක්ෂ 4 ක ජනගහනයක් වෙසෙන කැන්බරා අගනුවරින් හිටිහැටියේ එක් ‘කොවිඩ් 19’ ආසාදිතයකු හමුවීමත් සමග ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර අද (12) සිට සතියක කාලයක් සඳහා හදිසියේ ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කළේය.
කැන්බරා අගනුවරින් මෙසේ ‘කොවිඩ් 19’ ආසාදිතයකු හමුවූයේ වසරකට පමණ පසුව යැයි ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
හමුවුණු ආසාදිතයා තරුණයකු යැයි පැවැසෙයි.
ඔහුට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි යන්න නිවැරදිව තහවුරු කර ගැනීමට නොහැකි වූ බැවින්, සතියක් අගනුවර එසැණින් වසා දැමීමට සෞඛ්‍ය අංශ තීරණය කළ අතර නගර බලධාරීන්ගේ අනුමැතිය ඊට හිමිවිය.










