• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා ගණන්හිලව් අලි බොරුවක්! ගම්පහ දින 9ට රෝගීන් 12,555ක්! රටට කිව්වේ 3,629යි!

August 12, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
කොරෝනා ගණන්හිලව් අලි බොරුවක්! ගම්පහ දින 9ට රෝගීන් 12,555ක්! රටට කිව්වේ 3,629යි!
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය අංශ නිකුත්කරන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛන සහ දත්ත සම්බන්ධයෙන් මේ වනවිට දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ.

එවන් පසුබිමක සත්‍ය දත්ත කුමක්ද යන්න පිළිබඳව ද මතුව ඇත්තේ ගැටලුවකි. 

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 7,000කට වැඩි පිරිසක් නිසි අධීක්ෂණයක් නොමැතිව සිටින බවට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී අනාවරණ විය.

එමෙන්ම නැගෙනහිර පළාතෙන් 10 වැනිදා හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳව ද විශාල පරස්පරතාවක් පවතින බව අනාවරණ විණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන කමිටුව රැස්වූ අතර එහිදී දිස්ත්‍රික්කය තුළ කිසිදු අධීක්ෂණයක් නොමැතිව ආසාදිතයින් 7,000කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට එහිදී අනාවරණය විය.

මෙරට කොවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

පසුගිය අගෝස්තු 01 වනදා සිට අගෝස්තු 09 දක්වා දින 09 සැලකීමේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ බවට වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3629කි.

කෙසේ වෙතත්, එම දින 09 තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12,555 දෙනෙකු වාර්තාවී ඇති බව ඊයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී අනාවරණය වුණි.

එනම් එම කාලසීමාව තුළ වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා ආසාදිතයින් 8,926ක් වැඩියෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව ඒ අනුව පැහැදිලිය.

මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් නම් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවට සැලකිය හැකි දෛනික ආසාදිතයින්ගේ සාමාන්‍ය 1,395ක් වැනි ඉහළ අගයක් ගැනීමය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙලෙස දින 09 කදී වාර්තා වූ ආසාදිතයින් 12,555 දෙනා සැලකීමේදී ඉන් රෝහල්ගත කර තිබෙන සංඛ්‍යාව 4046ක් ලෙස දැක් වෙයි.

එනම් අදාළ දින 9ක කාලය තුළ වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ සමස්ත ආසාදිතයින් ගණන වූ 3,629ද ඉක්මවා ආසාදිතයින් ප්‍රමාණයක් රෝහල්ගතකර තිබෙන බව පෙනීයයි.

තවත් 1,506 දෙනෙකු නිවෙස් තුළ ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද ඊයේ වාර්තා විණි.

සමස්තයක් ලෙස සැලකීමේදී ආසාදිතයින් 8,900කට වැඩි සංඛ්‍යාවක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තානොවී තිබීම ප්‍රශ්නාර්ථයක් මතුකරන්නකි.

මේ අතර කොවිඩ් ආසාදිතයින් පිළිබද සංඛ්‍යාවල අවුල්සහගත තත්ත්වයක් පවතින පසුබිමක නැගෙනහිර පළාතේ ආසාදිතයින්ගේ සංඛ්‍යා දත්තවල පරස්පරතාවක් මතුවන්නේ නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අනාවරණයකළ දත්ත කිහිපයක් හේතුවෙනි. 

ඔහු පැවසුවේ පසුගිය පැය 24 තුළ නැගෙනහිර පළාතේ ආසාදිතයින් 837ක් වාර්තාවී ඇති බවය.

ඒ අනුව, ඊයේ රජය නිකුත් කළ දත්තවලට අනුව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45 ක් සදහන් වුවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දත්තවලට අනුව එය 342ක් විය යුතුය. 

එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71ක් ලෙස රජයේ දත්තවල සඳහන් වුවද එය 163ක් බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේද ඊයේ ‍රජය තහවුරු කළ සටහනේ දැක්වෙන්නේ ආසාදිතයින් 78ක් වුවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දත්තවලට අනුව එය 332ක් ලෙස දැක්වෙයි.

එබැවින් දත්තවල ඇති අවුල් සහගත තත්ත්වයක් මනාව පිළිබිඹු වෙයි. -(අද දෙරණ)

SendShareShare
Previous Post

ගැබිණියන් කියන දේ අහන්නේ නෑ! ලක්ෂ 2කින් එන්නත අරන් ඇත්තේ 3000යි! දැනට 19ක් මරුට! 700ක් රෝහලේ!

Next Post

එපා කියද්දීත් පුරාවිද්‍යාව ඇතුළේ පිංකමක් කරලා! හිමිනමකට කොරෝනා! ඇමැති විදුර පරීක්ෂණ අරඹයි!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.